කන්තලේ කාබනික පොහොරවලින් ගසාකෑම ලත් තැනම ලොප්…කිලෝ 40 බෑග්වල භාගයට භාගයක්ම බර අඩුයි

468

කන්තලේ – ඩබ්. එම්. වික්‍රමසිංහ

කන්තලේ ගොවිජන සේවා බල ප්‍රදේශයේ ගොවි සංවිධානයකට පෙරේදා (12 දා) කාබනික පොහොර බෙදා දීමේ දී බෑග්වල කිලෝ 15 ක් 20 ක් පමණ අඩු බවට ගොවීන් චෝදනා කිරීමෙන් පසු පොහොර තොගය ආපසු හරවා යැවීමට ගොවිජන සේවා නිලධාරීන් ක්‍රියාකොට ඇත.

කන්තලේ පේරාරු ප්‍රදේශයේ අක්කර 825 ක පමණ විශාල කුඹුරු යායක් වන පේරාරු ඩී 1” ඩී. 2 ගොවි සංවිධානයේ සභාපති එම්. එච්. රියාල් මහතා මේ සම්බන්ධයෙන් කියා සිටියේ පොහොර මල්ලේ කිලෝ 40 ක් අඩංගු බවට සඳහන් කර ඇතත් කිරා බැලූ විට ඇත්තේ කිලෝ 20 ත් 25 ත් අතර ප්‍රමාණයක් බවත් ය. අනතුරුව මේ පිළිබඳව ගොවි ජන සේවා නිලධාරීන් දැනුවත් කළ පසු අදාළ ආයතනයට දැනුම් දීමට ක්‍රියාකර ඇත. වැරදීමකින් එසේ සිදුවී ඇති බවට ආයතනය පවසා ඇති අතර එම පොහොර තොගය ආපසු හරවා එවන ලෙසට ද දන්වා ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment