ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නගරයේ ගෙවත්තකින් සර්පයෝ 102 ක් ඉවත් කෙරෙති

709

ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නගරයේ ගෙවත්තක සිටි සර්පයන් 102 දෙනෙකු සොයාගැනීමට සර්පයන් අල්ලන පුද්ගලයෙකුට හැකි වී තිබෙන බව ඔස්ට්‍රේලියානු මාධ්‍ය විසින් වාර්තා කර තිබේ. සිඩ්නි නගරයේ තදාසන්න ප්‍රදේශයක පිහිටි නිවසක ගෙවත්තේ සිටියදී මෙම සර්පයන් රංචුව සොයා ගෙන ඇති අතර එම සර්පයන් අතර වැඩිහිටි සර්පයන් 05 දෙනකු හා අලුත උපන් සර්ප පැටවුන් 97 දෙනෙකු සිට තිබේ.

සිය ගෙවත්තේ සර්පයන් දෙදෙනකු සැරිසරන බව දැක ඇති නිවෙස් හිමියා විසින් සිඩ්නි නගරයේ සර්පයන් ඉවත් කරන ආයතනයකට ඒ බව දැනුම් දී ඇති අතර එහි ගිය සේවකයන් විසින් මෙම සර්ප රංචුව ඇසුරුම්වල දමමින් ඉවත් කර තිබේ.

මෙහි ඇති විශේෂත්වය වනුයේ ගැබිනි සර්ප ධේනුවක් ඇසුරුමට ඇතුළු කළ පසු සේවකයන් ඉදිරියේම එම සර්ප ධේනුව පැටව් බිහි කිරීම බව එම සේවකයන් මාධ්‍යයට පවසා තිබේ. මෙම තත්ත්වය හේතුවෙන් සර්පයන් ඉවත් කිරීමේ ආයතනයේ සේවකයනට සර්ප රංචුව ඉවත් කිරීමට පැය තුනක පමණ කාලයක් ගත වී තිබේ.


advertistmentadvertistment