ලංකාවේදී ඊයේ (18දා) ආරම්භ වූ ශ්‍රී ලංකා මානව ප්‍රාග්ධන සමුළුව 2024 සඳහා සහභාගිවීමට පැමිණි ඔස්ට්‍රේලියාවේ 30 වැනි අගමැතිවරයා වන ස්කොට් මොරිසන් මහතා කොළඹ, හුනුපිටිය ගංගාරාම විහාරස්ථානය ද ඊයේ (18දා) වැඳපුදා ගත්තේය.
2018-2020 දක්වා කාලයේ කම්කරු පක්ෂයේ නායකයා මෙන්ම අගමැතිවරයා ලෙස කටයුතු කළ ඒ මහතා කොළඹ හුනුපිටිය ගංගාරාම විහාරස්ථානයේ ගංගාරාම විහාරාධිකාරී ආචාර්ය කිරින්දේ අස්සජී හිමියන්ගෙන් විශේෂ ආශිර්වාදයක් ලබා ගත්තේය.