ඇමෙරිකාවේ ජනාධිපතිවරණය සඳහා ඩිමොක්රටික් පක්ෂයේ අපේක්ෂකයා ලෙස ඉදිරිපත්ව සිටින උප ජනාධිපති කමලා හැරිස් මහත්මිය ඒ සඳහා සුදුසුකම් ලබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. අපේක්ෂකත්වය සඳහා අවශ්‍ය පක්ෂ නියෝජිතයන්ගේ අවම ඡන්ද සංඛ්‍යාව වන නියෝජිතයන් 2,350ගේ සහාය ඩිමොක්රටික් අපේක්ෂකයා ලෙස ඇයට හිමිව තිබේ. ඒ අනුව මෙම මස අවසානයේ දී පැවැත්වෙන පක්ෂයේ ජාතික සම්මේලනයේදී ඇයට නිල වශයෙන් ජනාධිපති අපේක්ෂකත්වය ලබාදීමට නියමිත බව විදෙස් මාධ්‍ය පවසයි.