කඩවත දෙදෙනකු මැරූ සැකකරුගේ සමීපතමයෙක් ආයුධ සමඟ අත්අඩංගුවට

306

පසුගිය මාර්තු 24 වන දින මහර නවය කණුව ආසන්නයේදී යතුරුපැදියක ගමන් කරමින් සිටි පුද්ගලයන් දෙදෙනකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින සැකකරුගේ සමීපතමයකු බව පැවසෙන පාතල කල්ලි සාමාජිකයකු චීනයේ නිෂ්පාදිත පිස්තෝලයක් සමඟ ජීව උණ්ඩ 23 ක් සහිත මැගසිනයක් විශේෂ කාර්ය බළකාය මගින් පෙරේදා (02දා) කැලණිය  දිප්පිටිගොඩදී අත්අඩංගුවට ගෙන තිබේ.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ සියඹලාගොඩ පදිංචිකරුවකු වන 27 හැවිරිදි සිංහාරච්චිගේ සහන් නවෝද්‍යාා නොහොත් ‘‘පැන්ඩා’’ යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන පාතාල කල්ලි සාමාජිකයකු බව පොලිසිය කියයි.

විශේෂ කාර්ය බළකායට ලද තොරතුරකට අනුව එහි අණදෙන නිලධාරී නියෝජ්‍ය පොලිස්පති නීතිඥ වරුණ ජයසුන්දර මහතාගේ උපදෙස් මත ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂක නදීක සිල්වා ඇතුළු නිලධාරීන් පිරිසක් විසින් සැකකරු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන සඳහා කඩවත පොලිස් ස්ථානය වෙත භාරදී තිබේ.

ඇන්ටන් ප‍්‍රනාන්දු
 

advertistmentadvertistment
advertistmentadvertistment