ඖෂධ අවශ්‍යතාවයෙන් සියයට සියයක් මෙරට නිෂ්පාදනය කිරීම අපගේ බලාපොරොත්තුවයි

104

අපේ රටේ ඉතිහාසයේ ස්වර්ණමය යුගයන් රජරටින් ඇති කිරීමට රජවරුන් පෙරමුණ ගත්තා. අග‍්‍රගන්‍ය වෛද්‍යවරයකු වන බුද්ධදාස රජතුමා රජරට මුල්කරගෙන වෛද්‍ය ක්‍ෂේත‍්‍රය දියුණු කිරීමට සුවිශාල මෙහෙවරක් සිදු කළා. අපි නැවතත් සෞඛ්‍යය ක්‍ෂේත‍්‍රයේ දියුණුවට අවශ්‍ය කරන දායකත්වය රජරටින් ලබාදෙනවා යනුවෙන් ඉඩම් අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන මහතා පැවසීය.

ඉඩම් අමාත්‍යාංශ ශ‍්‍රවණාගාරයේ දී 15 දා පැවැති අනුරාධපුරය ඔයාමඩුවේ ඉදිකරන ඖෂධ නිෂ්පාදන කලාපයෙහි තෝරාගත් ආයෝජකයන් සඳහා ඉඩම් භුක්තිය භාරදීමේ උත්සවය අමතමින් අමාත්‍යවරයා එසේ පැවසීය.

ඔයාමඩුව දැයට කිරුළ ප‍්‍රදර්ශනය පැවැති භූමියේ අක්කර 80 ක් මෙම යෝජිත ඖෂධ නිෂ්පාදන කලාපය පිහිටුවීම සඳහා ඉඩම් අමාත්‍යාංශය මගින් අදාළ ආයෝජකයන්ට ලබා දීමට කටයුතු කර ඇත.

මෙම උත්සවය අමතා ඉඩම් අමාත්‍යවරයා වැඩිදුරටත් මෙසේද පවසන ලදී.

මෙම ව්‍යාපෘතියට වැයවන සමස්ත වියදම රුපියල් මිලියන 28,000 ක් වෙනවා. මෙයින් සෘජු හා වක‍්‍ර රැුකියා 7500 ක් ලබාදීමට හැකියාව ලැබෙනවා. අපි පිටරටින් ඖෂධ වර්ග 1350ක්් පමණ ගෙන්වනවා. නමුත් අපේ රටේ දැනට නිපදවන්නේ ඖෂධ වර්ග 138 ක් පමණයි. මෙම ව්‍යාපෘතිය මගින් ඖෂධ වර්ග
236 ක් නිෂ්පාදනය කිරීමට හැකියාව ලැබෙනවා. ඒ වගේම ශල්‍ය උපකරණ වර්ග 44ක් නිපදවීමටත් සැලසුම් කරලා තියෙනවා. ඖෂධවල සමස්ත අවශ්‍යතාවයෙන් අපි නිපදවන්නේ 15% ක් වැනි ඉතා සුළු ප‍්‍රමාණයක්. ඉතිරි ඖෂධ ආනයනය සඳහා වාර්ෂිකව රුපියල් බිලියන 130 ක් අපි වැය කරනවා.

2025 වනවිට අපේ ඖෂධ අවශ්‍යතාවයෙන් 100%ක් පමණ අපිටම නිපදවා ගත හැකි බවට ලොකු විශ්වාසයක් තියෙනවා.

advertistmentadvertistment
advertistmentadvertistment