කන්නන්ගර දිවුරුම

1146

”1943 දී අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සී.ඩබ්ලිව්.ඩබ්ලිව්., නිදහස් අධ්‍යාපන පනත් කෙටුම්පත රාජ්‍ය කවුන්සිලයේ හඳුන්වා දෙන ලදී. බොහෝ විවාදවලින් පසුව එය ක‍්‍රියාත්මක කිරීම සඳහා අනුමත කරන ලද අතර 1945 ඔක්තෝබර් 1 වැනි දින නිදහස් අධ්‍යාපන ප‍්‍රතිපත්තිය ක‍්‍රියාත්මක විය. මෙම ප‍්‍රතිපත්තියේ සඳහන් වන්නේ වයස අවුරුදු පහට වැඩි සහ දහසය නොඉක්මවන සෑම දරුවකුටම නොමිලේ අධ්‍යාපනය ලැබිය හැකි බවයි. එය පරම්පරා ගණනාවක සිසුන්ට ප‍්‍රතිලාභ ලබා දී ඇති අතර විශ්ව ප‍්‍රාථමික අධ්‍යාපනයේ සහස‍්‍ර සංවර්ධන ඉලක්කය සපුරා ගැනීම සඳහා ශ‍්‍රී ලංකාවට හැකි වී තිබේ.”

ශ‍්‍රී ලාංකිකයන් වශයෙන් අපගෙන් බොහෝ දෙනෙකුට මේ රටේ නිදහස් අධ්‍යාපනයේ ආශීර්වාද ලැබේ. ”නිදහස් අධ්‍යාපනය” යන මෙම ආශීර්වාද වචනය අප ලෝකය සමඟ කියවිය යුතුය. ලෝකයේ අන් රටවල අධ්‍යාපන ක‍්‍රම සමග සංසන්දනය කළහොත් මෙහි වැඩි වටිනාකමක් ඔබට වැටහෙනු ඇත. තවද, නිදහස් අධ්‍යාපනය යනු ”නොමිලේ අධ්‍යාපනය” ගැන යැයි මිනිසුන් සිතන අතර එය හුදෙක් නිෂ්පාදනයක් හෝ සේවාවක් වැනි යැයි සිතමු. මෙය එයට එහා ගිය සංකල්පයක් බව සැලකිය යුතු මනාය. මෙම සන්දර්භය තුළ ජයවර්ධන (2013) නිදහස් අධ්‍යාපනය අර්ථ දැක්වුවේ ”නොමිලේ අධ්‍යාපනය ලබා දීම පමණක් නොව, ජන සංයුතිය, විකාශනය නොසලකා සෑම දරුවකුටම සමාන ප‍්‍රවේශයක් ලබා දීම, පුද්ගල ශක්තීන් උකහා ගැනිම සහ හොඳ සාරධර්ම වර්ධනය කර  නීතිගරුක පුරවැසියෙක් බිහි කිරීමයි.” ”නිදහස් අධ්‍යාපනය” යන්නෙහි සැබෑ අරුත අප සන්නිවේදනය කළ යුත්තේ මේ ක‍්‍රමය තුළ පල නෙළා ගත් අපමය. මෙයට හේතුවක් වන්නේ ශ‍්‍රී ලංකාව තුළ එහි සැබෑ වටිනාකම තේරුම් ගැනීමට නොහැකි බව සමහර පුරවැසි ක‍්‍රියාකාරකම්වලින් පැහැදිලි වන බැවිනි. කොස්ලා (2019) ට අනුව ”ශ‍්‍රී ලංකාව සිය අධ්‍යාපන ක‍්‍රමයේ සාර්ථකත්වය නිසා ලෝකය කම්පනයට පත් කර තිබේ. නිදහස ලබා වසර හතළිහකටත් අඩු කාලයකදී පාසල් සංඛ්‍යාව සියයට 50 කින් වැඩි වී තිබේ. ඇත්ත වශයෙන්ම, සිසුන් සංඛ්‍යාව සියයට 300 කින් වැඩි වී තිබේ.”

මෙම ආශිර්වාද ලත් නිදහස් අධ්‍යාපනයත් සමඟ මෙහි නියමුවා අප අමතක නොකළ යුතුය. නිදහස් අධ්‍යාපනයේ පියා වන ආචාර්ය සී.ඩබ්ලිව්.ඩබ්ලිව්. කන්නන්ගර පිළිබඳව අප මෙයට වඩා කියවිය යුතුය. පහත සඳහන් වන්නේ එක්සත් ජාතීන්ගේ වෙබ් අඩවියෙන් උපුටා ගත් දෙයකි. ”1943 දී අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සී.ඩබ්ලිව්.ඩබ්ලිව්., නිදහස් අධ්‍යාපන පනත් කෙටුම්පත රාජ්‍ය කවුන්සිලයේ හඳුන්වා දෙන ලදී. බොහෝ විවාදවලින් පසුව එය ක‍්‍රියාත්මක කිරීම සඳහා අනුමත කරන ලද අතර 1945 ඔක්තෝබර් 1 වැනි දින නිදහස් අධ්‍යාපන ප‍්‍රතිපත්තිය ක‍්‍රියාත්මක විය. මෙම ප‍්‍රතිපත්තියේ සඳහන් වන්නේ වයස අවුරුදු පහට වැඩි සහ දහසය නොඉක්මවන සෑම දරුවකුටම නොමිලේ අධ්‍යාපනය ලැබිය හැකි බවයි. එය පරම්පරා

ගණනාවක සිසුන්ට ප‍්‍රතිලාභ ලබා දී ඇති අතර විශ්ව ප‍්‍රාථමික අධ්‍යාපනයේ සහස‍්‍ර සංවර්ධන ඉලක්කය සපුරා ගැනීම සඳහා ශ‍්‍රී ලංකාවට හැකි වී තිබේ.” ශ‍්‍රී ලංකාව තුළ අප මේ ජාතික වීරයාට ගරු කළ යුතුය. එයට හේතුව ලෙස මා දකින්නේ ශ‍්‍රී ලංකාවේ නිදහස් අධ්‍යාපනයේ පියා ගැන සහ නිදහස් අධ්‍යාපනය ගැන අපට වඩා අනෙකුත් රටවල විද්වතුන් බොහෝ පර්යේෂණ සිදු කර ඇති නිසාය.

පහත උපුටන නෙදර්ලන්තයේ ලයිඩන් විශ්වවිද්‍යාලයේ යටත් විජිත හා ගෝලීය ඉතිහාසය පිළිබඳව අධ්‍යනය කළ විලෙමිජන් වුස්ටර් විසින් ඉදිරිපත් කළ ”යටත් විජිත අධ්‍යාපනය: යටත් විජිත ලංකාවේ (විශේෂයෙන් 1930 සිට නිදහස දක්වා) අධ්‍යාපනය පිළිබඳ සිද්ධි අධ්‍යයනය” තුළිනි.

”ශ‍්‍රී ලංකාවේ සෑම පුරවැසියකුටම අධ්‍යාපනය -බාලාංශයේ සිට විශ්වවිද්‍යාලය දක්වා” නොමිලේ ලබා දිය හැකි නිදහස් අධ්‍යාපනය පිළිබඳ අදහස කන්නන්ගර යෝජනා කළේය. එයින් අදහස් කළේ සෑම සිසුවකුටම අධ්‍යාපනය සඳහා කිසිදු ගාස්තුවක් ගෙවීමට නොහැකි බවය. ඔහුගේ නිදහස් අධ්‍යාපන සැලැස්ම 1945 දී ලංකාවේ යථාර්ථයක් බවට පත්වීමට පෙර ඔහුට රාජ්‍ය කවුන්සිලයේ වසර දහසයක් පුරාවට දැඩි වෙහෙසකින් එත්තු ගැන්වීමට සිදුවුණි. මෙම නිදහස් අධ්‍යාපන ක‍්‍රමය ක‍්‍රියාත්මක කිරීමෙන් යටත් විජිත අධ්‍යාපන ක‍්‍රමය විසින් සහජයෙන්ම ප‍්‍රවර්ධනය කරන ලද සමාජ අසමානතාවය අවසන් විය. මේ හේතුව නිසා කන්නංගර වර්තමානයේ ශ‍්‍රී ලංකාවේ ‘නිදහස් අධ්‍යාපනයේ පියා’ ලෙස සිහිපත් වේ. මෙහිදී වුස්ටර් තර්ක කළේ ”පොදුරාජ්‍ය මණ්ඩලීය රටවල අධ්‍යාපනය පිළිබඳව දැනටමත් බොහෝ දේ ලියා ඇතත් සිතා ගත නොහැකි ලෙස, ලංකාව සැමවිටම මෙම අධ්‍යයනවලට භාජනය නොවී ඇති බවයි. 1930 ගණන්වල ලංකාවේ ‘නිදහස් අධ්‍යාපන’ ක‍්‍රමයක් ආරම්භ කර 1940  ගණන්වලදී ක‍්‍රියාත්මක වූ මේ තුළ ලංකාවේ සියලූම ප‍්‍රාථමික හා ද්විතීයික පාසල්වලට වෙනස් ආකාරයේ අධ්‍යාපනයක් ලබා දීමයි. මෙහි ප‍්‍රතිපලයක් ලෙස ඉන්දියාව, බංග්ලාදේශය සහ පාකිස්තානය වැනි පොදුරාජ්‍ය මණ්ඩලීය රටවලට සාපේක්ෂව ශ‍්‍රී ලංකාවේ සාක්ෂරතා අනුපාතය ඉතා ඉහළ මට්ටමක පැවතීම දැකිය හැක.

තවද කන්නන්ගර මහතා පිළිබඳව අධ්‍යනයක යෙදුනු ආචාර්ය සේදර පවසන්නේ 1944 කන්නන්ගර මහතා ඉදිරිපත් කළ පනතේ දේශනය ඇසූ ඉන්දියාවේ නියෝජිතයෙකු ප‍්‍රකාශ කළේ, ඔහු මෙම පනත් කෙටුම්පත ඉන්දියාවේදී ඉදිරිපත් කළේ නම්, ආචාර්ය කන්නන්ගර දෙවියකු ලෙස වන්දනාමාන කිරීමට ඉඩ තිබූ බවයි. ශ‍්‍රී ලංකාවේ සියලූම දරුවන්ට නිදහස් අධ්‍යාපනයේ අයිතිය ලබා දීම ක‍්‍රියාත්මක කරන අපගේ ”නිදහස් අධ්‍යාපනයේ පියා” එය හඳුන්වා දීමෙන් වසර 2-3 ක් ඇතුළත එනම් 1947 දී පැවති මීළඟ පාර්ලිමේන්තු මැතිවරණයේදී ආසනය අහිමි කර ගැනීමත්, නිදහස් අධ්‍යාපනය තුළින් ග‍්‍රාමීය දුප්පතුන් නිදහස් කළ වීරයා වූ ආචාර්ය සී.ඩබ්ලිව්. කන්නන්ගර පරාජයට පත්වූයේ සමාජවාදී කඳවුරේ විල්මට් ඒ. පෙරේරාට බවත් ආචාර්ය සේදර පවසන අතර එය තුළ මා දකින්නේ ”ඡුන්දදයක හැසිරීම” තවදුරටත් ලංකාව තුළ වෙනම අධ්‍යනය කළ යුතු බවයි.

ශ‍්‍රී ලාංකිකයන් බොහෝ වීරයන් සැමරීම සඳහා ප‍්‍රසිද්ධියක් උසුලන අයුරු අපි දැක ඇත්තෙමු. නිදහස් අධ්‍යාපනයෙන් ලබාගත් අප සෑම කෙනෙකුටම ”කන්නංගරගේ දිවුරුම” ලබා දීමට යෝජනා කිරීමට කැමැත්තෙමි. එම දිවුරුම මෙසේ යෝජනා කළ හැක. ”නිදහස් අධ්‍යාපනය ලබා ගැනීමේ ගෞරවය සනිටුහන් කිරීම සඳහා අපි අපගේ යුතුකම ඉටු කරනු වස් අප සාමාන්‍ය ජනතාවට උදවු කරමින් සහ රටේ ප‍්‍රගමනයට දායක වන බව සපථ කරමු.”

මහාචාර්ය  නලින් අබේසේකර

advertistmentadvertistment
advertistmentadvertistment