පොදු රාජ්‍ය මණ්ඩලයීය බර ඉසිලීමේ සම්මේලනයේ මෙහෙය වීමෙන් ෆීජී රාජ්‍යයේ සුවා නගරයෙහි දැන් ක්‍රියාත්මක පොදු රාජ්‍ය මණ්ඩලයීය කනිෂ්ඨ බර ඉසිලීමේ තරගාවලියේ දී ලෝකඩ පදක්කමක් දිනා ගනිමින් කැපී පෙනෙන්නට අශේන් කරුණාරත්න සමත් විය.
කිලෝ ග්‍රෑම් 61 ට අඩු බර පන්තිය යටතේ තරග කළ අශේන් කරුණාරත්න ලෝකඩ පදක්කම දිනා ගැනීම උදෙසා එසවූ බර එකතුව කිලෝ ග්‍රෑම් 233 කි. අශේන් කරුණාරත්න ඒ සඳහා ගිය ගමනේ දී ස්නැච් ක්‍රමයට කි. ග්රෑ. 103 ක් සහ ක්ලීන් ඇන්ඩ් ජර්ක් ක්‍රමයට කි. ග්රෑ. 130 ක් සාර්ථකව එසවීමට සමත් විය.
ඉකුත් 16 දින ආරම්භ කරන ලද මෙම තරගාවලිය ලබන 21 දින දක්වා ක්‍රියාත්මක කෙරේ. මෙම තරගාවලියට සමගාමීව ජ්‍යෙෂ්ඨ තරගාවලිය සහ යොවුන් තරගාවලිය ද පැවැත්වේ.
ලෝකඩ පදක්කම් ලාභී අශේන් කරුණාරත්න තම පුහුණුකරු වන ධනුෂ්ක නිකලස් මහතා සමග ඡායාරූපයෙන් දැක්වේ.
අනුරුද්ධ හේරත් බණ්ඩාර