ලබන නොවැම්බර් 05 වැනිදා පැවැත්වෙන ඇමරිකානු ජනාධිපතිවරණයට පෙර වත්මන් උප ජනාධිපතිනිය මෙන්ම ජනාධිපතිවරණයේ පාලක ඩිමොක්රටික් පක්ෂයේ ජනාධිපති අපේක්ෂිකාව වන කමලා හැරිස් සමග නැවත රූපවාහිනී විවාදයක් පැවැත්වීම රිපබ්ලිකන් පක්ෂයේ අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ප්‍රතික්ෂේප කර තිබේ.
ඉකුත් අඟහරුවාදා ට්‍රම්ප් හා හැරිස් අතර පැවැති වැඩි දෙනෙකුගේ අවධානය යොමුව තිබූ සජීවී රූපවාහිනී දේශපාලන විවාදයෙන් අනතුරුව ඇමරිකාවේ ඡන්ද දායකයන් වෙනුවෙන් තවත් රූපවාහිනී විවාදයක් ට්‍රම්ප් හා තමා අතර පැවැත්විය යුතු බවට උප ජනාධිපතිනි කමලා හැරිස් විසින් සිදු කර තිබූ ප්‍රකාශයට පිළිතුරු වශයෙන් ට්‍රම්ප් මේ බව ප්‍රකාශ කර තිබේ.
ඉකුත් අඟහරුවාදා ඇමරිකාවේ ඒ බී සී රූපවාහිනී සේවය විසින් අනුග්‍රහය දක්වමින් සජීවීව ට්‍රම්ප් හා හැරිස් අතර පැවැත්වූ සජීවී දේශපාලන විවාදයේදී ට්‍රම්ප්ට වඩා හැරිස් සිය දක්ෂතාවය පෙන්වමින් විවාදය ජය ගත් බවට මතයක් ඇමරිකානු ජනතාව අතර හටගෙන ඇති වාතාවරණයක් තුළ ට්‍රම්ප් විසින් නැවත විවාදයකට යෑම ප්‍රතික්ෂේප කර ඇති බව විදෙස් මාධ්‍ය පවසයි. අදාළ විවාදය කමලා හැරිස් විසින් ජයග්‍රහණය කර ඇති බව දේශපාලන විචාරකයන් මෙන්ම සාමාන්‍ය ජනතාවගෙන් බහුතරයක් අතර ද මතයක් පැවතිය ද ට්‍රම්ප් පවසා ඇත්තේ හැරිස්ට නැවත තරගයක් අවශ්‍යව ඇත්තේ තමා අඟහරුවාදා පැවැති විවාදය ජයග්‍රහණය කළ නිසා බවයි. කෙසේ වුවද අඟහරුවාදා පැවැති දේශපාලන විවාදයෙන් අනතුරුව උතුරු කැරොලිනා ප්‍රාන්තයේ පැවැති ඩිමොක්රටික් පක්ෂ මැතිවරණ රැලියක් ඇමතීමෙන් පසු උප ජනාධිපතිනි හැරිස් මාධ්‍යයට පවසා ඇත්තේ “අවදානම් අඩියේ පවතින දෙය වඩාත් වැදගත් විය නොහැකි නිසා අපේක්ෂකයන් දෙදෙනාම ඡන්ද දායකයන්ට තවත් විවාදයක් පැවැත්වීමට ණයගැති බවක් පවතිනවා” යනුවෙනි. මේ අතර ට්‍රම්ප් විසින් ජනාධිපතිවරණයට පෙර හැරිස් සමග තවත් දේශපාලන විවාදයක් පැවැත්වීම ප්‍රතික්ෂේප කිරීම ඇමරිකානු මාධ්‍ය ආයතනයක් වන සී එන් එන් රූපවාහිනි සේවය විසින් වාර්තා කර ඇත්තේ ‘දක්ෂ ප්‍රදර්ශකයා සිය මිලියන දස දහස් ගණනක් වූ නරඹන්නන්ට මේ මොහොතේ පිටුපා ඇති බවයි.’
ඒමන්ති මාරඹේ