ඔස්‌ට්‍රේලියානු ‘ඒ’ කණ්ඩායම සහ ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම අතර ක්‍රියාත්මක සිව්දින ක්‍රිකට් තරගයේ තෙවැනි දිනය නිමාවන විටදී සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කරන ඔස්‌ට්‍රේලියානු ‘ඒ’ කණ්ඩායම කඩුලු 5ක් දැවී ලකුණු 212ක් ලබා සිටියේය. ඒ අනුව ඔවුන් ශ්‍රී ලංකා ‘ඒ’ පළමු ඉනිමට වඩා ලකුණු 317ක් ඉදිරියෙන් පසුවේ.
තෙවැනි දිනට ඊයේ උදෑසන තරගය ආරම්භ කරන විටදී සිය පළමු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම කඩුලු 8ක් දැවී ලකුණු 250ක් ලබා සිටියේය. ඊයේ උදෑසන ඊට තවත් ලකුණු 24ක් පමණක් එක් වෙද්දී ශ්‍රී ලංකා පළමු ඉනිම අවසන් කර දැමීමට ඔස්‌ට්‍රේලියා ‘ඒ’ පන්දු යවන්නෝ සමත්වූහ.
ඒ අනුව ශ්‍රී ලංකා ‘ඒ’ පළමු ඉනිමට වඩා ලකුණු 105ක් ඉදිරියෙන් සිටිමින් සිය දෙවැනි ඉනිම ආරම්භ කළ ඔස්‌ට්‍රේලියානු ‘ඒ’ පිතිකරුවෝ ඊයේ දිනයේදී සූරියවැව තණතීරුවේදී වේගයෙන් ලකුණු රැස් කරමින් ශ්‍රී ලංකා පන්දු යවන්නන් වෙහෙසට පත් කළහ.
ඔස්‌ට්‍රේලියා පළමු කඩුලු 3 පිළිවෙළින් මුළු ලකුණු 61, 62 සහ 67දී බිඳ වැටිණි. අනතුරුව පිටියට එක් වූ නික් මැඩින්සන් සහ ජෝස් පිලිප් ලකුණු 111ක ලකුණු සම්බන්ධතාවක් දියත් කරමින් ඔස්‌ට්‍රේලියානු ඉනිම ශක්තිමක් කළේය.
නික් මැඩින්සන් ලකුණු 59ක් වාර්තා කළ අතර ජෝස් පිලිප් ලකුණු 69ක් රැස් කළේය.
ලකුණු සාරාංශය
ඔස්‌ට්‍රේලියා ‘ඒ’ පළමු ඉනිම 379/10
ශ්‍රී ලංකා ‘ඒ’ පළමු ඉනිම 274/10
ඔස්‌ට්‍රේලියා ‘ඒ’ දෙවැනි ඉනිම කඩුලු 5ක් දැවී ලකුණු 212යි (මාක්‍රොස් හැරිස් 32, මැට් රෙන්සෝ 32, නික් මැඩින්සන් 59, ජෝස් පිලිප්ස් 69, ලක්ෂිත මුනසිංහ 83/2)