කමිදු මෙන්ඩිස් අද ටෙස්ට් ක්‍රිකට් ලෝක වාර්තාවක් තමා සතු කර ගත්තේය.එසේ ඔහු තැබූ ලෝක වාර්තාව වූයේ ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයකු විසින් තමා මේ දක්වා සහභාගීවූ සියලු ටෙස්ට් තරගවලදී අර්ධ ශතක වාර්තා කරමිනි.මේ දක්වා ඔහු ටෙස්ට් ක්‍රිකට් තරග 08කට සහභාගීවි ඇත.ඒ අනුව වසර 132ක් පැරණි ටෙස්ට් ඉතිහාසයේ මෙම දස්කම දැක්වූ පළමු ක්‍රීඩකයා ලෙස කමිඳු මෙන්ඩිස් සැලකෙයි. ශ්‍රී ලංකාව සහ සංචාරක නවසීලන්ත කණ්ඩායම අතර ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරයේදී ඔහු මෙම ලෝක වාර්තාව පිහිටුවීය.තරගයේ පළමු දිනය වූ අද දිනය නිමා වන විට කමිදු මෙන්ඩිස් නොදැවී ලකුණු 51ක් ද ඇන්ජලෝ මැතිව්ස් නොදැවී ලකුණු 78ක් ලබා සිටිති. ශ්‍රී ලංකා කණ්ඩායම කඩුළු 03ක් දැවී ලකුණු 306යි.දිනේෂ් චන්දිමාල් 116යි.
|