ඔස්ට්‍රේලියාවේ අවුරුදු 16ට අඩු ළමුන්ට සමාජ මාධ්‍ය තහනමක් – එරට අගමැති නිවේදනය කරයි

464

චීන ටික්ටොක් කැනඩාවේ නවත්වයි

වයස අවුරුදු 16ට අඩු ළමුන් සඳහා සමාජ මාධ්‍ය ජාල (සෝෂල් මිඩියා) භාවිතය නීතියෙන් තහනම් කිරීමට ඕස්ට්‍රේලියානු රජය විසින් තීරණය කර තිබේ. මෙම තහනමට අදාළව ඕස්ට්‍රේලියානු රජය විසින් සකස් කර තිබෙන ලොව ප්‍රමුඛ පෙළේ නීති මාලාව ලබන සතියේ දී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව ඕස්ට්‍රේලියානු අගමැති ඇන්තනී ඇල්බනිස් පවසයි. මෙම නීති මාලාව පාර්ලිමේන්තුවේ දී සම්මත වීමෙන් පසු මාස 12ක කාලයක් ඇතුළත දී ක්‍රියාත්මක වීමට නියමිතව ඇති බව වාර්තාවේ.

ඕස්ට්‍රේලියානු අගමැතිවරයාට අනුව සිය රජය වයස අවුරුදු 16ට අඩු ළමුන් සඳහා සමාජ මාධ්‍ය ජාල භාවිතය තහනම් කිරීමට යනුයේ එම මාධ්‍ය ජාල භාවිත කිරීමෙන් ළමුන්ට සිදුවන හානිය අවම කිරීමේ අරමුනිණි. දැනටමත් ෆේස්බුක්, ඉන්ස්ටර්ගැම් ඇතුළු සමාජ මාධ්‍ය ජාල වෙත පිවිසිය හැකි අවම වයස් සීමාව අවුරුදු 13 ක් ලෙස සැලකුණද එවැනි වයස් සීමාවක් නියම කිරීම සඳහා අවශ්‍ය දැඩි නීතිරීති මාලාවක් ලොව බොහෝ රටවල නොපවතින බව විදෙස් මාධ්‍ය පෙන්වා දෙයි.

ඕස්ට්‍රේලියාව විසින් වයස අවුරුදු 16ට අඩු ළමුන් සඳහා සමාජ මාධ්‍ය ජාල භාවිතය තහනම් කිරීම සඳහා පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීමට යන නව නීති මාලාව ඕස්ට්‍රේලියානු මවුවරුන් හා පියවරුන් වෙනුවෙන් සකස් කර ඇති බවත් එම දෙමවුපියන්ද තමා මෙන්ම අන්තර්ජාලය වෙත පිවිසෙන ළමුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් කණස්සල්ලෙන් පසු වන බව අගමැති ඇල්බනිස් පවසා තිබේ. රජය මෙම කාරණයේදී දෙමවුපියන්ට සිය සහය ලබාදෙන බව මතක තබා ගන්නැයි ඕස්ට්‍රේලියානු අගමැතිවරයා සඳහන් කර තිබේ.

ඕස්ට්‍රේලියානු රජය විසින් ලබන සතියේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට යන ළමයින්ට සමාජ මාධ්‍ය ජාල වෙත පිවිසීම සීමා කිරීමේ නීතිරීතිවල අන්තර්ගත බොහෝ කරුණු මෙතෙක් අනාවරණය කර නැතත් මෙවැනි නීතිරීති හරහා සමාජ මාධ්‍ය ජාල වෙත පිවිසීම තහනම් කර ඇති වයස් කාණ්ඩවල ළමයින් සිය මාධ්‍ය ජාල වෙත පිවිසීම වැළැක්වීම සඳහා සාධාරණ පියවර ගන්නා බවට පෙන්වීමේ වගකීම සමාජ මාධ්‍ය ජාල හිමිකරුවන්ට පැවරෙන බව ඕස්ට්‍රේලියානු අගමැතිවරයා අවධාරණය කර තිබේ. කෙසේ වුවද මෙම තහනම දැනටමත් සමාජ මාධ්‍ය ජාලවලට සම්බන්ධව සිටින තරුණ පිරිස්වලට අදාළ නොවන බව ඕස්ට්‍රේලියානු බලධාරීහු පවසති. මේ අතර මෙසේ රජය විසින් හඳුන්වා දීමට යන නව සමාජ මාධ්‍ය ජාල නීතිරීති විවේචනය කර ඇති ලොව ප්‍රකට චීන සමාජ ජාලයක් වන ටික්ටොක් සමාජ මාධ්‍ය ජාලයේ කැනේඩියානු කාර්යාලය ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් මතුව ඇති ගැටලු සැළකිල්ලට ගෙන වහාම වසා දමන ලෙස කැනේඩියානු රජය විසින් ටික්ටොක් අයිතිකරුවන් වෙත නියෝග කර තිබේ.

ඒමන්ති මාරඹේ


advertistmentadvertistment