බැංකු සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳ විවාදයේදී අදහස් දැක්වීමට නම් කෙරුණු ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරුන් සභාගර්භයේ නොසිටීම හේතුවෙන් පාර්ලිමේන්තුවේ කටයුතු නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ මහතා විසින් අද පස්වරු 4 දක්වා කල්තැබීය.
විවාදයේදී අදහස් දැක්වීමට නියෝජ්‍ය කතානායකවරයා විපක්ෂයේ මන්ත්‍රීවරුන් පහළොස් දෙනෙකුගේද ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් හය දෙනකුගේද නම් අඩ ගැසුවද ඒ එකම මන්ත්‍රීවරයෙකුවත් සභාගර්භයේ සිටියේ නැත.ඒ අනුව නියෝජ්‍ය කතානායකවරයා විසින් සභාවේ කටයුතු මෙසේ තාවකාලිකව අත්හිටවනු ලැබීය.