ඔවුන් තනි කරනු එපා – මාලිංග ප්‍රේක්‍ෂකයන්ට කියයි

199

ශ්‍රී ලංකා කණ්ඩායමේ දුර්වලතා නොතකා පිරිමි කණ්ඩායමට අඛණ්ඩව සහයෝගය ලබාදෙමින් ඔවුන්ට ශක්තියක් වන ලෙස ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු වේගපන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයන්ගෙන් ඉල්ලා සිටී.

ෆේස්බුක් සමාජ ජාලය ඔස්සේ ප්‍රකාශයක් කරමින් ලසිත් මාලිංග පවසා ඇත්තේ කණ්ඩායම විවේචනය කිරීමෙන් ඔවුන්ගේ දියුණුවක් සිදු නොවන බවය.

ඉන්දියාවට එරෙහි මීළඟ තරගය ඇතුළු කණ්ඩායම සහභාගි වන තරග නැරඹීම සඳහා ප්‍රේක්‍ෂකයන්ට සහභාගි වන ලෙසත් තරග වර්ජනය කිරීමට කටයුතු නොකරන ලෙසත් ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටියේය.

ශ්‍රී ලාංකිකයන් ක්‍රීඩකයන්ව විවේචනය කළහොත් ක්‍රීඩාව කිසිදා දියුණු නොවන බව මාලිංග තවදුරටත් සඳහන් කරයි.

පුහුණුකරු කවුරුන් වුවත් අවසානයේ එය රඳා පවතින්නේ පිටියේ සිටින ක්‍රීඩකයා මත බවත්, ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව දියුණු කිරීමට විසඳුමක් සොයාබැලිය යුතු බවත්, එම වගකීම ජනතාවට ද තිබෙන බවත් මාලිංග වැඩිදුරටත් සඳහන් කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment