ඖෂධ මාෆියාවෙන් ගිලුණු ලෝකයේ සේනක බිබිලේ කෙසේ අමතක කරමුද?

296

සේනක ඖෂධ මිල අඩු කිරීමේ ව්‍යාපාරය ආරම්භ කළේ අත්‍යවශ්‍ය ඖෂධ ලැයිස්තුවක් සකස් කරමිනි. විද්‍යාත්මක නම් අනුව බැලූ විට ඔහුගේ ලැයිස්තුවේ ඖෂධ 250 ක් පමණ තිබුණි. ඔහු සොයා ගත්තේ ලැයිස්තුවේ ඇති ඒ සෑම එකක්ම විවිධ වෙළෙඳ නාමවලින් ආනයනය කළත් මේ සියල්ලම ඖෂධ නමින් ගත්තොත් දහයක් හෝ ඊට වැඩි නොවන බවය. සෑම සමාගමක්ම වෙළෙඳ දැන්වීම් මඟින් වෙළෙඳපොළේ තම බලය අල්ලා ගැනීමට උත්සාහ කරයි එමඟින් මිල තවදුරටත් ඉහළ නැංවයි.….

ඖෂධ මාෆියාවෙන් ගිලුණු ලෝකයේ  සේනක බිබිලේ කෙසේ අමතක කරමුද?

මහාචාර්ය සේනක බිබිලේ ඖෂධවේදය පිළිබඳ ශ්‍රේෂ්ඨ මහාචාර්යවරයෙකි. මීට වසර 44 කට පෙර 1977 සැප්තැම්බර් 29 දින ඔහු මිය ගිය අතර, මෙම කෙටි ලිපිය ඔහු පිළිබඳ මතකයේ සටහනකි’ මගේ අදහසේ හැටියට ඔහු ලංකාවේ ශ්‍රේෂ්ඨතම නිපැයුම්කරුවෙක් වන අතර” සියලූම ශ‍්‍රී ලාංකිකයින්” විශේෂයෙන් තරුණයින් ඔහු කළ දේ දැන සිටිය යුතු අතර ඔහු කළ අයුරින්ම පෞද්ගලික වාසි හෝ ලාභ නොතකා සියලූ මනුෂ්‍ය වර්ගයාට සහ සමාජයට සේවය කිරීමට ද උත්සාහ කළ යුතුය. බදුල්ල දිස්ත‍්‍රික්කයේ බිබිල ග‍්‍රාමීය ප‍්‍රදේශයෙන් ඔහු මහනුවර ත‍්‍රිත්ව විද්‍යාලයට ශිෂ්‍යත්වයක් දිනා ගත්තේය. (ඔහු නව වෛද්‍ය සම්ප‍්‍රදායක් ආරම්භ කරමින් තවත් දුප්පත් ශිෂ්‍යයකුට ප‍්‍රයෝජනයක් වන පරිදි ඔහු වෛද්‍යවරයකු වූ පසු ඒ ණය ආපසු ගෙවීය) ක‍්‍රීඩාවට හා සංගීතයට යොමු වුවද ඔහු සිය අධ්‍යයන කටයුතුවලදී දස්කම් දැක්වීය. ඔහු කොළඹ වෛද්‍ය විද්‍යාලයෙන් 1 පන්තියකින් හා විශේෂාංග කිහිපයකින් (සැත්කම් ආදිය) විශිෂ්ට ලෙස සමත් විය. මුදලින් පොහොසත් ශල්‍ය වෛද්‍යවරයෙක් වීම වෙනුවට ඖෂධ නිසි ලෙස භාවිතය ගැන ඉගැන්වීම සඳහා කටයුතු කළේය. එකල විශාල ගැටලූවක් වූ ඖෂධවල අධික මිල හේතුවෙන් දුප්පත් රෝගීන් මිය යාම නිසා පසුව ඔහු එක්සත් රාජධානියේ ඖෂධවේදය පිළිබඳ ආචාර්ය උපාධිය ලබා ආපසු මෙරටට පැමිණ කොළඹ වෛද්‍ය විද්‍යාලයේ ඒ විෂය පිළිබඳ මහාචාර්යවරයා බවට පත් විය. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ඖෂධවේදය පිළිබඳ නිර්මාතෘ මහාචාර්යවරයා මෙන්ම පීඨාධිපති ද විය. ඔහුගේ බොහෝ නවෝත්පාදනයන් අතර වෛද්‍ය අධ්‍යාපනය පිළිබඳ පර්යේෂණ ආයතනයක් පිහිටුවීම ද විය. ඔහු ඖෂධවේදය තුළම මූලික පර්යේෂණ කළේය. සේනක ඔහුගේ සියලූ දේශන සටහන් නොමැතිව ඔහු ඒවා අප ඉදිරියේ තැබූ අතර ඒවා කෙතරම් පැහැදිලි හා නිරවද්‍යද යත් එය අපේ මනසේ රැඳුණි. ඔහු ලංකා සමසමාජ පක්ෂයට (සමසමාජ පක්ෂය) සම්බන්ධ වූයේ ශිෂ්‍යයෙකු ලෙස සිටියදී සමාජවාදියෙකු ලෙස ය. ජනතාවට සේවය කිරීමට ඔහු කටයුතු කළේ මෙසේ මාක්ස්වාදය තුළින් ඔහු ලද ආභාෂය තුළිනි. තමා වටා ඇති දුප්පත්කමට සහ එය තුරන් කිරීමට සමසමාජ පක්ෂ දර්ශනය ඔහු භාවිතයට ගත්තේය. පක්ෂ රැස්වීම් වලදී මැතිවරණ වැඩවලදී සහ වෙනත් දේවලදී මට ඔහුව මුණගැසුණු අතර අපි හොඳ මිතුරන් වීමු. භාෂා ප‍්‍රශ්නය උච්චතම අවස්ථාව වන විට කුප්පියාවත්තේ සිටි අපේ කොළඹ නාගරික මන්ත‍්‍රීවරයා මිය ගිය අතර දෙමළ භාෂාව ද රාජ්‍ය භාෂාවක් ලෙස භාවිත කිරීමට සහයෝගය දැක්වීම හේතුවෙන් සමසමාජ පක්ෂයට ජාතිවාදී ප‍්‍රහාර එල්ල වුවද පක්ෂයට අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීමට සිදු විය. සෙසු අය පසුබට වූ විට සේනක ඉදිරිපත් වීමට ඉදිරිපත් විය. මට සහ අනෙකුත් ශිෂ්‍ය ආධාරකරුවන්ට බොහෝ හිංසනයන්ට මුහුණ පෑමට සිදු වූ නමුත් සේනකගේ නායකත්වය තුළ අප පරාජය වූවත් අවසානය දක්වාම සටන් කිරීමට අපව පොළඹවා ගත්තේය. සෑම සතියකම කණ්ඩායමක් ලෙස අපි ඔහුගේ නිවසේදී හමු වූ අතර පොදුවේ මාක්ස්වාදය සහ දේශපාලනය ගැන රසවත් සාකච්ඡුා පැවැත්වූහ.

සේනක ඖෂධ මිල අඩු කිරීමේ ව්‍යාපාරය ආරම්භ කළේ අත්‍යවශ්‍ය ඖෂධ ලැයිස්තුවක් සකස් කරමිනි. විද්‍යාත්මක නම් අනුව බැලූ විට ඔහුගේ ලැයිස්තුවේ ඖෂධ 250 ක් පමණ තිබුණි. ඔහු සොයා ගත්තේ ලැයිස්තුවේ ඇති ඒ සෑම එකක්ම විවිධ වෙළෙඳ නාමවලින් ආනයනය කළත් මේ සියල්ලම ඖෂධ නමින් ගත්තොත් දහයක් හෝ ඊට වැඩි නොවන බවය. සෑම සමාගමක්ම වෙළෙඳ දැන්වීම් මඟින් වෙළෙඳපොළේ තම බලය අල්ලා ගැනීමට උත්සාහ කරයි. එමඟින් මිල තවදුරටත් ඉහළ නැංවයි. මගේ සමහර වෛද්‍ය සගයින්ට විවිධ වරප‍්‍රසාද (විදේශ සංචාර ආදිය) පිරිනමන බවත් සමහර අය එම වෙළඳනාමය යටතේ ඖෂධ නියම කළ බවත් සඳහන් කිරීමට මම කනගාටු වෙමි. රජයේ රෝහල්වල සෑම විටම ඖෂධ හිඟයක් තිබීම හේතුවෙන් දුප්පත් රෝගීන්ට ජීවිත බේරා ගැනීම සඳහා නව ප‍්‍රතිජීවක ඖෂධ සොයා ගැනීමට සිදු විය. ඖෂධ බොහෝ විට මිල අධික විය’ මේ නිසා දුප්පතුන් වැඩිපුර දුක් වින්දේය.

සේනක පසුව රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවක් (එස්පීසී) පිහිටුවීය. ආචාර්ය එන්. එම්. පෙරේරා රජයේ රෝහල්වල පමණක් නොව පෞද්ගලික ආයතනවලද විද්‍යාත්මක නම් මත පදනම්ව ඖෂධ සඳහා ටෙන්ඩර් කැඳවීමේ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ ප‍්‍රතිපත්තියට සේනකට සහාය දුන්නේය. එහි ප‍්‍රතිඵලය වූයේ බලවත් බහුජාතික සමාගම් සහ සාමාන්‍ය ඖෂධ නිෂ්පාදකයින් (විද්‍යාත්මක නාමය පදනම් කරගත් ඖෂධ සපයන) අතර ඉතා මිල අධික නමුත් උසස් තත්ත්වයේ මිල ගණන් යටතේ පැවති ලංසු විශාල සංඛ්‍යාවක් ලැබීමය. ඉන් ඉතා අඩු මිලට හොඳ ඖෂධ ලබාගැනීමට එස්පීසීයට හැකි විය. එක් උදාහරණයක් නම් ස්විට්සර්ලන්තයේ රොචේ එම්එන්සී සමාගම වැලියම් නම් වෙළෙඳ නමින් (සාමාන්‍ය නම ”ඩයසාපෑම්”) අලෙවි කළ ටැබ්ලටයක මිල ශත 92 සිට ශත 52 දක්වා එනම් ශත 40 ක අඩු වීමක් සිදුවීමය. එසේම ඉන්දියාවේ රන්බැක්සි ටැබ්ලට් එකක් ශත 02 ට ශ‍්‍රී ලංකාවට ලබා දුන්නේය. සේනක ජාත්‍යන්තර සංවිධාන හා සම්බන්ධ වී සියලූම නිෂ්පාදන සකස් කිරීමේ ක‍්‍රියාවලියන් පරීක්ෂා කර හොඳ නිෂ්පාදන සහතික මිලකට ලබා දීමට කටයුතු කළේය. එස්පීසී ආයතනය රන්බැක්සි නිෂ්පාදනය පිළිගෙන ලන්සු මිලෙන් ශත 50 ක් සහ රොචේ සිල්ලර මිලෙන් ශත 90 ක් ඉතිරි කළේය. රජයේ ඖෂධ පනත ක‍්‍රියාත්මක වූ අතර සෑම රෝගියෙකුටම පාහේ සෑම රෝගයක් සඳහාම නොමිලේ ඖෂධ ලබා දීමට රජයේ රෝහල් සමත් විය. පෞද්ගලික ඔසුසල්වල මිල ද කැපී පෙනෙන ලෙස පහත වැටුණි. සේනකට ඔහුගේ අභිලාෂය සාක්ෂාත් කර ගැනීමට හැකි විය. ඇත්තෙන්ම ශ‍්‍රී ලංකාව නොමිලේ සෞඛ්‍ය සේවාවක් ලබා දීමට පටන් ගත්තේය. සේනකගේ අනෙක් අභිලාෂය වූයේ අත්‍යවශ්‍ය ඖෂධ ශ‍්‍රී ලංකාව විසින් නිපදවා ගැනීම සහ හැකි නම් ඒවා විදේශ විනිමය උපයා ගැනීම සඳහා අපනයනය කිරීමයි. ඇමරිකාව වැනි පොහොසත් රටවල් ඇතුළු බොහෝ රටවල් කරන්නේ ඉන්දියාව වැනි රටවල සාමාන්‍ය නිෂ්පාදකයින්ගෙන් ඖෂධ කුඩු ආකාරයෙන් ලබාගෙන ඔවුන්ගේ වෙළෙඳ නාමය යටතේ ටැබ්ලට් කර වැඩි මිලකට විකිණීමයි. කුඩු සැකසීම දීර්ඝ පර්යේෂණයක් හා මිල අධික ක‍්‍රියාවලියකි. සේනකට අවශ්‍ය වූයේ ශ‍්‍රී ලංකාව තමන්ගේම ඖෂධ නිෂ්පාදන සකස් කිරීමක් කිරීමට ය. ඒ සඳහා රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාවක් (SPMC) පිහිටුවීමේ අදහස ඔහු ඉදිරිපත් කළේය. ඔහු එය ආරම්භ කර අත්තිවාරම සකස් කළ නමුත් අවසාන ප‍්‍රතිඵලය දැකීමට ඔහු ජීවත් වූයේ නැත. එම වැඩවලින් වැඩි කොටසක් භාරගනු ලැබුවේ ආචාර්ය ග්ලැඩිස් ජයවර්ධන විසිනි. රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව විසින් බහුලව භාවිත කරන ඖෂධ වර්ග 40 කට වඩා නිෂ්පාදනය කරන ලදී. 2015 න් පසු යහපාලනය රජය සමයේ මෙම සංඛ්‍යාවට වඩා නිෂ්පාදන ප‍්‍රමාණය ඉහළ ගොස් ඇතැයි කීවද ශ‍්‍රී ලංකාවේ පුද්ගලික සමාගමක් රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව වෙත ටැබ්ලට් මුදලට ලබා දෙන බව මට දැනගන්නට ලැබුණු අතර පසුව එය රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාවේ නිෂ්පාදනයක් ලෙස විකුණනු ලබයි. වත්මන් රජය යටතේ ද මෙම පිළිකුල්සහගත ක‍්‍රියාව අඛණ්ඩව සිදු වන බව ද මම කියමි. මෙය සම්පූර්ණයෙන්ම සොයා බැලිය යුතු අතර ම කියන දේ නිවැරදි නම් වහාම වරද නිවැරදි කිරීමට පියවර ගත යුතුය. නව සෞඛ්‍ය ඇමැතිවරයාගෙන් ඉල්ලා සිටින්නේ එය ප‍්‍රමාදයකින් තොරව සිදු කරන ලෙසයි.

සේනකට ඔහුගේ ක‍්‍රමය (ඖෂධ ප‍්‍රතිපත්ති) හඳුන්වා දීම සඳහා ලොව රටවල් 3 ක සංචාරය කිරීමට විශාල ඉල්ලූමක් තිබුණි. ඔහුගේ අවසන් විදෙස් සංචාරයට පෙර දින රාත‍්‍රියේ ගයනාහිදී ඔහු සමඟ රාත‍්‍රී ආහාරය ගනිමින් සිටියදී ඔහු කියා සිටියේ තම ජීවිතය ආරක්ෂිත නොවන බවත් ගයානා නොයන ලෙසට දුරකථන පණිවිඩ මගින් ඔහුව බිය ගැන්වීමට උත්සාහ කරන බවයි. ඔහුගේ මරණය පිළිබඳව සැක සහිත තත්ත්වයන් පවතී.

ඖෂධ මාෆියාවෙන් ගිලුණු ලෝකයේ  සේනක බිබිලේ කෙසේ අමතක කරමුද?

මහාචාර්ය  තිස්ස විතාරණ

advertistmentadvertistment
advertistmentadvertistment