ශ්‍රී ලංකා පාසල් ටයිකොන්ඩෝ සංගමයේ මෙහෙය වීමෙන් නිවිතිගල දෑල රාජකීය විදුහල් භූමියේ දී පැවැති අන්තර් පාසල් කනිෂ්ඨ ටයිකොන්ඩෝ තරග මාලාවේ අනුශූරතාව තහවුරු කරගත් කොළඹ විශාඛා විද්‍යාලයීය කණ්ඩායම ඡායාරූපයෙන් දැක්වේ.
ටයිකොන්ඩෝ ක්‍රීඩාව විශාඛා විදුහලට හඳුන්වා දීමෙන් අනතුරුව සහභාගී වූ පළමු සමස්ත ලංකා පාසල් මට්ටමේ තරගාවලිය මෙය වූ අතර එහිදී සමස්ත අනුශූරතාව තහවුරු කර ගැනීමට සමත්වීම කැපී පෙනුණි. විශාඛා විදුහල වෙනුවෙන් පළමු රන් පදක්කම දිනුලූ විජේසුන්දර ක්‍රීඩිකාව දිනා ගත් අතර ලෝකඩ පදක්කම බැගින් දිනා ගනිමින් කැපී පෙනෙන්නට ලිමන්සා දෙව්නදී, කේෂාරී ගුණසේකර සහ එච්. එම්. සෙනුදි දම්සරා සමත් වූහ.
විදුහල්පති මනෝමී සෙනෙවිරත්න මහත්මියගේ උපදෙස් පරිදි ක්‍රියාත්මක කෙරෙන විශාඛා විද්‍යාලයීය ටයිකොන්ඩෝ ක්‍රීඩාවේ පුහුණුකරු ලෙස තාරක එරංග ගමගේ මහතා ද ටයිකොන්ඩෝ ක්‍රීඩාව භාර ගුරු මහත්මිය ලෙස ක්‍රීඩා පරිපාලිකා යමුනා දහනායක මහත්මිය ද කටයුතු කළාය.
අනුරුද්ධ හේරත් බණ්ඩාර