කඩදාසි මත දිරාපත් වන සැලසුම් වෙනුවට හරිත බලයෙන් රට සවිබල ගන්වමු

74

වර්තමානයේදී ශ්‍රී ලංකාවේ බලශක්ති ක්ෂේත්‍රය වඩාත් ආන්දෝලනාත්මක සමාජ මාතෘකාවක් බවට පත්ව තිබේ. එහිදී පුනර්ජනනීය බලශක්තිය වැඩි වශයෙන් සාකච්ඡාවට බඳුන් වී ඇත. මෙරට පුනර්ජනනීය බලශක්ති උත්පාදනය 70%ක් දක්වා ඉහළ නැංවීම පිළිබඳ මෙන්ම 2050 වසර වන විට කාබන් විමෝචනය ශූන්‍ය කිරීමේ අනාගත දැක්මක් ශ්‍රී ලංකාව සතු වේ. ඉදිරි වසරවලදී රටේ මුළු බලශක්ති අවශ්‍යතාවයෙන් 54%ක් ෆොසිල ඉන්ධන ඔස්සේ උත්පාදනය වීමට නියමිත අතර සූර්ය හෝ සුළං බලශක්ති උත්පාදනය 8%ක් පමණ වේ. ජල විදුලි උත්පාදනය 31% කි. 2024 ශ්‍රී ලංකාවේ ජනන ධාරිතාව වන 5,012 MW ජල සහ පුනර්ජනනීය බලාගාර මඟින් උත්පාදනය කරනුයේ 1093 MW පමණි. ඒ අනුව ජල විදුලි ව්‍යාපෘති සඳහා ඇති සීමිත අවස්ථාව සමඟ අනාගතයේදී වැඩි බලශක්ති උත්පාදනයක් කිරීමට සිදුවන්නේ සුළං සහ සූර්ය ව්‍යාපෘති ඔස්සේය.

රටේ වර්ධනය වන බලශක්ති අවශ්‍යතාවය සපුරාලීමට මෙරට විදුලි උත්පාදනය ඉහළ නැංවිය යුතුය. ශ්‍රී ලංකාව තුළ 16GW ක සූර්ය බලයක් සහ 92GW සුළං බලයක් නිපදවීමට හැකි බව ගෝලීය මූලාශ්‍ර පවසයි. ඒ අනුව පුනර්ජනනීය බලශක්තිය මීට ගුණාත්මක විසඳුමකි. ලංවිම හි පුනර්ජනනීය බලශක්ති උත්පාදනය වසර ගණනාවක් තිස්සේ 100MW අවම අගයක් වන අතර පෞද්ගලික අංශයේ බලශක්ති නිෂ්පාදකයන් (IPP) 163MW ක සුළං බලශක්ති ධාරිතාවක් සහ 137MW ක සූර්ය බලශක්ති ධාරිතාවක් උත්පාදනය කරයි. එහෙත් එය බලශක්ති අවශ්‍යතාවයන් සපුරාලීමට ප්‍රමාණවත් නොවේ. එබැවින් ඊට වඩාත් සුදුසු විකල්පයක් අත්‍යවශ්‍ය වේ.

බලශක්ති උත්පාදනය පිළිබඳ විවිධ නව යෝජනා සහ ආයෝජන ගලා එන අතර එම සැලසුම් හුදෙක් කඩදාසි මත දිරාපත් නොවී කඩිනමින් ක්‍රියාත්මක කිරීමට මග සෑදිය හැකි නම් එය කාලෝචිත වේ. ලොව විශාලතම පුනර්ජනනීය

බලශක්ති ආයතනය වන අදානි ග්‍රීන් එනර්ජි සමාගම විසින් ඩොලර් මිලියන 740ක ආයෝජනයක් සමඟ 484 MW සුළං බල ව්‍යාපෘතියක් ශ්‍රී ලංකාවේ පිහිටුවීමට යෝජනා කර ඇත. මෙරට මෙතෙක් යෝජනා වූ විශාලතම සෘජු විදෙස් ආයෝජනය මෙයයි. 10GW ඉක්මවන පුනර්ජනනීය බලශක්ති ධාරිතාවක්, විශේෂඥ දැනුම සහ ප්‍රාග්ධනයක් හිමි අදානි සමාගම ඉදිරිපත් කළ මෙම යෝජනාව රටේ අභිවෘද්ධියට මහඟු පිටිවහලක් වනු ඇත. මෙමඟින් සහනශීලී සහ තරගකාරී ඒකක මිලක් (රු.24.78/=) හඳුන්වාදී ඇත.

පහත දැක්වෙන්නේ සාකච්ඡා කරන ලද මිල සංසන්දනයකි.

කඩදාසි මත දිරාපත් වන සැලසුම් වෙනුවට හරිත බලයෙන් රට සවිබල ගන්වමු

මේ තුළින් අදානි සමාගමේ සුළං බල ව්‍යාපෘති සඳහා ඉදිරිපත් කර ඇති ගාස්තුවල තරඟකාරී බව පැහැදිලි වේ:

එමෙන්ම පාරිසරික සංරක්ෂණය සඳහා වන

මාර්ගෝපදේශයන් සහ ආයතනික සමාජ වගකීම් ඉටු කිරීමටද සමාගම කැප වී සිටියි. එවැනි පසුබිමක ඇතැම් පාර්ශවයන් තීරු බදු සහ පරිසරය පිළිබඳ විවිධ ගැටලු මතු කිරීම සැබවින්ම තාර්කික නැත.

ලංවිම දත්තවලට අනුව 2022 දී, ගල් අඟුරු හා ඉන්ධන පදනම් කරගත් තාප විදුලිය සඳහා ඒකකයකට රුපියල් 26.65ක මිලක් වැය විය. එමෙන්ම IPP තාප විදුලි ඒකකයක් සඳහා රු.49-130ක පිරිවැයක් දැරීමට සිදුවිය. එමඟින් අප රටේ විදේශ විනිමය අහිමි වූ අතර හරිතාගාර වායු විමෝචනය වැනි පාරිසරික ගැටලු ද මතු විය. හරිත බලශක්ති ඒකක මිලියන 1,500ක් මඟින් වසරක කාබන් විමෝචනයෙන් ටොන් මිලියන 1.06ක් අඩු කරයි. එය පොසිල ඉන්ධන මත යැපීම සහ වාර්ෂික ඉන්ධන පිරිවැය ද අවම කරමින්, රටේ සංවර්ධනය සහ බලශක්ති ගතිකත්වය වර්ධනය කිරීමට ඉවහල් වේ. මෙමඟින් වසරකට විදුලි ඒකක මිලියන 1500ක් පමණ ජනනය කරමින් නිවාස මිලියන 0.6ක බලශක්ති අවශ්‍යතාවය සපුරමින් 2030 වසරේදී රටේ බලශක්තියෙන් 70%ක් පුනර්ජනනීය බලශක්තිය ඔස්සේ ලබාගැනීම පිළිබඳ දැක්ම සාක්ෂාත් කර ගැනීමට උපකාරීවනු ඇත.

රටේ පුරවැසියන් සහ බලධාරීන් බලශක්තිය පිළිබඳ ජාතික ඉලක්කය සාක්ෂාත් කර ගැනීමේ පරමාර්ථයෙන් කටයුතු කළ යුතුය. එබැවින් මෙවැනි ව්‍යාපෘති අවහිර කරමින් ඊට අකුල් හෙළීම වෙනුවට සම්ප්‍රදායික මතයන්ගෙන් ඔබ්බට ගොස් අලුතින් සිතා බැලිය හැකි නම් අගනේය.

විශේෂ වාර්තාකරුවෙකු විසිනි

advertistmentadvertistment
advertistmentadvertistment