රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව ඖෂධ නිෂ්පාදන නව ආයතන දෙකක් සහ විකලාංග උපකරණ නිෂ්පාදන ආයතනයක් ඉදිකිරීමට පියවර ගෙන ඇතැයි එහි සභාපති වෛද්‍ය උත්පල ඉන්ද්‍රවංශ මහතා පැවසීය.
මේ සඳහා හොරණ මිල්ලනිය ප්‍රදේශයේ අක්කර 65ක් 99 අවුරුදු බද්දට රජය විසින් ලබාදුන් බව පැවසූ සභාපතිවරයා මෙම නව ආයතන තුන ඉදිකිරීම සඳහා ඇස්තමේන්තු කර ඇති මුදල රුපියල් කෝටි දහසක්් බව ද සඳහන් කළේය.
ඖෂධ පෙති සහ කරල් නිපදවීමේ නව කර්මාන්තශාලාවක්, පිළිකා රෝග සඳහා භාවිතා කරන එන්නත් නිපදවීමේ කර්මාන්තශාලාවක් සහ හදිසි අනතුරුවලින් ආබාධිත වන පුද්ගලයින්ට ප්‍රතිකාර ලෙස භාවිතා කරන විකලාංග උපකරණ නිෂ්පාදන කර්මාන්තශාලාවක් ලෙස මෙම ආයතන තුන පිහිටුවන බව ද හෙතෙම පැවසීය.
ඖෂධ නිෂ්පාදනය කිරීමේදී පෞද්ගලික අංශයේ ද සහයෝගය මත ඒකාබද්ධ ව්‍යාපෘතියක් ලෙස කි‍්‍රයාත්මක කිරීමට බලාපොරොත්තු වන බව ද සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
හෙතෙම මේ බැව් පැවසුවේ ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේදී ඊයේ (21 දා) පැවැති වීඩියෝ තාක්ෂණ මාධ්‍ය හමුවේදීය.
උපාලි ද සේරම්