ඔහු අප හැරගොසින් අදට වසර 11 යි

605

ජීවන ගමනේ තනිකම රන්දා ඔහු කැලණි පාලමෙන් සදහටම එගොඩ වෙලා

 ආර්. ආර්. සමරකෝන්ගේ ජීවිත කැදැල්ලේ මතකය රම්‍යා වනිගසේකර මීවිතට ලියයි

 ආර්. ආර්. සමරකෝන් නමැති අති සාර්ථක නිර්මාණකරුවා මෙරට වේදිකා නාට්‍ය කලාව වෙනුවෙන් කළ මෙහෙවර අති විශාලය. 1968 වසරේ ලෙඩක් නැති ලෙඩෙක් නමැති වේදිකා නාට්‍ය නිෂ්පාදනය කිරීමෙන් වේදිකාවට ගොඩවුණු ඔහු ඉන් අනතුරුව චරිත දෙකක් (1969) අහසින් වැටුණු මිනිස්සු (1971) ඉඩම (1975), කැලණි පාලම (1978) ජේලර් උන්නැහේ (1986) විලි (1990) රජ කතාව (1992) සහ කකුල් හතරේ ඉලන්දාරියා (2007) ආදී නිර්මාණ වේදිකාවට දායාද කළේය.


 සිංහල නාට්‍ය වංශ කතාවේ හැරවුම් ලක්‍ෂ්‍යය සටහන් කළ ආර්. ආර්. සමරකෝන් සූරීන් 2010 අගෝස්තු 01 වැනිදා සියල්ල අනිත්‍ය බව පසක් කරමින් අප හැර ගියේය. මේ අති සාර්ථක නිර්මාණකරුවා අප හැර ගොසින් අදට (අගෝස්තු 01 වැනිදා) වසර 11 ක් සපිරේ. ඔහුගේ දයාබර බිරිඳ රම්‍යා වනිගසේකර මීවිතට මේ සටහන තබන්නේ ඒ නිමිත්තෙනි.

 ආර්. ආර්. සමරකෝන් 11 වැනි වසර සැමරුම

 අගෝස්තු 01 දා පාන්දරින් කුකුල හඬන්නා

 අපි තැටිය අරං පෝලිමෙ යන්නා

 එළිවෙන ජාමේ පාන්දර ජාමේ

 එකට දෙකට තුනට විතර

 දෙනව බතල තම්බලා

 ඒව කන්න ලූණු නැතිකොට

 සිහිවෙනවා අම්මලා……

ඔහු අප හැරගොසින් අදට වසර 11 යි





 මේසයකට තට්ටු කරමින් ගීයක මිහිර විඳින්නට ඔහු දැඩි ලොල් බවක් දක්වයි. මධුවිත ටිකක් සප්පායම් වී ඇත්නම් ඔහුගේ මුව`ගට දිගින් දිගටම ගලා එන ගී පද වැල් අති රමණීයයි.

 ‘‘මෝරනවා පේ‍්‍රමේ හදේ’’ ‘‘ ඕලූ පිපිලා වෙල ලෙළදෙනවා.’’ මේ ගීත නිතර ඔහුගේ තොලග රැු`දුන ගී වෙයි. ගැයුම් ඉතාම ලයාන්විතය. හැ`ගුම් බරය. ගීතයකට පන පොවන්නේද එහි නිමැවුම්කරුවා මතු වී පෙනෙන අයුරිනි.

 මේ සුන්දර මිනිසා, සුන්දර කලාකරුවා අප අතරින් වියෝ වී මේ ගෙවෙන්නේ එකොළොස් වැනි වසරයි. එනමුදු මා සිත ඔහුගේ මතකය අවදි නොකරන දිනයක් නොමැත. මගේ සමරු පොතක තැබූ ඔබේ සටහනකි මේ.



 ‘‘සරා සඳ ගිලිහී

 වැටෙනා දින

 මම

 ඔබ අමතක කරමි

 සදාදර,

 ආර්. ආර්.’’

 සරා සඳ තවමත්

 අහසේ බැබළේ

 ඔබ

 අප අතැර ගොසින්

 විටෙක ජීවිතය කෙතරම් මිහිරිද, මරණය කෙතරම් අකාරුණිකද? ජීවිතයේ අනියත බව පසක් කරගෙන ඔබ වෙනුවෙන් මේ සටහන තබන්නට මගේ සිත මා පෙලඹවිය.



 ආර්. ආර් සමරකෝන් සූරීන් අති සාර්ථක නිර්මාණකරුවෙකි. ඔහු බොහෝ විට සිය පෑන මෙහෙය වූයේ ප‍්‍රශ්නවලින් දැවෙමින් ජීවන අරගලයක යෙදෙන පීඩිත පන්තිය වෙනුවෙනි. ඉඩම් අයිතිය, නිවාස ප‍්‍රශ්න, රැුකියා විමුක්තිය, මානව අයිතිය වැනි අනේකවිධ ගැටලූ ඔහු වේදිකාව මත සාකච්ඡුා කළේ පේ‍්‍රක්‍ෂක, විචාරක, බුද්ධිය විවර කරවමිනි. ඔහුගේ රචනා ශෛලිය රංග පරචය. එය ඉක්මවා යා හැකි රචකයන් අද වේදිකාව මත ඉතා අල්පය. ආර්. ආර්. නාමය වේදිකාවට සුවිශේෂී නමක් ලෙස මතකයේ රැුඳුනද, ඔහු අතින් ලියැවුණු නවකතාද පාඨක සිත පැහැරගත්තේ නිරායාසයෙනි. ඔහු මුලින්ම ජනතාව අතර නමක් දිනාගත්තේ ගේ කුරුල්ලෝ නවකතාව 1971 වසරේදී ලියා පලකිරීමෙන් පසුවය. එම නවකතාව රුසියානු සහ දමිළ භාෂාවටද පරිවර්තනය වීම තවත් විශේෂත්වයක් විය. ‘ගේකුරුල්ලෝ’ නවකතාව 1971 වසරේ රාජ්‍ය සාහිත්‍ය උළෙලේදී හොඳම නවකතාව ලෙස සම්මානයට පාත‍්‍රවිය. ඉන් නොනැවතුනු මේ තරුණ නිර්මාණකරුවා එම වසරේම (1971) අහසින් වැටුණු මිනිස්සු’’ වේදිකා නාට්‍යයද රචනා කොට අධ්‍යක්‍ෂණය කර වේදිකාව මතට ගෙන ඒමට තරම් ශූරයකු විය. එම නාට්‍යය 1971 වසරේ රාජ්‍ය නාට්‍ය උත්සවයේදී හොඳම නාට්‍ය රචනය හොඳම නළුවා හොඳම සහය නිළිය හොඳම නිෂ්පාදනය වැනි සම්මාන ගණනාවකට හිමිකම් කියමින් සම්මානයට පාත‍්‍රවිය. ආර්. ආර්. සමරකෝන් නාමය වේදිකාවේ පේ‍්‍රක්‍ෂකාගාරයේ නොමැකෙන සටහනක් තබන්නට වාසනාව ලබා ගත්තේය.

 සමරකෝන් සූරීන්ගේ නවකතා කියැවූ පාඨක සමූහය ඔහු අතැර

 නොගොස් ඔහු පසු පසම හඹා එන්නට තරම් ඔහුගේ නිර්මාණ සාර්ථක විය. වේදිකාව මත අහසින් වැටුණු මිනිස්සු නාට්‍යය ර`ගදැක්වෙන විට ඉහතින් සාදාගත් පාඨක සමූහය ඔහු කෙරේ ලොබින් පේ‍්‍රක්‍ෂකයන් බවට පත් විය. ඒ ඔහු ලද තවත් ජයග‍්‍රහණයක් ලෙස හැඳින්විය හැක. ස්වෝත්සාහයෙන් දිනාගත් පේ‍්‍රක්‍ෂක කැල අතනෝහැර යෑම ඔහු ඉදිරියේ වූ ඊළ`ග අභියෝගය විය. නිර්මාණකරුවකු ලෙසත් රාජ්‍ය සේවකයකු ලෙසත් මෙය දරා ගැනීම සහ එයට සාර්ථකව මුහුණ දීම අතුරේ යෑම වැනිය. එයද ජයගැනීමට සමත් වූ නිසයි අද දවසේත් ආර්. ආර්. සමරකෝන් නාමය මෙලෙස අගයන්නට අපට හැකි වන්නේ.

 සමරකෝනුවන් රතු, නිල්, කොළ කහ වැනි පාට භේදයක් තැබූ නිර්මාණකරුවකු නොවන බවයි මගේ හැ`ගීම. මේ පාට සියල්ලම එකට අනාගත් විට සෑදෙන ගුරු පාට එනම් මහපොළවේ පාට ඔහුගේ පාට විය.

 පොළොවේ පස් කාගෙන සිටිනා මිනිසුන් ගැන පොළොවේ පය ගසා ගෙන ලියැවෙන අරුත් බර වැකි ජනතාව වෙනුවෙනි. සමරකෝන් වැනි රචකයන් නිර්මාණකරුවන් බිහිවූයේ ර`ගහල ශෛලියක නාට්‍යයන්ගේ පෝෂණය ලබමින් සිටි අවදියේයි. පවතින සමාජයේ දැවෙන ප‍්‍රශ්න කෙරෙහි පේ‍්‍රක්‍ෂක අවධානය යොමු කරනු වස් සිතන්නට පෙළඹුන රචකයන් අතර ආර්. ආර්. සමරකෝන් සුගතපාල ද සිල්වා, හෙන්රි ජයසේන, සයිමන් නවගත්තේගම පෙරමුණේ ලා තැබිය හැකිය.

 එසේ එදා වේදිකාවට අත්පොත් තැබූ ආර්. ආර්. නාමය අදත් වේදිකාවේ නොමැකී සටහන්ව තිබීම ජයග‍්‍රහණයක් සේ මම දකිමි. එවක සිටි සෑම රාජ්‍ය නායකයකුම එතුමන්ගේ නිර්මාණ රසවිඳීමට ර`ගහලට පැමිණි බව මට අද වගේ මතකය. රටේ ඉහළම පෙළේ රාජ්‍ය තාන්ත‍්‍රිකයන්, වෘත්තිකයන්, විද්වතුන්, විචාරකයන්, ලොකු පොඩි සමාජයේ සෑම ස්ථරයක්ම නියෝජනයන් ර`ගහල ආක‍්‍රමණය කළ අයුරු අදද සිහිපත් වෙයි. අප කණ්ඩායම වේදිකාව අතික‍්‍රමණය කළ අපූරුවට රසික ඔබ සාක්‍ෂි දරයි.



 සරණපාල –

 ඡුන්දෙ ඉවර වුණාම මොකද වෙන්නෙ. එතකොට ජයවේවා කියලා කෑගහපු එවුන් ඕනත් නෑ. මල් මාල දාපු එවුන් ඕනත් නෑ. එතකොට බොහොම ලස්සනට ඇවිත් නීතිය අකුරටම ක‍්‍රියාත්මක කරයි. මොකා රජ වුණත් කෙරුවාව ඕකයි.

 දේශපාලනේ කියන්නෙ උසාවියකින් දඬුවම් කරන්න බැරි කෛරාටික සූදුවක්. අපි හැම එකාටම කොළේ කොළේ බෙදා ගෙන යනවා. තුරුම්පු ටික උන් අතේ තියාගෙන අපි කතිරෙ ගැහුවත් එකයි උන්ට නැතත් එකයි.

 (කැලණිපාලම)



 පේ‍්‍රක්‍ෂකාගාරය ඔල්වරසන් දෙද්දී

 මද සිනාවෙන් දේශපාලකයාද නිර්මාණ රසය විඳිති.

 කලාකරුවෙකුට ලැබිය හැකි ඉහළම සම්මානය මේ ජනතා ප‍්‍රසාදය නොවේද



 රටට අවැසිම යුගයක ඔබ අප අතැර ගොසිනි. ජීවත්ව සිටියා නම් අද මේ සිදුවන දෑ ඔබ ගේ තෙවැනි ඇස කෙසේ නම් උකහා ගනීද? ජනතාව ඉදිරියේ නිර්මාණාත්මකව පෙළගස්වාවිද? අද මුළු ලෝකයම රුදුරු වසංගතයකින් වසා ගෙන ඇති මොහොතකි. එසේ වූවද රජය දුන් සහනයේ අවසරයෙන් කැලණි පාලම නාට්‍යය අගෝස්තු මස 15 වැනිදා ලයනල් වෙන්ඞ්ට් ර`ගහලේදී වේදිකාගත කිරීමට අප සූදානමින් සිටී. ඔබගේ නිර්මාණ සර්වකාලීනය. ඒ සියල්ල ආරක්‍ෂා කරගෙන මතු පරම්පරාවටද සජීවීව ඉදිරිපත් කිරීම මම යුතුකමක් සේ සලකමි. ඔබ වෙනුවෙන් කළ හැකි උසස්ම ගෞරවය එය ලෙස සලකමි.



 සිංහල නාට්‍ය වංශකතාවේ

 හැරවුම් ලක්‍ෂ්‍යය

 සනිටුහන් කළ කලාකරුවාණෙනි,

 දයාබර හිමියනි,

 මේ සටහන එකොළොස් වසරක

 හිදැස අතරිනි.



 රම්‍යා වනිගසේකර සමග දියණිය බුද්ධිකා

advertistmentadvertistment