කබනික පොහොර නිෂ්පාදිත බහුකාර්ය යන්ත‍්‍රයක් නිපදවූ ඇඹිලිපිටියේ ගොවි පුතෙක්

142

වසර වඩාත් කතාබහට ලක්ව ඇති මාතෘකාව වන්නේ ශී‍්‍ර ලංකාවේ කාෂිකර්මාන්තය කාබනික පොහොර කි‍්‍රයාවලියට යොමු කිරීමය.

මේ වන විට දේශීය හා විදේශීය කාබනික පොහොර පිළිබ`ද විවිධ මත ගැටුම් නිසා අදාළ ක්‍ෂේත‍්‍ර තුළ ගොවීන්ද දැඩි දුෂ්කරතාවලට ලක්ව ඇත. එම හේතුව නිසාම කාබනික පොහොර තම තමන් නිෂ්පාදනය කර ගැනීම ස`දහා ගොවීන් උනන්දුවක් දක්වන අතර ඔවුන් විසින්ම යම් යම් උපකරණ සාදා ගැනීමට ද උත්සුක වී ඇත. මෙම ගැටලූවට විසඳුමක් ලෙස මාස කීපයක සිට කළ අත්හදාබැලීම් තුළින් අංක 30 සර්කිට් පාර, කුඹුගොඩආර, ඇඹිලිපිටිය යන ලිපිනයේ පදිංචි දඩල්ලගේ සරත් කුමාර මහතා විසින් මෙතෙක් දිවයිනේ නිර්මාණය වී නොමැති කාබනික පොහොර නිෂ්පාදනය කරන බහු කාර්ය යන්ත‍්‍රයක් නිපදවා ඇත.

කබනික පොහොර නිෂ්පාදිත බහුකාර්ය යන්ත‍්‍රයක් නිපදවූ ඇඹිලිපිටියේ ගොවි පුතෙක්


මෙකී යන්ත‍්‍රය දේශීය අමතර කොටස් යොදා ගනිමින් නිර්මාණය කර ඇත. කොම්පෝස්ට් හා කාබනික කියා ක‍්‍රම දෙකකට ගොවීන් පොහොර හඳුන්වනවා. කුකුළු පොහොර, සිප්පිකටු, ගොම වැනි දෑ අඹරලා හදන එක කොම්පෝස්ට් කියනවා. කෙසෙල්, ගිනිසීරිය, මානං පොල්අතු වැනි දෑ කපලා හදන එක කාබනික කියා හඳුන්වනවා. මේ දෙකම එකම යන්ත‍්‍රයකින් කරගන්න මම හදපු යන්ත‍්‍රයෙන් පුළුවන්. බහු කාර්ය යන්ත‍්‍රය කියලා නම් කළේ ඒකයි. මැෂින් වෙළ`දපොළේ තිබුණට එකම මැෂිමෙන් ක‍්‍රම දෙකටම පොහොර හදන මැෂිමක් වෙළ`දපොළේ නැහැ.

මේ යන්ත‍්‍රයේ විශේෂත්වය විදුලිය නැති පළාත්වලට ඞීසල්වලින් වැඩකරද්දී විදුලිය ඇති පළාත්වලට විදුලියෙන් වැඩ කරන්න පුළුවන් වීමයි. මිලදී ගන්න කැමති ගොවීන්ට ණය සහනාධාර ක‍්‍රමයකට සහන සලසල දෙනවා නම් මේක වැඩි දියුණු කරගන්න අපටත්, ගොවීන්ටත් විශාල පිටිවහලක් වෙනවා. විශේෂයෙන් මගේ පියා වසර 50කට ආසන්න කාලයක සිට කෘෂිකර්මාන්තයට අවශ්‍ය න`ගුල්, මඩ වීල්, රොටරි, ටේලර් වැනි ආම්පන්න නිෂ්පාදකයෙක්. පියාගෙන් ලැබෙන සහයෝගයත් සිහිපත් කළ යුතුයි.

කුට්ටිගල, දම්මුල්ලේ – සේන වී. ගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment