මේ දිනවල දැරිය නොහැකි ලෙස අව් රශ්මිය පවතී. කතරගම පුදබිම වෙත දෙස් විදෙස් සංචාරකයන් මෙන්ම දේශීය බැතිමතුන් ද වන්දනා කිරීමට විශාල ලෙස පැමිණෙති.
දිවා කාලයේදී දැරිය නොහැකි තරම් රශ්නය හමුවේ දේවාලයට එන බැතිමතුන් අපහසුතාවයට පත්වන අතර මෙම රශ්නය බැතිමතුන් වෙත නොදෙනෙන ලෙස අපූරු විකල්පයක් බස්නායක නිළමේ ඩිෂාන් ගුණසේකර මහතා විසින් මේ දිනවල ක්රියාත්මක කර තිබේ.
කෘතිම වැසි ලෙස නළ ජලය විදීමට නව ක්රමයක් හඳුන්වා දී ඇත. මෙමගින් දේවාල භූමියට ජලය විදීම දෛනිකව ලබා දීම සිදුවේ.
අව්වේ පැමිණෙන බැතිමතුන් මෙම වැස්සෙන් වැටෙන ජලයට තෙමීමට ක්රියාකරනු ලබනුයේ දැඩි ප්රීතියකිනි.
කුඩා දරුවන් ද දිවා කාලයේ දී මෙම වැසි මෙන් වැටෙන ජලය සිය ශරීරයට එක්කර ගැනීමට අශා කරන අයුරු දැකගත හැකිය.
කතරගම – කේ. ඩී. දේවප්රිය