පොලිස්පතිවරයා සම්බන්ධයෙන් මතුව තිබෙන ගැටලුව කථානායකවරයාත්, අග්රවිනිශ්චයකාරවරයාත් සාකච්ඡා කර විසඳාගත යුතු බව ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා ඊයේ (28දා) දැනුම් දී ඇත.
ජනාධිපතිවරයා මෙම දැනුම්දීම කරන ලද්දේ ඊයේ පෙරවරුවේ කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාටත් අග්රවිනිශ්චකාර ජයන්ත ජයසූරිය මහතාටත් වෙන වෙනම දුරකථනයෙන් අමතමිනි.
පොලිස්පතිවරයාගේ ගැටලුව කෙබඳු ආකාරයෙන් පැවතුණද සැප්තැම්බර් 21දා පැවැත්වෙන ජනාධිපතිවරණය වෙනුවෙන් මැතිවරණ කොමිසමට සිය සහාය ලබාදෙන බවද ජනාධිපතිවරයා මේ දෙදෙනාට දැනුම් දී තිබේ.
චමින්ද සිල්වා