කමල් ශ‍්‍රී ලියනගේ අරුමැසි පේ‍්‍රමය

101

සංගීත රාවයකුදු නෑසුණ වසර දෙකක පමණ දිගු නිහැඬියාවකින් පසුව දක්ෂිණ ලංකාවේ බළපිටිය මාඳුගඟ අසබඩ කැප්ටන් මරීනා හෝටලයේ දී ඉකුත් ජනවාරී 15 වැනි සෙනසුරාදා සවස් යාමයේ දී කමල් ශ‍්‍රී ලියනගේ විසින් ‘අරුමැසි පේ‍්‍රමය’ සංයුක්ත තැටිය ජනගත කරනු ලැබිණx එහි රාව නැඟුණු සංගීතය පැමිණි සියල්ලෝ ම මවිත කළහ. කමල් ශ‍්‍රී මුල් ප‍්‍රසංගය බළපිටිය සිද්ධාර්ථ විද්‍යාලයෙන් සංගීත ලෝකය දිග් විජය කළ විශාරද, ආචාර්ය පණ්ඩිත් අමරදේවයන් ගේ අමරනාමයට උපහාරයක් ලෙසින් නම් කර තිබුණි. විශාරද රෝහණ බෝගොඩ සංගීතවත් කළ ප‍්‍රසංගයට විශාරද ජගත් වික‍්‍රමසිංහ, විශාරද සමන්ත පෙරේරා, විශාරද සෝමසිරි මැදගෙදර, විශාරද චන්දන ලියනාරච්චි, විශාරද ස්වර්ණලතා කවීශ්වර, විශාරද සුභාණි හර්ෂණී මුතුකුමාරණ, රොහාන් ශාන්ත  බුලේගොඩ, කීර්ති පැස්කුවල්, අසංක ප‍්‍රියමන්ත පීරිස්, ලක්‍ෂ්මන් හේවාවිතාරණ යනාදී ගායක ගායිකාවෝ ගීත ගායනා කළහx මේ මනරම් සැඳෑව කමල් ශ‍්‍රී ලියනගේ ගී මල් වලින් අලංකාර කෙරිණ. කමල් ගීතයේ තිඹිරිගෙය පාසල් කාලයේ දී විකසිත කරගත් සාහිත්‍ය කලා කරුවෙකි. ඔහුට පෙරඇදුරන් ගේ ආලෝකය ද ලැබී තිබීම තවත් විශේෂත්වයකි.

කමල් ශ‍්‍රී ලියනගේ අරුමැසි පේ‍්‍රමය

සුභාවිත ගීතයේ යුග පුරුෂයා වූ ආචාර්ය පණ්ඩිත් අමරදේවයාණෝ සාර්ථක ගීතයක පදමාලාව හා සංගීතය අතර අනුකූලතාවක් දුටුහ. ගී මඟ රන්සුණු සොයා යන ගමන අමරදේවයෝ බළපිටිය සිද්ධාර්ථ විද්‍යාලයෙන් ආරම්භ කළහ. ඔහු පාසලේ ගුරුවරුන්ට පවා සංගීතය උගන්වමින්, චිත‍්‍රපටවලට ගීත ගායනා කරමින් ලැබූ පන්නරය පසු කලෙක සිද්ධාර්ථ විද්‍යාලයේ සාරසිප් ලැබූ කමල් ශ‍්‍රී ලියනගේ ගේයපද රචකයාට ද උත්තෙජක සපයන්නට ඇතx කමල් ගේ ගීත ගැඹුරු පදමාලාවන්ගෙන් සංගෘහිත නො වුව ද, නාදය ආත්ම කොටගත් සංගීතයේ දී අමෘත ලක්ෂණයන්ගෙන් පොහොසත් ය. කීර්ති පැස්කුවල් සුලවතාණන් ගේ සුලකළකූරු මියුරු ස්වරයෙන් ගැයෙන සඳ කුමරිය ගේ ගීතය කමල් ශ‍්‍රී ලියනගේ සතු කාව්‍යාත්මක ප‍්‍රතිභාව පෙන්වයි. පද මාලාවක් විදියට ගත්කල ‘කමල් ගී මල්’ හි එන වක්‍රෝත්ති ව්‍යාවහරයෙහි ඵල නෙළා ගෙන ඇති හොඳ ම ගීය මෙය යැයි කිව හැකි ය.

 ” දුහුල් වලා නැති නිල් ආකාසේ
 සඳ විමනෙන් වැඩි කුමරියනේ
 ලොවට හොරෙන් මගෙ හද මඬලට
 තුරුලූ වෙන්න සඳ කුමරියනේ ’’

 ආචාර්ය රෝහණ වීරසිංහයන් ගේ සංගීතයත්, කීර්ති පැස්කුවල් ගේ ගායන කෞශල්‍යයත් නිසා මේ ගීතය තරුණ පෙළ ආකර්ෂණය කර ගනී. කමල්  ශ‍්‍රී මිනිස් ජීවිතයේ ආදරය, පේ‍්‍රමය, විරහව යන මනෝභාවයන් කීමට යොදාගත් පද මාලාවට රෝහණ වීරසිංහයන් සංගීත ස්වර රචනයෙන් ලබාදී ඇති අනුග‍්‍රහය රසිකයා ගේ සවන් පිනවීමට මෙන් ම ආධ්‍යාත්ම පෝෂණයට ප‍්‍රබල බලපෑමක් ඇති කරනුයේ කීර්ති පැස්තුවල් ගේ ළයාන්විත හඬ පෞරුෂය යි.

 ”සංගීතය වාචනා මාධ්‍යයට නො නැඟූ ශබ්ද ප‍්‍රවාහයක් වන අතර, පද්‍ය කාව්‍ය ශබ්ද තරංගාවලියකට නො නැඟූ වචන සමුදායක් වෙයිx සංගීතය හා පද්‍ය කාව්‍ය යන දෙකේ ම ප‍්‍රබලතාවනුත්; සීමාවනුත් අතරින් බිහිවනුයේ ගීතය යිx ගීත රචකයා ගේ පරිශ‍්‍රමය වනුයේ කාව්‍යෝචිත භාවයෙන් පමණක් නොවූ ශ‍්‍රවණ මාධුර්යයෙන් ද පරිපූර්ණ වූ වචන සංඝටනයකින් හෙබි භාෂා රීතියක් මධ්‍ය කොට ගනිමින්, ශ‍්‍රාවකයා තුළ අපූර්ව වින්දනයක් ජනනය කිරීමයිx (තුන්පත් රටා හැඳින්වීම) ඒ කාර්යයට නිදසුන් කළ හැකි කමල් ශ‍්‍රී

 මල් හි එන සොඳුරිය ඔබ ඇවිත් යන්න ගීතය වෙත අවධානය යොමු කරම.

 සඳ සාවිට හාදු දෙන්න
 රැ අහසේ තරු ගනින්න
 මගේ තනියට ළඟින් ඉන්න
 සොඳුරිය ඔබ ඇවිත් යන්න.

 විශාරද ඉන්දික රජින්ත ලක්මාල් සංගීතවේදියාණන් ස්වර රචනයෙන් හැඬ ගැන් වූ මේ ගීතය රොහාන් ශාන්ත බුලේගොඩ ගේ භාවාත්මක ස්වරයෙන් රාව නැෙඟයි. කමල් ගේ ගේය පද රචනා  අතර ඒකමානීය නොවන අත්දැකීම් ප‍්‍රතිනිර්මාණ අතර මේ ගීතය ද වෙයි. විප‍්‍රලම්බ ශෘංගාරය දනවන ”මේ ගීතයට යොදාගෙන ඇති වචන මුතු ඇටවැන්න. එහෙත්, ඒවා වැලකට අමුණා නැතx ගීතය සඳහා යොදාගත් සංගීත රටාව මනබඳිනට සමත් වෙයි. මේ නිසා අර්ථ රසයක් ගැන සොයන්නට – ශ‍්‍රාවකයා නො වෙහෙසෙ යි.  මුතු මාලයක් දෙස බලා අප ලබාගන්නා ආස්වාදය මුතු බඳුනක් දෙස බැලීමෙන් අත්කර ගත නොහේ. මාලයක් නො වුව ද මුතුවල ඇති වටිනාකමේ අඩුවක් නො මැත.

 ගායනයේ ඇති ප‍්‍රබලතාවන් ගායනා ලතාවන් ඉදිරිපත් කිරීමේ දක්ෂතාවත් නිසා ශාස්ත‍්‍රීය ලක්ෂණයන්ගෙන් හෙබි ගී මුළු වදින මේ යුගයේත් (ගී සින්දු සාහිත්‍යය; 154-155 පිටු) කමල් ගේ සොඳුරිය ඔබ ඇවිත් යන්න ගීතය රසික ආධ්‍යාත්මය කරුණා රසයෙන් පෝෂ්‍ය කරයි.

 අනුභූති ප‍්‍රතිනිර්මාණයේ විවිධතා ප‍්‍රකට කරන බහුමානීය ගීත කිහිපයක් ඇතත්, කමල් ගී මල් හි එන බොහෝ ගීත ආදරය, පේ‍්‍රමය, විරහව නිමිති කරගෙන රචනා කළ ඒවා යx අපේ පන්තියේ ගීතය ඔහුගේ ගුරු ජීවිත අත්දැකීමක් විෂයය කර ගත්තකිx පන්ති කාමරයක දුප්පත්කම, නැතිබැරිකම නිසා ම අකුරට සමුදෙන මවුපිය දෙපළ ම අහිමි ළමයකු ගේ මානසික සංවේදනා කියන අපේ පන්තියේ ගීතය සරල පදමාලාවකිx ඒ සඳහා මහින්ද බණ්ඩාර සංගීතවේදියාණන් ගේ තනුනිර්මාණය රසිකයා ගේ ආධ්‍යාත්මය කම්පනය කිරීමට තරම් ප‍්‍රබල හැඟීම් දනවයිx විශාරද ස්වර්ණලතා කාවීශ්වරගේ ළයාන්විත හඬ පෞරුෂය නිසා සංගීතයෙන් ගලා එන කරුණා රසය, ශෝකීරාවයකට පරිවර්තනය කෙරෙයිx වර්තමානයේ රැල්ලට ලියවෙන පේ‍්‍රමාලාප ද කමල් ගී මල්හි වෙය.

 ” සිහිනයකි මට නුඹේ පේ‍්‍රමය
 සැබෑ නොවූ කිසිදා’’

 විශාරද රෝහණ බෝගොඩයන් ගේම කර්ණ රසායන සංගීතයත්, ගායන කෞශල්‍යයත් නිසා මේ ගීතය පෙම් බැඳුම් බිඳ වැටුණ පෙම්වතුන් ගේ සිත් හි විප‍්‍රලම්භ ශෘංගාරය ඇති කරයිx කමල් ගී මල් හි එන පේ‍්‍රමාලාප බොහොමයක සරුවට වැඞී ඇත්තේ ගායන හා වාදන ප‍්‍රතිභාව නිසාම යx කමල් ශ‍්‍රී ලියනගේ විදුලි වේගයෙන් ගී කෙතට අවතීර්ණ නොවී, රත්න ශ‍්‍රී විජේසිංහ වැනි ප‍්‍රවීණ ගීත රචකයන් මෙන් කවීත්වය පොහොණී කරගෙන ගී මල් විකසිත කළේ නම් එහි ආලෝකය තවත් ඈතට විහිදෙනු ඇතx එහෙත් ඔහු ගේ ගී මඟ පිළිබඳ බලාපොරොත්තු තැබිය හැකි රචනා කිහිපයක් ලංකාවේ ප‍්‍රවීණ ගායක, ගායිකාවෝ ගායනා කරතිx ආචාර්ය රෝහණ වීරසිංහ සංගීතවත් කළ, විශාරද චන්දන ලියනාරච්චි ගායනා කරන සඳ සාවිය හොරෙන් බලා ගීතය ද, විශාරද නවරත්න ගමගේ සංගීතයෙන් හැඩ ගැන් වූ විශාරද සෝමසිරි මැදගෙදර ගයන ‘නුඹයි පේ‍්‍රමයේ ඉර මල’ ගීතය ද විශාරද ජගත් වික‍්‍රමසිංහ සංගීතයවත් කර ගයනා කරන ’පේ‍්‍රම ත‍්‍රිකෝණේ’ ගීතය ද අනාගතයේ පිපෙන කමල් ගී මල් ගැන බලාපොරොත්තු දල්වා හිඳින්නට රසිකයා පොළඹවයි.

 මතු දිනෙක කමල් ශ‍්‍රී ලියනගේ අනුකරණයෙන් මිදී රත්න ශ‍්‍රී විජේසිංහ, සුනිල් ආරියරත්න, කුලරත්න ආරියවංශ, සුනිල් ආර් ගමගේ, ප‍්‍රණීත් අභයසුන්දරxxxx වැනි ප‍්‍රවීණ ගේය පද රචකයන් ගේ ආලෝකය ලබන්නේ නම් කමල් ගී මල් පොහොණි කරගත හැකි යx එවිට බළපිටිය සිද්ධාර්ථ විද්‍යාලයෙන් ගී මල් පුබුදු කළ ආචාර්ය පණ්ඩිත් අමරදේවයාණන්ගේ අමර නාමයට සිද්ධාර්ථයෙන් ම තවත් ගී මල් පිපෙනු ඇතx ඒ මල් සුවඳ ජන ආධ්‍යත්මයට ගයන්නට බළපිටියේ උරුමයට ලේ නෑකම් කියන කීර්ති පැස්කුවල් සුලවතාණන්ට හැකි වනු ඇතx එවිට කමල් ගී මල් දනන් තුඩ තුඩ රැුව් දී චිරාකල් රැඳෙනු ඇත.

 මහේෂ් ක‍්‍රිශාන්ත
 සංස්කරණය – රුවන් ජයවර්ධන

advertistmentadvertistment
advertistmentadvertistment