ඔලිම්පික් වරම් සොයා ශ්‍රී ලංකාවෙන් හතරක් ඩුබායි යති

341

එළඹෙන මැයි මස 03 වැනිදා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී ආරම්භ වීමට නියමිත ඩුබායි ග්‍රෑන්ඩ් ෆික්ස් තරගාවලිය සඳහා ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් සිව් දෙනෙක් සහභාගි වීමට නියමිතව සිටිති.

මීටර් 100 ඉසව්ව නියෝජනය කරමින් පොදුරාජ්‍ය මණ්ඩල පදක්කම් ලාභී යුපුන් අබේකෝන්, ආසියානු රන් පදක්කම් ලාභී තරුෂි කරුණාරත්න සහ ගයන්තිකා අබේරත්න කාන්තා මීටර් 800 ඉසව්වෙන් ද, නදීශා රාමනායක කාන්තා මීටර් 400 ඉසව්වෙන් ද එහිදී තරග වැදීමට නියමිතය.

එම තරග සඳහා සහභාගි වීමට යුපුන් අබේකෝන් ඉතාලියේ සිට පැමිණීමට නියමිත වේ.

මෙම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට තරගාවලියට සහභාගි වීමෙන් එළඹෙන පැරිස් ඔලිම්පික් උළෙලට සුදුසුකම් ලබා ගැනීමේ අවස්ථාවක් නිර්මාණය වනු ඇත.

යුපුන්ගේ හොඳම ඉසව් නිමි කාලය තත්පර 9.96ක් වන අතර, ඒ අනුව ඔහුට ඔලිම්පික් සුදුසුකම් ලබා ගැනීමට වැඩි අවස්ථාවක් ඇත.

පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උළෙල වෙනුවෙන් සුදුසුකම් ලබා ගැනීමේ අවසන් දිනය එළඹෙන ජුනි මස 30 වැනි දාය.

කුෂාන් සුබසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment