චාරිත්රානුකූලව සිදුකෙරෙන කතරගම පුදබිමේ පිහිටි ශ්රී තේවානි අම්මාන් කෝවිලේ ‘අන්න’ ධජය එසවීමේ උත්සවය 3 වැනිදා සිදුකෙරිණි.
මෙහිදී ‘අන්න’ ධජය නම් වූ විශේෂිත ධජයක් එසවීම සිදුවූ අතර ‘අන්න’ ලෙස දමිළ භාෂාවෙන් හඳුන්වනු ලබන්නේ ආහාර වේ.
ශ්රී තේවානි අම්මාන් කෝවිලේ මුළු වසර පුරාම ආහාර දන්සල් පැවැත්වෙන අතර මෙම ධජය එසවීමෙන් බලාපොරොත්තු වන්නේ ආහාර හිඟයකින් තොරව කතරගම පුද බිමට පැමිණෙන සියලුදෙනාටම සංග්රහ කිරීමට හැකිවේවා යන්නයි.
බඩල්කුඹුර – රවිඳු ගුණතිලක