මහරගම පිළිකා රෝහලේ ඉඳිකරන වාට්ටු සංකීර්ණයට මෙම මුදල් වැය කරනවා
බස්නායක නිළමේ ඩිෂාන් ගුණසේකර
ස්කන්ධ දෙවියන්ගේ සහ වල්ලි දෙවඟනගේ චරිතය අලලා සම්මානිත මහාචාර්ය සුනිල් ආරියරත්න මහතා විසින් අධ්‍යක්ෂණය කළ රයිගම් සමූහ ව්‍යාපාරයේ අධිපති ආචාර්ය රවී ලියනගේ නිෂ්පාදනය කළ ‘කදිර දිව්‍යරාජ’ සිනමා පටයෙන් ලද ආදායමෙන් ලක්ෂ විස්සක (මිලියන 02ක) මුදලක් කතරගම දේවාලයේ බස්නායක නිළමේ ඩිෂාන් ගුණසේකර මහතාවෙත පරිත්‍යාග කිරීමට චිත්‍රපටයේ නිෂ්පාදක ආචාර්ය රවී ලියනගේ මහතා විසින් පෝය දින(29දා) සිදු කළේය.
රුහුණු මහා කතරගම දේවාලය මගින් මහරගම පිළිකා රෝහලේ ඉඳිකරනු ලබන වාට්ටු සංකීර්ණය සඳහා මෙම මුදල් වැයකිරීමට බස්නායක නිළමේ ඩිෂාන් ගුණසේකර මහතා පියවර ගන්නා බව මෙහිදී සඳහන් කළේය. මීට අමතරව කදිරදිව්‍යරාජ සිනමා පටයට සහ රංගනයෙන් දායක වූ ශිල්පින් වෙත ආශිර්වාදය ලබාගැනීමට කතරගම අෂ්ඨ ඵල බෝධිය අභියසදී බෝධිපූජා පිංකමක්ද පැවැත්විණි.
මෙම අවස්ථාව සඳහා සම්මානිත මහාචාර්ය සුනිල් ආරියරත්න, සංගීතවේදී ආචාර්ය රෝහණ විරසිංහ, චිත්‍රපටයේ ප්‍රධාන නළු නිළි දෙපළ වන සමර් වීර්මනි, සොනක්ෂි සිං රාවත්, සිනමා නිළි නිල්මිණි තෙන්නකෝන්, ධනංජය සිරිවර්ධන ඇතුළු විශාල පිරිසක් එක්වූහ.
කතරගම කේ ඩී දේවප්‍රිය, බඩල්කුඹුර රවිඳු ගුණතිලක