සංචාරක ඔස්ට්‍රේලියා ක්‍රිකට් කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර තරග තුනකින් සමන්විත විස්සයි-20 තරගාවලියේ පළමු තරගයෙන් ලකුණු 28ක ජයක් ලැබීමට ඔසට්‍රේලියා කණ්ඩායම සමත්විය.
එංගලන්තයේ සවුත්හැම්ප්ටන්හිදී (11 දා) පැවැති මෙම තරගයේ පළමුව පන්දුවට පහර දුන් ඔස්ට්‍රේලියානු කණ්ඩායම පන්දුවාර 19යි පන්දු 3ක් අවසානයේ සියලුදෙනා දැවී ලකුණු 179ක් ලබාගැනීමට සමත්වූ අතර එයට පිළිතුරු ලෙස සත්කාරක එංගලන්ත කණ්ඩායමට ලබාගැනීමට හැකිවූයේ පන්දුවාර 19යි, පන්දු 02ක් අවසානයේ සියල්ලන් දැවී ලකුණු 151ක් පමණි. ඒ අනුව ඔවුන්ට ලකුණු 28ක ජයක් හිමිවූ අතර තරග තුනකින් සමන්විත විස්සයි-20 තරගාවලිය 1-0ක් ලෙස පෙරමුණ ගැනීමට ද ඔස්ට්‍රේලියාවට හැකි විය.
ඔස්ට්‍රේලියාව වෙනුවෙන් විශිෂ්ට ඉනිම් දෙකක් ක්‍රියාත්මක කිරීමට ට්‍රැවීස් හෙඩ් සහ මැතිව් ෂෝට් සමත්වූ අතර ට්‍රැවීස් හෙඩ් පන්දු 23කින් ලකුණු 59ක් ලබාගැනීමට සමත්වූ අතර ඔහුගේ ඉනිමට හයේ පහර 4ක් සහ හතරේ පහර 8ක් ඇතුළත් වීම කැපී පෙනිණි. මැතිව් ෂෝට් පන්දු 26කින් ලකුණු 41ක් ලැබීය. ඊට අමතරව ජෝස් ඉන්ග්ලිෂ් ලකුණු 37ක් සහ කැමරන් ග්‍රීන් ලකුණු 13ක් ලබාගැනීමට සමත්විය.
පන්දු යැවීමේදී ලියාම් ලිවිස්ටන් ලකුණු 23කට කඩුලු 3ක්, ශකීබ් මොහොමඩ් ලකුණු 21කට කඩුලු 2ක්, ජොෆ්ර ආචර් ලකුණු 31කට කඩුලු 2ක්, සෑම් කරන් සහ අදීල් රෂීඩ් අතරේ කඩුල්ල බැගින් බෙදී ගියේය.
එංගලන්ත කණ්ඩායම වෙනුවෙන් පන්දුවට පහර දීමේදී කිසිදු පිතිකරුවකුට සාර්ථක වීමට ඔස්ට්‍රේලියානු පන්දු යවන්නන් ඉඩ නොදුන් අතර ඒ අනුව ලියම් ලිවිස්ටන් ලකුණු 37ක්, පිල් සෝල්ට් ලකුණු 20ක්, සෑම් කරන් ලකුණු 18ක් සහ ජෝඩන් කොෂ් ලකුණු 17ක් ලැබීය.
විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ සෑන් අබ්බෝට් ලකුණු 28කට කඩුලු 3ක්, ඇඩම් සැම්පා ලකුණු 20කට කඩුලු 2ක්, ජොස් හේසල්වුඩ් ලකුණු 32කට කඩුලු 2ක් බිඳහෙළීය.
තරගයේ වීරයා ලෙස පන්දු 23කින් ලකුණු 59ක් ලබාගත් ට්‍රැවීස් හෙඩ් සමත්වූ අතර තරගාවලියේ දෙවැනි තරගය අද (13දා) ආරම්භ වීමට නියමිතව ඇත.
සිසිර ඉන්ද්‍රජිත්