කපාකොටා ඝාතනය කළ අලියෙකුගේ සිරුරක් කිරිඳි ඔයේ පාවෙමින් තිබිය දී හමුවේ

414

තෙළුල්ල ප්‍රදේශයේ ගලාබසිනා කිරිඳි ඔයේ පාවෙමින් තිබූ කපා කොටා ඝාතනය කළ වනඅලියෙකුගේ සිරුරක් ඉකුත් (13) වැනිදා තෙළුල්ල ප්‍රදේශවාසීන්ට හමුවී තිබේ.

කිරිඳිඔයේ තෙළුල්ල හුවන්ගමුව පන්සල් අලිමංකඩ අසල තිබී අලියාගේ මළසිරුර හමුවී ඇති අතර අලියාගේ හොඬවැල කපාදමා ඇති අතර ගෙලේ සහ පාදවල කැපුම් තුවාල දක්නට තිබූ බව කුඩාඔය පොලිසිය පවසයි.

මෙම වනඅලියා වගා බිමකට පැමිණි අවස්ථාවක දී වෙඩිතබා ඝාතනය කර කෑලිවලට කපා කිරිඳිඔයට දමන්නට ඇතැයි පොලිසිය විශ්වාසය පළ කරයි.

අලියාගේ සිරුරේ කොටස් සෙවීම සඳහා වනජීවී නිලධාරීන් සහ පොලිස් නිලධාරීන් ගම්වාසීන්ගේ සහාය ඇතිව විශේෂ මෙහෙයුමක් දියත්කොට ඇත.
බඩල්කුඹුර රවිඳු ගුණතිලක

advertistmentadvertistment
advertistmentadvertistment