කඳාන සම්බාහන මධ්‍යස්ථානයක් ඇතුළේ පුද්ගලයෙක් මියයයි

1725

කඳාන ප්‍රදේශයේ සම්බාහන මධ්‍යස්ථානයක් තුළදී පුද්ගලයකු මරුමුවට පත්වී ඇතැයි කඳාන පොලිසිය පවසයි.

ඊයේ (12 දා) අලුයම් කාලයේ මෙලෙස මියගොස් ඇත්තේ කඳාන, නාගොඩ පදිංචිව සිටි 42 හැවිරිදි විවාහක පුද්ගලයෙක් බව ද පොලිසිය කියයි.

මොහු පෙරේදා රාත්‍රි සම්බාහන මධ්‍යස්ථානය වෙත පැමිණ තිබේ.

හෘදයාබාධයක් හේතුවෙන් මොහු මියයන්නට ඇතැයි පොලිසිය සැක කරයි.


advertistmentadvertistment