ඖෂධ මාෆියාවට බිලිවූ මහා ප‍්‍රාඥයා සේනක බිබිලේ…. ගයනාවේදී සිදුවූ මරණය අදටත් අභිරහසක්

1835

අදට යෙදෙන මහාචාර්ය සේනක බිබිලේ 44 වැනි අනුස්මරණය වෙනුවෙනි

බහුජාතික සමාගම්වල ග‍්‍රහණයෙන් ඖෂධ ක්‍ෂේත‍්‍රය ගලවා ගැනීම ලෙහෙසි කටයුත්තක් නොවන බව මහාචාර්ය බිබිලේ දැන සිටියේය. එහෙත් නොපසුබට වීර්යයකින් යුතු මහාචාර්යවරයා සිය පියවර පසුපසට ගත්තේ නැත. ඒ අනුව ඉන්සියුලින් ගෙන්වීම ප‍්‍රථමයෙන් ම රජයට පවරා ගැනිණි. ඒ වන විට ඉන්සියුලින් ගෙන්වූ සමාගම් 134 ක් ලංකාවේ තිබිණි.

අද එකම ඖෂධය විවිධ නම් යටතේ අලෙවි වෙයි. උදාහරණයක් ලෙස රුධිරයේ කොලෙස්ටරෝල් පාලනය කිරීම සඳහා ඖෂධ වර්ග හයක් වෙයි. එම ඖෂධ වර්ග හය යටතේ වෙළෙඳ නාම සිය ගණනකි. පැරසිටමෝල් ඖෂධය සඳහා වෙළෙඳ නාම 130 කට අධිකය.

ඇමොක්සිලින් ඖෂධය සඳහා වෙළෙඳ නාම 70 ක් පමණ වෙයි. එකම ඖෂධය විවිධ වේෂයෙන් අලෙවි වීම පිළිබඳ බොහෝ කරුණු සඳහන් කළ හැකිය. බොහෝ උදාහරණ ද දැක්විය හැකිය. අද ඒ සියල්ල සිදුවන්නේ රෝගීන්ගේ යහපත සඳහා නම් නොවේ. ලාභය සිය එකම අරමුණ වූ වාණිජමය අභිලාෂයන් වෙනුවෙනි. අද එකම ඖෂධය විවිධ මිල ගණන්වලට අලෙවි වෙයි. බොහෝ විට එම මිල සාමාන්‍ය ජනතාවට දැරිය නොහැකිය. අතේ ඇති මුදලකට සරිලන ලෙස බෙහෙත් මිලදී ගන්නා ජනතාව එම බෙහෙත් භාවිත කරනු ලබන්නේ බෙහෙත් පිළිබඳව වන පූර්ණ විශ්වාසයකින් යුක්තව ද නොවේ. ඔවුහු වෛද්‍ය උපදෙස් නොසලකා බෙහෙත් වට්ටෝරු ද වෙනස් කරති. වෛද්‍යවරයා දින හයකට නියම කරන ඖෂධ රෝගියා ෆාමසියෙන් ලබා ගන්නේ දින තුනකට පමණකි. එම හේතුව නිසා රෝගීන්ට ඇතිවන ගැටලූ ලෙහෙසියෙන් විසඳිය නොහැකිය.

ඖෂධ වර්ග නිකරුනේ විනාශ වී යෑම ද අද පවතින ගැටලූවකි. රජයේ විගණකාධිපති දෙපාර්තමේන්තුවේ වර්තාවකට අනුව 2008 වර්ෂයේදී බාල ඖෂධ වර්ග ගෙන්වීම නිසා රජයට රු.කෝටි 45 ක පාඩුවක් සිදුව තිබේ. භාවිතයට නුසුදුසු කෝටි 70 ක් වටිනා ඖෂධ කන්ටේනර් 20 ක් විනාශ කර දැමීම පිළිබඳව ද පුවත්පත්වල වාර්තා විය. ඖෂධ ක්‍ෂේත‍්‍රයේ සිදුවන දූෂණ අක‍්‍රමිකතා ද සුළුපටු නොවේ. රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සිදුව ඇති දූෂණ සහ අක‍්‍රමිකතා සෙවීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය රවීන්ද්‍ර රුබේරු මහතාගේ ප‍්‍රධානත්වයෙන් ත‍්‍රිපුද්ගල කමිටුවක් පත් කළේ නොබෝ දාය.

මෙය මේ වන විට ඖෂධ ක්‍ෂේත‍්‍රය සම්බන්ධව රටේ පවතින සැබෑ තත්ත්වයයි. මෙයට වසර සිය දහස් ගණනකට පෙර පැවැති යුගය හැඳින්වෙන්නේ නොදියුණු යුගයක් වශයෙනි. එම නොදියුණු යුගය තුළ ලෙඩ රෝග හේතුවෙන් මිනිසුන් බුරුතු පිටින් මියගියහ. ඒ ලෙඩ රෝග පිළිබඳ හරියාකාරව නොදැන සිටි බැවිනි. එම ලෙඩ රෝග සඳහා වන ඖෂධ වර්ග සොයා නොගෙන තිබූ බැවිනි. එහෙත් අද සමාජය දියණු බව කියැවෙයි. එම දියුණු සමාජයේ ශිෂ්ට සම්පන්න බව පිළිබඳව සදාචාරාත්මක බව පිළිබඳ වර්ණනා වෙයි. අද ලෙඩ රෝග පිළිබඳව බොහෝ දේ සොයාගෙන අවසානය. එම නවීන දැනුම සමග තාක්‍ෂණය ද එක්ව තිබේ. එහෙත් අද ද රෝගීහු මියයති.

ඒ වාණිජ අරමුණු උදෙසා බෙහෙත්වල තත්ත්වය බාල කර ඇති බැවිනි. බෙහෙත් සහ වෛද්‍ය ප‍්‍රතිකාර සඳහා වන අධික වැය බොහෝ පිරිසකට දරා ගැනීමට නොහැකි බැවිනි. අසරණ ජනතාව බෙහෙත් වර්ග නොමැතිව වේදනා විඳිද්දී බෙහෙත් වර්ග තොග පිටින් විනාශ කර දමනු ලබයි. ජාවාරම්කරුවෝ සෞඛ්‍ය ක්‍ෂේත‍්‍රය සිය අණසකට ගෙන හමාරය. ඔවුහු එම ජාවාරමෙන් සාහසික ලෙසම ගසාකති. දියුණු සමාජයක් තුළ දියුණු සෞඛ්‍ය භාවිතයෙන් නිරෝගීව

සමාජ සංවර්ධනයට දායක විය යුතු ජනතාව අද සිය නිෂ්පාදන කාර්යයෙහි නියැළෙන්නේ රෝගී වූ ජනතාවක් වශයෙනි.

සෞඛ්‍ය ක්‍ෂේත‍්‍රය තුළ මෙවැනි තත්ත්වයක් උදා වියහැකි බව දශක කීපයකට පර ඉසිවර නුවණින් දුටු මහා ප‍්‍රාඥයෙක් මෙරටෙහි විසුවේය. එදා ඔහු එම ශෝචනීය තත්ත්වය පිළිබඳ අවබෝධ කර ගත්තා පමණක් නොවේ එය වැළැක්වීම සඳහා ද දිවි හිමියෙන් කටයුතු කළේය. ලෝකයේ වෛද්‍ය ක්‍ෂේත‍්‍රය තුළ අමරණීය නමක් සනිටුහන් කළ එම ප‍්‍රාඥයා අන් කවරෙක්වත් නොව මහාචාර්ය සේනක බිබිලේ ය.

1920 පෙබරවාරි 13 දින දකුණු පළාතේ කතලූව නමැති ගම්මානයේ උපත ලද සේනක බිබිලේ අධ්‍යාපනය ආරම්භ කළේ මහනුවර ත‍්‍රිත්ව විද්‍යාලයෙනි. බාල වියෙහිදීම සිය පියා මියයෑම හේතුවෙන් සේනක බිබිලේ ශිෂ්‍යාගේ ළමා කාලය රෝස මල් ඇතිරුවක් නොවිණි. එහෙත් ඉගෙනීමට උපන් හපන්කම් දැක්වූ මෙම දරුවාට එදා තිබූ පරාර්ථකාමී සමාජය තුළින් උදව් උපකාර ලැබිණි. ත‍්‍රිත්ව විද්‍යාලයේ දීප්තිමත් සිසුවෙක් ලෙස සේනක බිබිලේ කොළඹ වෛද්‍ය විද්‍යාලයට ඇතුළත් වූයේ 1940 වර්ෂයේදී ය. 1945 වර්ෂයේදී සේනක බිබිලේ එම්. බී. බී. එස්. උපාධිය සමත් වූයේ ප‍්‍රථම පන්තියේ සමාර්ථයක් සහ ශුද්ධ වෛද්‍ය විද්‍යා විෂයට පිදෙන දඩාබෝයි රන් පදක්කම සහ ශල්‍ය වෛද්‍ය විෂයට පිදෙන රොක්වුඞ් රන් පදක්කම යන රන් පදක්කම් දෙකම දිනා ගනිමිනි. 1947 වර්ෂයේදී කොළඹ වෛද්‍ය විද්‍යාලයේ ආචාර්ය මණ්ඩලයට බැඳුනු ආචාර්ය සේනක බිබිලේ 1952 වර්ෂයේදී එංගලන්තයේ එඩින්බරෝ විශ්වවිද්‍යාලයෙන් පී. එච්. ඞී. උපාධිය ලබා ගත්තේය. ලංකා විශ්වවිද්‍යාලයේ ඖෂධවේදය පිළිබඳ ප‍්‍රථම මහාචාර්යවරයා ලෙස පත් කරනු ලැබුවේ මහාචාර්ය සේනක බිබිලේ ය.

වෛද්‍ය විද්‍යාවේ අග‍්‍රගණ්‍ය විශේෂඥයෙන් ලෙස මහාචාර්ය සේනක බිබිලේ කීර්තියක් ලැබුවේ ඔහු විසින් සිදු කළ පර්යේෂණ පදනම්ව සකස් කළ ශාස්ත‍්‍රීය ලිපි ලේඛණ හේතුවෙනි. අසාමාන්‍ය බුද්ධි මහිමයකින් යුක්ත වූ මහාචාර්ය සේනක බිබිලේ වෛද්‍ය විද්‍යා ක්‍ෂේත‍්‍රයට අමතරව මහත් වූ රුචියකින් යුක්තව අධ්‍යයනය කළ තවත් ක්‍ෂේත‍්‍රයක් විය. ඒ සමාජ සංවර්ධනය පිළිබඳ එකම විද්‍යාත්මක න්‍යාය වන මාක්ස්වාදයයි.

මහාචාර්ය බිබිලේ ඖෂධ ක්‍ෂේත‍්‍රයට සම්බන්ධ බහුජාතික සමාගම් හා ගැටුණේ ඔහුට ඒ සඳහා ඉඩ ලැබුණු මුල් අවස්ථාවේ සිටමය. සී විටමින් භාවිතයෙන් සෙම්ප‍්‍රතිශ්‍යාව වළක්වාගත හැකි බවට වන මතයක් බහුජාතික සමාගම් මගින් පතුරුවා හරිමින් පැවතිනි. මහාචාර්ය සේනක බිබිලේ එම මතය බිඳ හෙළීය. ඒ වෛද්‍ය ශිෂ්‍යයන්ට මිලි ග‍්‍රෑම් 500 සී විටමින් පෙති ලබා දීම මගින් කළ පරීක්‍ෂණයකිනි. බී විටමින් සංකීර්ණයට අයත් පැන්ටොකිනික් අම්ලය මගින් අතේ පයේ ඇතිවන දැවිල්ල හොඳවෙන බවට ද මතයක් විය. මහාචාර්ය බිබිලේ පරීක්‍ෂණයක් මගින් එම මතය ද බිඳ හෙළීය. එවකට වෙළෙඳ නාමයන් යටතේ අලෙවි වූ ඖෂධ වර්ග සහ ඖෂධීය නාමයෙන් ඇති ඖෂධ වර්ග අතර මිලෙහි වෙනසක් මිස ඖෂධීය ගුණයෙහි වෙනසක් නොමැති බව ද ඔහු ඔප්පු කර පෙන්වීය. ඒ වන විට වෙළෙඳපොළෙහි ඖෂධ වර්ග දස දහස් ගණනක් තිබුණත්, ප‍්‍රශස්ත සෞඛ්‍ය සේවයක් සඳහා අවශ්‍ය වන්නේ ඖෂධ වර්ග 200 ක් පමණක් බව මහාචාර්ය සේනකයන් ලොවට ප‍්‍රකාශ කළේ 1959 වර්ෂය තරම් ඈත කාලයකදීය. මෙම හේතූන් නිසා ඖෂධ ජවාරම්කරුවෝ මහාචාර්ය සේනක බිබිලේ දුටුවේ පරම හතුරෙකු වශයෙනි. 1970 වසරේදී මහාචාර්ය බිබිලේට අනගි අවස්ථාවක් ලැබිණි. ඒ බණ්ඩාරනායක මැතිනියගේ ප‍්‍රධානත්වයෙන් සමගි පෙරමුණු රජය බලයට පත්වීමත් සම`ගය. එම අවස්ථාව වූයේ දොස්තර එස්. ඒ. වික‍්‍රමසිංහයන් සම`ග එක්ව ශ‍්‍රී ලංකාව වෙනුවෙන් රාජ්‍ය ඖෂධ ප‍්‍රතිපත්තියක් සකස් කිරීමයි. ඒ අනුව 1971 මාර්තු 23 දින දොස්තර වික‍්‍රමසිංහයන් සහ මහාචාර්ය සේනක බිබිලේ නව යෝජනා ඇතුළත් වාර්තාව රජයට ඉදිරිපත් කළහ.

1. ලංකාවට අනවශ්‍ය බේත් වර්ග ගෙන්වීම නතර කිරීම.

2. ඖෂධ සඳහා ඖෂධීය නාමය පමණක් යෙදීම.

3. ඖෂධ ගෙන්වීම, බෙදාහැරීම රජයට පවරා ගැනීම.

4. ලංකාවේ ඖෂධ නිෂ්පාදනය ආරම්භ කිරීම.

5. ඖෂධ පිළිබඳ දැනුම හා තොරතුරු වෛද්‍ය වෘත්තිකයන්ට සහ මහජනතාවට නිවැරැුදිව සන්නිවේදනය කිරීම රජයේ වගකීමක් බවට පත් කිරීම.

6. ඖෂධ පිළිබඳ පේටන්ට් නීති සංශෝධනය කිරීම.

7. ඖෂධවල තත්ත්ව පාලනය සඳහා සූක්‍ෂම  පරීක්‍ෂණාගාරයක් ආරම්භ කිරීම.

1971 සැප්තැම්බර් 22 රාජ්‍ය ඖෂධ සංස්ථාව පිහිටුවීම මෙම යෝජනාවලට අනුකූලව සිදුවූ ප‍්‍රශස්ත කාර්යයක් විය. එසේ පිහිටුවන ලද සංස්ථාවේ සභාපති තනතුරට පත් වූයේ මහාචාර්ය සේනක බිබිලේය. එතැන් සිට ඖෂධ ක්‍ෂේත‍්‍රය ජනතාවාදී දැක්මකින් යුතුව ක‍්‍රියාත්මක කිරීමට ඔහු සියලූ පියවරයන් සකස් කළේය. තම සේවකයන් දැනුවත් කිරීම සේනකයන් කළ ප‍්‍රමුඛ කාර්යක් විය. ශරීරයේ අවයව පිළිබඳ ඒ ආශ‍්‍රිතව වැළඳෙන රෝග පිළිබඳව එම රෝග සඳහා ලබාදෙන ඖෂධ එම ඖෂධ ගබඩාවල තිබිය යුතු ප‍්‍රමාණය, තිබිය යුතු ආකාරය මෙන්ම බහුජාතික සමාගම්වල ක‍්‍රියාකාරීත්වය සහ ඔවුන්ගෙන් එල්ල විය හැකි අභියෝගයන් පිළිබඳව ද ඔහු තම සේවකයන් දැනුවත් කළේය. සෑම සිකුරාදා සවසකම පැවැති එම දැනුවත්වීම් මගින් විෂයානුබද්ධ දැනුම පමනක් නොව ජීවිතය සහ සමාජය පිළිබඳව ද බොහෝ දේ සේවකයෝ ඉගෙන ගත්හ. සභාපති තනතුර වෙනුවෙන් වූ වැටුප ලබා ගැනීම ද මහාචාර්ය සේනක බිබිලේ ප‍්‍රතික්‍ෂේප කළේය.

විශ්වවිද්‍යාල ආචාර්යවරයෙක් ලෙස මට වැටුපක් ලැබෙනවා. එය මට ප‍්‍රමාණවත්! එක් මිනිහෙක්ට වැටුප් දෙකක් කුමකටද?

ඔහු පෙරළා ප‍්‍රශ්න කළේය.

සදුදා සහ අගහරුවාදා දිනයන්හි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉගැන්වීමේ යෙදෙන මහාචාර්ය බිබිලේ බදාදා උදෑසනම කොළඹට පැමිණෙයි. ඒ දුම්රියෙනි. ඔහු ඒ සඳහා තම නිල රථය භාවිත කළේ නැත. ඔහුට වෙන් වූ සංස්ථා නිල රථය සංස්ථාවේ හැම සේවකයෙක්ටම පොදු වාහනයක් විය. එදා ඖෂධ සංස්ථාෙවේ සේවය කළ සේවකයන්ට තම රැකියාව තෘප්තිමත් එකක් වූයේත් තම රැුකියාව සැබෑ ආශ්වාදයක් වූයේත් තම ආයතන ප‍්‍රධානියා විසින් පළ කළ මෙවැනි පූර්වාදර්ශයන් හේතුවෙනි.

බහුජාතික සමාගම්වල ග‍්‍රහණයෙන් ඖෂධ ක්‍ෂේත‍්‍රය ගලවා ගැනීම ලෙහෙසි කටයුත්තක් නොවන බව මහාචාර්ය බිබිලේ දැන සිටියේය. එහෙත් නොපසුබට වීර්යයකින් යුතු මහාචාර්යවරයා සිය පියවර පසුපසට ගත්තේ නැත. ඒ අනුව ඉන්සියුලින් ගෙන්වීම ප‍්‍රථමයෙන් ම රජයට පවරා ගැනිණි. ඒ වන විට ඉන්සියුලින් ගෙන්වූ සමාගම් 134 ක් ලංකාවේ තිබිණි.

රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවෙන් ඉවත් වූ වහාම මහාචාර්ය බිබිලේට ආරාධනාවක් ලැබිණි. ඒ වෙළෙඳාම සහ සංවර්ධනය පිළිබඳ එක්සත් ජාතීන්ගේ කොමිසම වෙතිනි. තුන්වන ලෝකයේ රටවල් සඳහා ඖෂධ ප‍්‍රතිපත්තියක් සකසා ගැනීමේ කර්තව්‍ය සඳහා මහාචාර්ය බිබිලේ සහභාගි කර ගැනීම ආරාධනාවේ අරමුණ විය. කරුණු දත් බොහෝ හිතවතුන් මහාචාර්ය බිබිලේගෙන් එම තනතුර භාර නොගන්නා ලෙස ඉල්ලා සිටියහ. එහි ඇති අනතුර පිළිබඳව ද ඔවුහු කරුණු දැක්වූහ. තමා ඉදිරිපිට ඇති අවදානම පිළිබඳව මහාචාර්ය බිබිලේ ද නොදැන සිටියා යැයි සිතිය නොහැකිය. එහෙත් විශ්වවිද්‍යාලයක ආචාර්යවරයෙක් ලෙස සේවය කරනවාට වඩා ලැබී ඇති අවස්ථාවෙන් ප‍්‍රයෝජනය ගෙන ලෝකය පුරා ව්‍යාප්ත වෙමින් පවතින ඖෂධ ජාවාරම පිළිබඳව හෙළිදරව් කොට එයට එරෙහිව මතයක් හෝ ගොඩනැ`ගීම වඩාත් මානව හිතවාදී ක‍්‍රියාවකැයි ඔහු සිතුවා විය යුතුය. 1977 අපේ‍්‍රල් 24 දින අන්ක්ටෑඞ් සංවිධානයේ ජ්‍යෙෂ්ඨ ඖෂධ විශේෂඥයා ලෙස මහාචාර්ය සේනක බිබිලේ වැඩ භාරගත්තේ මහත් කැමැත්තෙනි. ඒ අනුව ක‍්‍රියාත්මක වූ බිබිලේ මහාචාර්යවරයා මැලේසියාව, ඇෆ්ගනිස්ථානය සහ නේපාලය යන රටවල් සඳහා වන ඖෂධ ප‍්‍රතිපතතීන් සකස් කොට ජිනීවා හි අන්ක්ටෑඞ් මූලස්ථානයට ඉදිරිපත් කළේය. එම වාර්තා අධ්‍යයනය කළ බහුජාතික ජාවාරම්කරුවෝ මහාචාර්ය සේනක බිබිලේ කෙරෙහි වඩ වඩාත් කෝප වූවාට සැක නැත.

1977 සැප්තැම්බර් 28 දින වන විට මහාචාර්ය බිබිලේ සිය ප‍්‍රිය බිරිඳ ලීලා බිබිලේ ද කැටුව ගයනා දූපතට පැමිණ සිටියේය. ඒ ටි‍්‍රනිඩෑඞ්, ජැමෙයිකා, බාබඩෝස්, ඩොමිනිකා, ග්‍රෙනාඞ්, ඇන්ටිගුවා, ප‍්‍රවටෙරිකෝ සහ ගයනා යන කැරිබියන් දූපත්වල ජනතාව සඳහා ඖෂධ ප‍්‍රතිපත්තියක් සැකසීමටය. එහෙත් අසාමාන්‍ය බුද්ධියකින් හෙබි මෙම මානව හිතවාදී යුග පුරුෂයාට එම කර්තව්‍ය ඉටුකිරීමට ඉඩක් ලැබුණේ නැත. ඖෂධ ජාවාරම්කරුවෝ අති සූක්‍ෂම ලෙස මෙම පොදුජන හිතවතාගේ ජීවිතය කෙළවර කිරීමට කටයුතු කළහ. 1977 සැප්තැම්බර් 29 දින උදෑසන ගයනාවේ රෝහලකදී මහාචාර්ය සේනක බිබිලේ දෙනෙත් පියා ගත්තේ අසාමාන්‍ය ලෙස හෘද රෝගයකට ලක්ව අසාමාන්‍ය ලෙස නිසි ප‍්‍රතිකාර නොලැබූ රෝගියෙක් වශයෙනි.

මහාචාර්ය සේනක බිබිලේ පිළිබඳව යුගයේ මිනිසා නමින් අගනා කෘතියක් කළ දෙනගම සිරිවර්ධනයන් එහි පෙරවදනේ මෙසේ සඳහන් කරයි.

වරප‍්‍රසාද නොළත් වැඩ කරන ජනතාව පිළිබඳ වේදනාවෙන් ද ඔවුන්ට සාධාරණය ඉෂ්ට වන සමාජ ක‍්‍රමයක් පිළිබඳ බලාපොරොත්තුවෙන් ද යුතුව සිය ජීවිතය මෙහෙයවූ මේ මානව හිතවාදියාගේ තොරතුරු සොයමින් ඔහු ඇසුරු කළ විවිධ පුද්ගලයන් හමුවූයෙමි. ඔවුන්ගෙන් වැඩිදෙනෙක් සේනක පිළිබඳ කතාව කියා හමාර කළේ දෑසට නැගුණු කඳුළු සහිතවය.

මහාචාර්ය සේනක බිබිලේ සදා සැමරෙනු ඇත. ඒ ලොව පුරා මානව හිතවාදීන්ගේ හදවත් තුළ ය.

ඖෂධ පිටරටින් ගෙන්වීමේදී ටෙන්ඩර් ක‍්‍රමය ක‍්‍රියාත්මක කිරීමේ හේතුවෙන් රජයට විශාල මුදල් ඉතිරියක් කර දීමට ද රාජ්‍ය ඖෂධ සංස්ථාවට හැකි විය. උදාහරණයක් ලෙස වැලියම් නමැති ඖෂධය ගෙන්වූ රෝස් නමැති බහුජාතික සමාගම එය අලෙවි කළේ පෙත්තක් ශත 92 බැගිනි. ටෙන්ඩර් කැඳවීමේදී එම සමාගමම එම පෙත්තක් ශත 57 කට දීමට ඉදිරිපත් විය. එහිදී ඉන්දියාවේ රැන්බැක්ම් සමාගම මෙම පෙත්ත ලබා දුන්නේ ශත දෙකක් වැනි අඩු මුදලකයට. 1973 වර්ෂය වන විට ඖෂධ ආනයනය සම්පූර්ණයෙන්ම රජය සතුකර ගැනීමට ඖෂධ සංස්ථාවට හැකි විය. එහෙත් බහුජාතික සමාගම් මෙම තත්ත්වය පරාජය කිරීමට විවිධ උපක‍්‍රම යෙදීය. 1973 මැයි මාසයේදී ඇමෙරිකානු ඖෂධ සමාගමේ සභාපතිගේ අත්සනින් යුතු ලිපියක් ශ‍්‍රී ලංකා රජයට ලැබිණි. එහි සඳහන් වූයේ ශ‍්‍රී ලංකාවේ ඖෂධ ප‍්‍රතිපත්තිය ඖෂධ නිෂ්පාදනයට ද ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍යට ද අහිතකර බවය.

මෙසේ ශ‍්‍රී ලංකාවේ ඖෂධ ප‍්‍රතිපත්තියට එරෙහිව බහුජාතික සමාගම් වෙතින් එල්ලවූ තර්ජනය සුළුපටු නොවීය. ඖෂධ අලෙවිය සඳහා සංස්ථාව මගින් ඔසුසල් ආරම්භ කිරීම හේතුවෙන් ඔවුන් වඩාත් කුපිත විය. කෙසේ වෙතත් අති විශාල ප‍්‍රාග්ධන හිමියන් සමග වූ තරගයෙන් තමන් කෙමෙන් කෙමෙන් පරාජයට පත්වන බව මහාචාර්ය බිබිලේට දිනිණි. එය වළක්වාලීමට ගත යුතු පියවර රාශියක් ඔහු රජයට යෝජනා කළත් ඒවා ඉටු කිරීමට රජය අපොහොසත් විය. විදේශීය බලපෑම් හමුවේ රජය පියවරෙන් පියවර දණ නමන අයුරුත්, තම සටන හුදෙකලා වී ඇති බවත් තේරුම් ගත් මහාචාර්ය බිබිලේ ඒ පිළිබඳව කතා කළේ දැඩි කනස්සල්ලෙනි.

1976 වර්ෂයේ නොබැඳි ජාතීන්ගේ සමුළුවේදී මහාචාර්ය බිබිලේ ශ‍්‍රී ලංකාවේ ඖෂධ ප‍්‍රතිපත්තිය පිළිබඳව කරුණු දක්වීය. ඖෂධ ජාවාරම් හේතුවෙන් ලෝකය පුරා මිනිස් සංහතියට වන අපරාධය පිළිබඳවත් එය වැළැක්වීමට ශ‍්‍රී ලංකාව තුළ ක‍්‍රියාත්මක කළ ක‍්‍රමවේදය පිළිබඳවත් ඔහු ඉදිරිපත් කළ කරුණු බොහෝ ජාතීන්ගේ පැසසුමට ලක්විය. පොදු ජනතාවගේ යහපත උදෙසා ජනතාවාදී ඖෂධ ප‍්‍රතිපත්තියක් ක‍්‍රියාත්මක කිරීමට කැපවීමෙන් කටයුතු කළ මහාචාර්ය සේනක බිබිලේ 1976 දෙසැම්බර් 28 දින ඖෂධ සංස්ථාවේ සභාපති ධුරයෙන් ඉල්ලා අස්විය. ඒ ඔහු සමග අභීත සේවයක් කළ සහෝදර සේවක පිරිසගේ දුක් සුසුම් මැදය. මහාචාර්ය බිබිලේ සමග බද්ධ වෛරයකින් පසු වූ ජාවාරම්කරුවනට නම් එය ඔවුන් ලද විශාල ජයග‍්‍රහණයක් විය.

ලයනල් අතුකෝරාළ
2010 සැප්තැම්බර් මස 26 වැනි දින
දිවයින පත‍්‍රයේ පළවූ ලිපියක් ඇසුරෙනි

advertistmentadvertistment
advertistmentadvertistment