කන්තලේ සීනි කම්හල අනිවාර්යයෙන් ලබන වසරේ අරඹනවා – ත්‍රිකුණාමලය මහා දිසාපති ඩබ්.ජී.මහේෂ් හේමන්ත

182

වස දමා ඇති කන්තලේ සීනි කම්හල ලබන වසරේ ස්ථිර වශයෙන් ආරම්භ කිරීමට හා මේ වන විට දේශීය ආයෝජකයින් කීපදෙනකු සමග අවසන් සාකච්ඡා වට කීපයක් ද පවත්වා අවසන් බව ත්‍රිකුණාමලය මහා දිසාපති ඩබ්.ජී.මහේෂ් හේමන්ත මහතා පැවසීය.

සුදුසු ආයෝජකයකු තෝරා ගැනීමේ කටයුතු මේ වන විට ලහි ලහියේ සිදුකර ගෙන යනු ලබන බවත් ඔහු සඳහන් කළේය. මෙම සාකච්ඡාවල දී සීනි හෝ ඒ හා සම්බන්ධ වෙනත් වාණිජ කර්මාන්තයක් හෝ මෙහි ආරම්භ කිරීම සාකච්ඡාවල මූලික අරමුණ වූ බවත් හෙතෙම වැඩිදුරටත් කියා සිටියේ ය.

කන්තලේ ඩබ් .ඒම්.වික්‍රමසිංහ


advertistmentadvertistment