ඔස්ට්‍රේලියාවේ ක්වින්ස්ලන්ත ප්‍රාන්තයට අයත් කේන්ස් නගරයේ පිහිටි හිල්ටන් හෝටලයට ඊයේ (12දා) උදෑසන චොපර් වර්ගයේ හෙලිකොප්ටර් යානයක් කඩා වැදීම හේතුවෙන් එම හෙලිකොප්ටර් යානයේ ගුවන් නියමුවා මියගොස් ඇති අතර එම අනතුර හේතුවෙන් හටගත් ගින්න නිසා හිල්ටන් හෝටලයේ සිටි අමුත්තන් සිය ගණනක් ඉවත් කර තිබේ. අනතුරෙන් තුවාල ලැබූවන් දෙදෙනකු රෝහල්ගත කර ඇති අතර ඔවුන්ගේ තත්ත්වය බරපතළ නොවන බව වාර්තා වේ.
ක්වීන්ස්ලන්ත පොලිසියට අනුව හිල්ටන් හෝටලයට කඩා වැටී ඇති හෙලිකොප්ටර් යානයේ ගමන් කර ඇත්තේ අනතුරෙන් මියගොස් ඇති ගුවන් නියමුවා පමණක් වන අතර අදාළ හෙලිකොප්ටරය ගුවන් නියමුවා විසින් ගුවන්ගත කර ඇත්තේ අවසරයකින් තොරව බව එය අයත් ගුවන් සමාගම විසින් පවසා තිබේ. මෙම හෙලිකොප්ටර් යානා අනතුරට මුල් වූ හේතුව අනාවරණය වී නොමැති අතර ඒ සම්බන්ධයෙන් ක්වින්ස්ලන්ත බලධාරීහු පරීක්ෂණයක් පවත්වයි.