ඔස්කාර් සම්මාන උළෙලේදී මතක හිටින කනේ පහරක්!

361

මෙවර ඔස්කාර් සම්මාන උළෙලේදී හොඳම නළුවා සම්මානය දිනාගත් විල් ස්මිත් එහි නිවේදක කටයුතු කළ ක‍්‍රිස් රොක්ට කම්මුල් පහරක් දීම බරපතළ ආන්දෝලාත්මක සිද්ධියක් විය.

රොක් විසින් විල් ස්මිත්ගේ බිරිය වන පින්කට් ස්මිත්ට කළ විහිළුවක් නිසා උරණව ප‍්‍රකට නළුවා විසින් මෙම පහරදීම කර ඇත. විල් ස්මිත් රොක්ට කනට පහරදෙන වීඩියෝව ඊයේ (28 දා) දිනය පුරාම සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය විය. විල් ස්මිත්ගේ බිරිඳ හිසකෙස් හැලීමේ රෝගයකින් පීඩාවිඳින අතර නිවේදකයා ඒ සම්බන්ධව පැවසූ කරුණු සම්මානලාභී නළුවා කෝප කරවන්නක් විය.

මේ සිද්ධිය සම්බන්ධයෙන් විල් ස්මිත් පසුව සමාව ඉල්ලා ඇත. 94 වැනි ඔස්කාර් සම්මාන උළෙල ඉකුත් ඉරිදා (27 දා) රාත‍්‍රියේ ලොස් ඇන්ජලීස් නුවරදී පැවැත්විණි.

මෙම පහරදීම ඔස්කාර් සම්මාන උත්සවයකදී සිදුවූ අමිහිරිම සිද්ධිය ලෙසට ඉතිහාස ගතවන බව බටහිර මාධ්‍ය කියයි.

චතුර පමුණුව
 

advertistmentadvertistment
advertistmentadvertistment