කතෝලික සභාව නිදහස් උළෙල වර්ජනය කරයි – සිරිල් ගාමිණී පියතුමා

94

75 වැනි නිදහස් උළෙල වර්ජනය කිරීමට කතෝලික සභාව තීරණය කර ඇත. රට ආර්ථික වශයෙන් විශාල පරිහානියකට ලක්ව තිබියදීත් ලෙස බිඳවැටී ඇති සහ මානව අයිතිවාසිකම් බරපතළ ලෙස උල්ලංඝනය වී ඇති මොහොතක විශාල මුදලක් වැය කරමින් රජය නිදහස සැමරීම මහත් අපරාධයක් වනු ඇතැයි ද කතෝලික සභාව ඊයේ (01 දා) පැවැත්වූ මාධ්‍ය හමුවකදී පැවසීය.

මෙම මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් අදහස් දැක්වූ කතෝලික සභාවේ මාධ්‍ය ප්‍රකාශක, සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමා මෙසේ ද ප්‍රකාශ කළේය.

රටේ ආර්ථිකය පූර්ණ ලෙස බිඳවැටිලා. නීතියේ ආධිපත්‍ය බරපතළ ලෙස බිඳවැටී අවසන්. දරුවන් මන්දපෝෂණයෙන්. රටේ කර්මාන්ත කඩාවැටිලා. මානව අයිතිවාසිකම් බරපතළ ලෙස උල්ලංඝනය වෙලා. බෙහෙත් නැතිව රෝහල් අනතුරේ. රටම බංකොලොත්. මෙවන් තත්ත්වයක් යටතේ කෝටි ගණන් මුදල් වැයකර සමරන්න තිබෙන අභිමානවත් නිදහස කුමක්ද?

මෙම කරුණු සැලකිල්ලට ගනිමින් කතෝලික සභාවේ කිසිවෙක් නිදහස් උළෙලට එක් නොකිරීමට අපි තීරණය කළා
සුජීව තත්සර සහ නෝමන් පළිහවඩන

advertistmentadvertistment
advertistmentadvertistment