ඔස්ට්‍රේලියාවේ කම්හලක ගින්නෙන් මෙල්බර්න් නගරයට අවදානමක්

382

ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නගරයේ පිහිටි රසායන ද්‍රව්‍ය කමහලක හටගෙන ඇති ගින්නක් හේතුවෙන් නගරයේ බටහිර කොටසෙහි වායුගෝලය හා ජලය දූෂණය වී ඇති බව විදෙස් මාධ්‍ය පවසයි. මේ හේතුවෙන් ගින්න හටගෙන ඇති රසායන ද්‍රව්‍ය කම්හල පිහිටි ප්‍රදේශයට යෑමෙන් වළකින්නැයි ඔස්ට්‍රේලියානු බලධාරීන් බාටහිර මෙල්බර්න් නගරයේ පදිංචි ජනතාවගෙන් ඉල්ලීමක් කර තිබේ. පෙරේදා (10දා) සවස 2.00 සිට පිපිරීමක් සමග අදාළ කර්මාන්තශාලාවේ හටගෙන ඇති ගින්න ඊයේ දිනයේත් ව්‍යාප්ත වෙමින් පැවති අතර එය නිවා දැමීම සඳහා පැමිණ සිටින ගිනි නිවන හමුදා භටයන් 180 දෙනකු හා ගිනි නිවන ට්‍රක් රථ 50කට අධික සංඛ්‍යාවකට ගින්න පාලනය කිරීම සඳහා මහත් පරිශ්‍රමයක් දැරීමට සිදුව තිබේ. අදාළ රසායන කම්හල් ගින්න තවත් දින කිහිපයක් පවතිනු ඇතැයි බලධාරීහු පවසති

advertistmentadvertistment
advertistmentadvertistment