කටහඬින් ලබාදෙන විධාන (voice commands) හරහා ඩයලොග් ටෙලිවිෂන් ඩිකෝඩරය භාවිතා කිරීමට පහසුකම් සලසමින් කෘත‍්‍රිම බුද්ධියෙන් බලගන්වන ලද TeDi Alexa ක‍්‍රමවේදය හඳුන්වාදීමට ඩයලොග් ආසිආටා පීඑල්සී ආයතනය කටයුතු කරන ලදී.
එසේම ඩයලොග් වෙතින් අධෝරක්ත කිරණ (IR) රිමෝට් භාවිතා වන උපාංග කටහඬින් පාලනය කළ හැකි, කෘත‍්‍රිම බුද්ධියෙන් බල ගන්වන ලද TeDi Alexa ස්මාර්ට් ස්පීකර් පහසුමකද මේ සමඟම ශ‍්‍රී ලාංකීය පේ‍්‍රක්ෂකයාට හඳුන්වාදීමට කටයුතු කර ඇත.
ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම සන්නිවේදන සම්පාදකයා ගෙන එන මෙම ස්මාර්ට් හෝම් විසඳුම් හරහා පාරිභෝගික ජනතාවගේ නිවාස නවීන තාක්ෂණයෙන් බලගන්වමින් රූපවාහිනියේ ශබ්දය අඩු-වැඩි කිරීම පවා කටහඬින් කළ හැකි තරම් පහසු අත්දැකීමක් ලබාදෙයි. ඊට අමතරව, Alexa මඟින් සැපයෙන සේවාවන් සුපුරුදු පරිදි භාවිතා කළ හැකි අතර, ස්මාර්ට් ස්පීකරය මඟින් IR තාක්ෂණය සහිත වායු සමීකරණ යන්ත‍්‍ර, හෝම් තියටර් සිස්ටම්, CCTV පද්ධති ඇතුළු ඕනෑම උපාංගයක් කටහ`ඩ හරහා පාලනය කළ හැකිවීම මෙහි ඇති විශේෂත්වයක් වශයෙන් සඳහන් කළ හැක. නොබිඳනෙ ඩයලොග් සබඳතාවය සමඟ මුසුවන කෘත‍්‍රිම බුද්ධියේ බලය මෙරට පාරිභෝගිකයෙන්ගේ එදිනෙදා ජීවිතය වඩාත් පහසු එකක් වනු ඇති බවට ඩයලොග් ටීවී ආයතනයේ විශ්වාසයයි.
|