පොලිස් හදිසි ඇමතුම් ඒකකයට ලද තොරතුරක් මත මාවනැල්ල පදිදොර ප්‍රදේශයට 06 දා රාත්‍රී ගිය පොලිස් නිලධාරින්ට එල්ලවූ කඩුපහරින් තුවාල ලබා මාවනැල්ල මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් පසුවන පොලිස් සැරයන්වරුන් දෙදෙනාගේ සුව දුක් සොයාබැලීම සඳහා කෑගල්ල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති රොෂාන් රාජපක්ෂ මහතා 08 දා දහවල් මාවනැල්ල මූලික රෝහල වෙත පැමිණියහ.
කැපුම් තුවාල ලබා මාවනැල්ල මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් පසුවන්නේ (35155) බණ්ඩාර, (56310) නලින් යන පොලිස් සැරයන්වරුන් දෙදෙනා බවද පොලිසිය පැවසීය.
ගල්වලින් නිවසකට පහර දෙන බවට 6 දා රාත්‍රි 8.30ට පමණ මාවනැල්ල පොලිසිය වෙත ඉදිරිපත් කළ පැමිණිල්ලකට හා 119 හදිසි ඇමතුම් ඒකයට ලද තොරතුරක් අනුව එම ස්ථානයට ගිය පොලිස් නිලධාරින් දෙදෙනාට කඩුවකින් කොටා තුවාල ලබා සිටියදී ඔවුන් දෙදෙනාගේ ජීවිත ආරක්ෂාව වෙනුවෙන් එම ස්ථානයට ගිය පොලිස් ජංගම මුර සංචාරක නිලධාරින් විසින් කළ වෙඩි තැබීමකදි නිවසකට ගල්වලින් පහරි දී පොලිස් නිලධාරින් දෙදෙනාට කැපුම් තුවාල සිදුකළ සැකකරු බරපතළ තුවාල ලබා මාවනැල්ල මූලික රෝහල වෙත ඇතුළත් කිරීමෙන් අනතුරුව මරණයට පත්ව ඇතිබව පොලිසිය පැවසීය.
පොරණායක- රෝහණ ජයරත්න