ඔහු මගේ වීරයා…!

205

ඇත්තටම, මට නැතිවුණේ මගේ ජීවිතයේ වීරයා. මාත් එක්කම හිටපු මගේ මනුස්සයා.

 මම එයාගේ දරුවෙක් නෙමෙයි. එයා මගේ දරුවෙක්. මට මගේ දරුවා නැති වුණා වගේ වැඩක් තමයි වුණෙ එච්චරයි.

 තාත්තාගේ දේවල් නෙමෙයි. අපි අපේ දේවල් කරගෙන යනවා. හැමදේකටම තියෙන්න ඕනෑ නිමාවක්. තාත්තාටත් කවදාවත් එහෙම ආසාවක් තිබුණේ නෑ. අපිටත් එහෙමයි. මටවත්, මගේ සහෝදරයාටවත් එහෙම කිසිම ආසාවක් තිබුණේ නෑ. අපිට තාත්තාගෙන් ලැබුණ ආශීර්වාදය හොඳටම ඇති. අපිට තවම ශක්තිය තියෙනවා අපේ දෙයක් කරන්න. තාත්තාව සන්තෝස කරන්න ඕනෑ නම් අපි කරන්න ඕනෑ අපේ දෙයක්.

 ජිප්සීස් කියන්නේ මගේ තාත්තා. ඒක එයාගෙන් ඉවරයි. තාත්තත් එක්ක එකටම හිටපු සහෝදරයා මගේ බාප්පා පියල් පවා කියන්නේ ඒ කතාවමයි. තාත්තා නැතිව ජිප්සීස් කියන එකක් නෑ. ජිප්සීස් ඉවරයි. අපි ඒ දේ කරන්න වෙහෙසෙන්නෙත් නෑ. අපි අපේ දෙයක් කරලා තාත්තා ඉන්න තැනකින් තාත්තාව සන්තෝස කරන්න ඕනෑ. තාත්තාගේ අඩුව අපිට පුරවන්න බෑ. අපිට හිතන්නවත් බෑ ඒ දේවල් කරන්න පුළුවන් වෙයි කියලා. තාත්තාට තිබුණ දේ අපිට ලැබෙයිද දන්නෙත් නෑ. අපිට හැකි තරමින් අපේ දේ අපි කරනවා. තාත්තා කියන්නේ මගේ රජා. මගේ වීරයා ඒ මනුස්සයා කරපු දේවල් අපිට සන්සන්දනය කරන්න බෑ.

 අපි බොහෝම පුංචි පවුලක්. එයාට ඕනෑ වුණේ අපිත් එක්කම ඉන්න. කට්ටිය ගේ ආදරය ගැනයි එයා කතා වුණේ. අන්තිමට එයා අමාරු වෙලා ඉස්පිරිතාලෙට යනකොටත් මගේ දුව ගැනයි අපි ගැනයි එයා කරන්න යන දේවල් ගැනයි කතාකර කර ගියේ. ගයාන් හෙට (08 වැනිදා* ලංකාවට එනවා. ඔහු ලොකු කනස්සල්ලෙන් ඉන්නේ. තාත්තාගේ වියෝව මට ආරංචි වෙනකොට මම කොහොමද ගයාන්ට කියන්නේ කියලයි කල්පනා කළේ. ගයාන් ඒ සියල්ල දරාගෙන හෙට (08 වැනිදා* එනවා. එයත් අපේ පවුලත් එක්ක සුළු කාලයක් ඉඳලා ඇවිත් යයි. ඉතින් ඕක තමයි ජීවිතය.

 තාත්තත් එක්ක හිටපු රසිකයන්ට කියන්න තියෙන්නේ බොහොමත්ම ස්තුතියි කියලා. අපිවත් දැනගෙන හිටියේ නෑ තාත්තාට මේ තරම් පිරිසක් හිටියා කියලා. තාත්තා නැතිවුණු වෙලාවේ අපිට දැනුණා එයාට තිබුණු තැන. තාත්තා හැම වෙලාවේම කතාකළේ එකමුතුකම ගැන වගේම ආදරය ගැනයි. ඒ දේ අපි දැක්කා. අපිත් ලොකු පිනක් කරලා ඇති ඒ තාත්තාගේ දරුවන් වෙලා උපදින්න. තාත්තාගේ මියුසික්වලට ආදරය කරපු හැම කෙනාටම අපිට කියන්න තියෙන්නේ බොහොමත්ම ස්තුතියි කියලා විතරයි. ජිප්සීස් සින්දු එක්ක ඉන්න. හැමදාම අහන්න.

 ඔහුගේ සංගීතය ගැන තවම සැලසුම් නෑ. ඒ දේවල්වලට මොනවා හරි වෙන්න තියෙනවා නම් වෙයි, සිද්ධ නොවන්න තියෙනවා නම් නොවෙයි.

 බොරැුල්ල කනත්තේදී මට දැනුණේ නෑ මේ මිනී පෙට්ටියේ ඉන්නේ මගේ තාත්තා කියලා. ඒක මට හිතාගන්න බෑ. මගේ තාත්තා ද මේ පිච්චෙන්න යන්නේ කියලා මට හිතුණේ නෑ. තාත්තා තවම ගෙදර ඉන්නවා වගේ හැඟීමක් මට තියෙන්නේ. මම වෙන

 කාගේ හරි මළගෙදරකට ආවා වගේ හැඟීමක් මට ඇතිවුණේ.

 තාත්තා කියපු දේවල් යළි නරඹන්න. එයා කතා කරලා තියෙන දේවල් අධ්‍යයනය කරලා බලන්න. තාත්තා ජීවිතය ගැන හැමෝටම කියලා තියෙන්නේ. හැම කෙනෙකුටම කියලා තියෙන්නේ ආදරය ගැන පමණයි. තාත්තා කිසි දවසක කාටවත් වෛරයක් පතුරුවලා නෑ. කුහකකමක් කලේ නෑ. ඔහු කියලා තියෙන්නේ සියලූ සත්වයෝ එකයි කියලා. ලේබල් වැඩක් නෑ. අපි සියලූ දෙනා එකයි.

 ලොවේ සැමා එකම දැයේ

 දරුවන් වේවා

 වාද නැතේ භේද නැතේ

 ලස්සන ලොව හෙට අපට උදා වේවා

 අන්තිම හුස්ම ටික දක්වා තාත්තා හැමෝටම දුන්න උපදෙස ඕක තමයි.


 මම ජිප්සීස්  නායකගේ පුත් සජිත පෙරේරා

advertistmentadvertistment