කට්ටමුරිච්චානේ වගා ළිඳට  වැටුණු වන අලියා මුදාගනී

34

මරදන්කඩවල කට්ටමුරිච්චාන තැපැල් කාර්යාලය ආසන්නයේ ගෙවත්තක වගා ළිඳකට වැටි සිටි වන අලියකු පෙරේදා (01 දා) පෙරවරුවේ සොයාගත් බව තිරප්පනේ වනජීවී කාර්යාලය පැවසීය.

ගෙවත්තේ වගාවන් ආහාරයට ගැනීමට පැමිණෙමින් සිටිය දී මෙම වන අලියා වගා බිමේ තිබූ අනාරක්ෂිත වගා ළිඳට වැටී ඇත්තේ ඉකුත් 30 දා රාත්‍රියේ ය.

ප්‍රදේශවාසීන් විසින් වනජීවී නිලධාරීන් දැනුවත් කිරීමෙන් පසු ඔවුන් විසින් මහත් පරිශ්‍රමයක් දරා ජේ.සී.බී. යන්ත්‍රයක් යොදා ගෙන පෙරේදා සවස වගා ළිඳ විශාල කර වන අලියාට ගොඩට ඒමට පහසුකම් සලස්වා කැලයට මුදාහැරීමට කටයුතු කළහ. මෙම වන අලියා වයස අවුරුදු 35 ක් පමණ වන උස අඩි 08 ක් පමණ වූ පුෂ්ටිමත් වන අලියෙකු බව වනජීවී නිලධාරීහු පැවසීය. වන අලියා ගොඩගැනීමේ මෙහෙයුමට තිරප්පනේ වනජීවී කාර්යාලයේ කාර්යය භාර නිලධාරී සංජීව, ක්ෂේත්‍ර සහායක සමන්, නියාමක සංජීව යන මහතුන් විසින් සිදු කරන ලදී.

තිරප්පනේ – සමන් පෙරේරා
 

advertistmentadvertistment
advertistmentadvertistment