කරන්නාගොඩට නඩු පවරන්න කලින් රහස් තොරතුරු එළියට ගියේ කොහොමද?

880

හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩගේ නම මෙවරත් මානව හිමිකම් කොමසාරිස් මිෂෙලි බැචලේගේ වාචික වාර්තාවට ඇතුළත්වී තිබුණි. ඊට සම්බන්ධ වූයේ ස්විට්සර්ලන්තයේ සිටින හිටපු කැරලිකරුවකුයි. මෙයට වසර කිහිපයකට පෙර ප‍්‍රංශයේ සිට ජිනීවා පැමිණි තරුණියක්ද තරුණයෙක්ද කරන්නාගොඩගේ නම ජිනීවා මානව හිමිකම් සමුළුව හමුවට ගෙනආ අයුරු අපි විශේෂයෙන් හෙළිකළෙමු.

මෙවර මිෂෙලි බැචලේ විනිසුරුවරිය නීතිපති සහ පැමිණිලිකාරිය වෙමින් ශ‍්‍රී ලංකාවේ නීතිපතිවරයා කරන්නාගොඩ බේරා ඇති බවට චෝදනා කළාය.

එහෙත් බැචලේට කරන්නාගොඩ නඩුවට මැදිහත්වීමට අයිතියක් නැත. මේ අන්දමට ඇය යුක්රේනයේ සහ බෙලරුස් රාජ්‍යයේ නඩුවලට මැදිහත් වන්නේද?

රහස් පොලිසිය හිටපු නාවික හමුදාපතිවරයාට එරෙහිව නඩුව පවරනු ලැබීමෙන් පසු ඔහුගේ නීතිඥයන් රහස් පොලිසියට බරපතළ චෝදනාවක් එල්ල කළේය. ඒ් හිටපු රහස් පොලිස් පරීක්‍ෂක නිශාන්ත සිල්වා රාජ්‍ය නොවන සංවිධාන සමඟ එක්ව කටයුතු කරන බවයි.

මේ බව අප විශේෂයෙන් හෙළිකළෙමු.

කරන්නාගොඩට නඩු පවරන්න කලින් රහස් තොරතුරු එළියට ගියේ කොහොමද?

එහෙත් යහපාලන රජය ඊට එරෙහිව පියවරක් ගත්තේ නැත. එහෙත් වසර 2 කට පසු මේ බව සනාථ වී තිබේ. වසන්ත කරන්නාගොඩ නඩුවේ රහස් ලිපිගොනු සියල්ල ජිනීවා මානව හිමිකම් කොමසාරිස් බැචලේ අතට පත්වී තිබේ. පසුගිය සතියේ දිනෙක එක් රහස් ලියැවිල්ලක් ජිනීවා නුවර සිටින සුනන්ද දේශප‍්‍රිය හෙවත් හිටපු එක්සත් ජාතීන්ගේ නිලධාරිනි යස්මින් සුකාගේ බඞ්ච සේවකයා වෙත ලැබී තිබේ. ඔහු එය සොයා බැලීමකින් තොරව ප‍්‍රකාශයට පත්කරනු ලැබීය.

මෙහිදී නැෙ`ගන ප‍්‍රශ්නය නම් නිශාන්ත සිල්වා ළඟ තිබූ රහස් ලිපියක් සුනන්ද දේශප‍්‍රියට ලැබීමයි.

2018 ජනපතිවරණයත් සමගම නිශාන්ත සිල්වා ස්විට්සර්ලන්තයට පැන ගියේය. සුනන්ද හෙවත් රංජි මල්ලී සිටින්නේද එම රටේයි. මෙම පසුබිම මැද ගතවූ කාලයේ රහස් පොලිසිය රාජ්‍ය නොවන සංවිධාන සමඟ එක්වී මෙරට හමුදා නිලධාරීන්ට එරෙහිව ගෙන ගිය දේශපාලන මෙහෙයුම අනාවරණය වේ. මේ දේශපාලන මෙහෙයුමට එවකට රජයේ ඉංග‍්‍රීසි පුවත්පතක මාධය පාර්ශ්ව පහක් සම්බන්ධ විය. මොවුන්ට රහස් පොලිසිය රහසිගත බී වාර්තා පවා ලබාදී ඇත.

එසේම වරක් ජිනීවා මානව හිමිකම් කොමසාරිස් පැවසුවේ තවත් රහස් පොලිස් වාර්තා තමන් දුටු බවයි. රහස් පොලිසිය සහ අධිකරණය සතු රහස් ලියැවිලි මෙලෙස ජිනීවාවලට ලැබුණේ කෙසේද?

රහසිගත වාර්තා පිටස්තර පාර්ශ්ව වලට ලැබීම දඬුවම් ලැබිය හැකි වරදක් බව හිටපු පොලිස් පරීක්‍ෂක නිශාන්ත සිල්වා විසින් හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩට පවසා තිබේ.

එහෙත් නිශාන්ත සිල්වා සතු රහස් වාර්තා මානව හිමිකම් කොමසාරිස්ට ලැබුණේ කෙසේද?

මේ අතර වසන්ත කරන්නාගොඩට එරෙහි නඩුවේ ප‍්‍රධාන සාක්කිකරුවන් දෙදෙනාද එම රහස් ලියැවිලිවලින් අනාවරණය වී ඇත. ඒ හිටපු නාවික හමුදාපති ට‍්‍රැවිස් සින්නයියා සහ කරන්නාගොඩගේ පුද්ගලික ලේකම්ව සිටි ෂෙමාල් ප‍්‍රනාන්දුයි. ට‍්‍රැවිස් සින්නයියා අද සිටින්නේ ඔස්ටේ‍්‍රලියාවේයි. මහින්ද රාජපක්‍ෂ රජය යටතේ දේශපාලන පලිගැනීමකට ලක්වූ බව කියමින් ඔහු යහපාලන රජය යටතේ නාවික හමුදාපති විය.

නාවික හමුදා සේවයෙන් ඉවත්වීමෙන් පසු සින්නයියා කොළඹ ඇමෙරිකානු තානාපති කාර්යාලයේ ආරක්‍ෂක ප‍්‍රධානියා විය. සින්නයියා සහ ෂෙමාල්ගේ සාක්කිද රාජ්‍ය නොවන සංවිධාන කි‍්‍රයාකාරීන් මෙන්ම මානව හිමිකම් කොමසාරිස්වරිය අතට පත්වී ඇත. එසේම රහස් පොලිසියේ වාර්තාවක පිටු තුනක්ද හිටපු නාවික හමුදාපති කරන්නාගොඩට ලැබීමෙන් එම පිටු 3 ආපසු දීමට සිදුවිය.

කරන්නාගොඩට නඩු පවරන්න කලින් රහස් තොරතුරු එළියට ගියේ කොහොමද?

එහෙත් පසුගිය සතියේ එම පිටු 3 සුනන්ද දේශප‍්‍රිය නැමැති රාජ්‍ය නොවන සංවිධාන කි‍්‍රයාකාරිකයාට ලැබී ඇත. හිටපු නාවික හමුදාපතිට චෝදනා එල්ලවූ මුල්වතාව මෙය නොවේ. 2018 මාර්තු ජිනීවා මානව හිමිකම් සමුළුවට ප‍්‍රංශයේ සිට ජෙයනි ත්‍යාගරාජා නැමැති ලාබාල තරුණියක්ද පැමිණ සිටියාය. ඇයව ප‍්‍රංශයේ සිට ජිනීවා වෙත කැඳවාගෙන පැමිණියේ ප‍්‍රංශ කොටි ඩයස්පෝරා නායක මරියදාස් බොස්කෝයි.

ඇයව අප මීට පෙර පැවැති මානව හිමිකම් සමුළුවලදී අප දුටුවේ නැත. මානව හිමිකම් සමුළුව අමතමින් ඇය එකවරම හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ වෙත බෝම්බයක් පතිත කළාය.

ඒ බෝම්බය මෙසේයි.

මගේ සොහොයුරා ජෙයනි වෙනුවෙන් මම යුක්තිය ඉල්ලන්නෙමි.

2008 සැප්තැම්බර් 12 වැනිදා ජෙයනිව නාවික හමුදා නිලධාරීන් පිරිසක් පැහැරගෙන ගියා.

ඔහුව ගලවා ගැනීමට අපි අතිවිශාල මුදලක් ගෙව්වා. එහෙත් එම මුදල අවි පෙන්වා පැහැරගනු ලැබුවා.

එහෙත් රහස් පොලිසියේ නිලධාරියකුවූ නිශාන්ත සිල්වා අපේ නිවසට පැමිණියා. එම පොලිස් නිලධාරියා පැවසුවේ සම්පත් මුණසිංහ නැමැති නාවික නිලධාරියා ප‍්‍රමුඛ කණ්ඩායමක් එම පැහැර ගැනීම කළ බවයි.

අද්මිරාල් වසන්ත කරන්නාගොඩ විසින් මෙහෙයවූ සුදු වෑන් කල්ලිය මෙම පැහැර ගැනීම සිදුකළ බව පොලිස් පරීක්‍ෂක නිශාන්ත සිල්වා තවදුරටත් පැවසූ බව එම ද්‍රවිඩ තරුණිය පැවැසුවාය.

ඇගේ මෙම බරපතළ චෝදනාවට එදා ජිනීවා සිටි ශ්‍රී ලංකා තානාපති විරෝධය පෑවේ නැත.

2018 මාර්තු මස ජෙයනි ත්‍යාගරාජා කළ එම හෙළිදරව්වෙන් පසු නිශාන්ත සිල්වා විසින් වසන්ත කරන්නාගොඩ එම ළමුන් පැහැර ගැනීමේ සිද්ධියේ 14 වැනි සැකකරු ලෙස නම් කළේ 2019 වසරේදීය. මේ නිසා හිටපු නාවික හමුදාපතිවරයා කොටුකිරීමේ සැලසුම දැන් හෙළිවී ඇත. ඒ ප‍්‍රංශ කොටි ඩයස්පෝරාව, රහස් පොලිසිය සහ රාජ්‍ය නොවන සංවිධාන කි‍්‍රයාකාරීන්ය. මෙහිදී නැගෙන බරපතළ ප‍්‍රශ්නය නම් රහස් පොලිසියේ සේවය කරමින් නිශාන්ත සිල්වා රාජ්‍ය රහස් හෙළිකිරීමයි.

එහෙත් යහපාලන රජය ඔහුට එරෙහිව විනය පියවර ගත්තේ නැත. අද ඔහුව රැකගැනීමට ඉදිරිපත් වී ඇත්තේ ස්විට්සර්ලන්තයෙන් පිං පඩි ලබන රංජි මල්ලි හෙවත් සුනන්ද දේශප‍්‍රිය නැමැත්තායි.

මෙලෙස 2018 දී ජිනීවා වලදී නම ප‍්‍රකාශයට පත්වූ වසන්ත කරන්නාගොඩ ගැන මානව හිමිකම් කොමසාරිස් මිෂෙලි බැචලේ කරුණු හෙළිකළේ 2021 සැප්තැම්බර් මසය. එසේම දේශපාලන පලිගැනීමේ ජනාධිපති කොමිසමේදී රහස් පොලිස් පරීක්‍ෂක නිශාන්ත සිල්වාගේ පැටිකිරිය හෙළිවිය. නාවික හමුදා කමාන්ඩර් සුමිත් රණසිංහ මෙලෙස හෙළිකරනු ලැබීය.

ත‍්‍රිකුණාමලයේ වධකාගාරයක් කරගෙන යනවා. කරන්නාගොඩ, ගෝඨභය අනදුන් බව කියන්නැයි රහස් පොලිසිය මට බලපෑම් කළා. එසේ කළහොත් සතියක් තුළ ඔස්ටේ‍්‍රලියාවට පවුලත් සමඟ යවන බව කියා සිටියා.

2015 වසරේදී ත‍්‍රිකුණාමලය කඳවුරට ගෝඨා කඳවුර ලෙස නමක් දමා තිබුණි. මේ කඳවුර බලන්න එක්සත් ජාතීන්ගේ කණ්ඩායමක් එවා තිබුණි.

අපේ කඳවුරේ සිටි බුද්ධි නායකයන් රැසක් සී අයි ඞී යට ගෙන්වා ප‍්‍රශ්න කළා. කඳවුරේ ඇටසැකිලි තිබී සොයාගත් බව ප‍්‍රකාශයට පත්වුණි.

මේ ඇටසැකිලි වන සතුන්ගේ බව රස පරීක්‍ෂකතුමා හෙළිකළා. එවිට අපට විය යුතු හානිය සිදුවී හමාරයි.

කමාන්ඩර් සුමිත් රණසිංහ තවදුරටත් පැවසුවේ මේවා ජාත්‍යන්තරයට යන ප‍්‍රශ්න නිසා ඕවට පැටෙලන්න එපා යනුවෙන් පොලිස් පරීක්‍ෂක නිශ්නාත සිල්වා පැවසූ බවයි.

නිශාන්ත සිල්වා කළ ප‍්‍රකාශය තවදුරටත් තහවුරු වූයේ කරන්නාගොඩ සිද්ධිය මේ වනවිට ජාත්‍යන්තරයට ගොස් ඇති බව හෙළිවීමයි. මේ අතර රහස් පොලිසිය සහ ඔස්ටේ‍්‍රලියානු බලධාරීන් අතර පැවැති රහස් සබඳතාවය ගැන විමර්ශනයක් පවත්වා නැත. එසේ වූවත් වසන්ත කරන්නාගොඩට එරෙහිව ලූතිනන් කමාන්ඩර් කි‍්‍රශාන්ත වෙලගෙදර නැමැති නාවික නිලධාරියා ඔස්ටේ‍්‍රලියාවට පැන ගියේය. වෙලගෙදරට මරණ තර්ජන එල්ල වී ඇති බවටද බොරු ප‍්‍රචාර දියත්වී තිබුණි. මේ නාවික නිලධාරියා ඔස්ටේ‍්‍රලියාවට ගියේ රහස් පොලිසියේ සහයෙන් බව දැන් සනාථ වී ඇත.

එහෙත් යහපාලන රජය හෝ වත්මන් රජය ක‍්‍රිශාන්ත වෙලගෙදර ඔස්ටේ‍්‍රලියා ගියේ කෙසේ දැයි පරීක්‍ෂණ කර නැත. එහෙත් මෙල්බන් නුවර ආරංචි මාර්ග පැවසුවේ වෙලගෙදර සිය බිරිය වූ හිටපු ගුවන් හමුදා නිලධාරිනිය සමඟ ඔස්ටේ‍්‍රලියාවේ දේශපාලන රැකවරණ පැතූ බවය. මෙලෙස ඔස්ටේ‍්‍රලියාවට පැනගිය වෙලගෙදරට රහස් පොලිසිය සාක්කිකරුවකු ලෙස අධිකරණය හමුවට ගෙන ආවේ නැත.

මේ වන විට හිටපු ආරක්‍ෂක ලේකම් (දැන් ජනපති) ඇමෙරිකාවේ සිට කටුනායක ගුවන් තොටුපළට එනවිට අත්අඩංගුවට ගැනීමේ රහස් මෙහෙයුමක්ද රහස් පොලිසිය දියත් කර තිබුණි. මේ බව හිටපු ජනපති මෛත‍්‍රිපාල සිරිසේනට වාර්තා වීම නිසා එය නතර විය.

මේ අතර කරන්නාගොඩ නඩුවට අදාළ රහස් තොරතුරු අධිකරණ බී වාර්තා රහස් පොලිසිය විසින් ජර්මනියේ ජේ ඞී එස් නැමැති රාජ්‍ය නොවන සංවිධානය වෙත ලබාදී ඇතැයි හෙළිවිය.

මෙම පසුබිම මැද රහස් පොලිසිය වසන්ත කරන්නාගොඩට එරෙහි ළමුන් පැහැර ගැනීමේ නඩුවේ 14 වැනි සැකකරු ලෙස නම් කළේ 2012 පෙබරවාරි 22 දායි. එහෙත් මානව හිමිකම් කවුන්සිලය 2018 මාර්තු මස දිනෙක පැමිණි ජෙයනි ත්‍යාගරාජා කරන්නාගොඩගේ නම හෙළිකරනු ලැබීය. තමාට කරන්නාගොඩ ගැන පැවසුවේ රහස් පොලිස් පරීක්‍ෂක නිශාන්ත සිල්වා බව ඇය හෙළිකළාය. එසේ නම් හිටපු නාවික හමුදාපති අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුමක් දියත් වී තිබූ බව පැහැදිලි වේ.

කරන්නාගොඩට නඩු පවරන්න කලින් රහස් තොරතුරු එළියට ගියේ කොහොමද?

මේ අතරේ එක්සත් ජාතීන්ගේ හිටපු නිලධාරිනි යස්මින් සුකා මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කළ වාර්තාවක මානව හිමිකම් උල්ලංඝනය කළ රහස් පොලිස් නිලධාරියකු ලෙස නිශාන්ත සිල්වාගේ නම සඳහන් විය. පසුව එම නම ඉවත්විය.

අද නිශාන්ත සිල්වා ස්විට්සර්ලන්තයේ පදිංචිවී සිටී. ඔහු සතු රහස් පොලිසියට අදාළ ලිපියක් එරට සිටින සුනන්ද දේශපි‍්‍රය හෙවත් රංජි මල්ලීට ලැබී ඇත. මෙය දඬුවම් ලැබිය හැකි වරදක් නොවේද?

ජනාධිපති කොමිසම හමුවේ සාක්කි දුන් ත‍්‍රස්ත මර්දන ඒකකයේ උසස් නිලධාරියකු පැවසුවේ රහස් පොලිස් මූලස්ථානය වෙත රාජ්‍ය නොවන සංවිධාන කි‍්‍රයාකාරීන් පැමිණෙන බවයි. මේ අතර යුද හමුදා සහ නාවික හමුදා ආරංචි මාර්ග පැවසුවේ මෙයට වසර කීපයකට පෙර සහකාර පොලිස් අධිකාරි කුලසිරි උඩුගම්පොළ හමුදා බුද්ධි අංශයේ රහස් ලබාගැනීමට කි‍්‍රයාකළ ආකාරයට වඩා බරපතළ ලෙස රහස් පොලිසිය අධිකරණය ලවා බුද්ධි අංශ රහස් ලබාගැනීමට දැඩි උත්සාහයක් ගත් බවය.

මෙම පසුබිම මැද වසන්ත කරන්නාගොඩ නඩුව පිළිබඳව ඔහුගේ නීතිවේදී රොමේෂ් සිල්වාට සහ අධිකරණයට පවා අවමන් කිරීමට රංජි මල්ලී නැමැත්තා කි‍්‍රයාකර ඇත. මේ අතර වසන්ත කරන්නාගොඩට එරෙහිව නඩුව ජිනීවා මානව හිමිකම් කොමසාරිස්වරිය වෙත යොමුකළේ කවුදැයි මේ වනවිට අනාවරණය වී ඇත. ඒ රාජ්‍ය නොවන සංවිධාන ජාලයයි.

මේ අතර වසර කීපයකට පෙර ව්‍යාජ උපවාසයකින් යාපනයේදී මියගිය තිලීපන් නැමැති ත‍්‍රස්තවාදියාව සැමරීමේ උත්සවයක් පැවැත්වීමට කි‍්‍රයාකළ ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් සහ සෙල්වරාසා තජේන්ද්‍රන් නැමැත්තන් පොලිස් අත්අඩංගුවට ගැනීමෙන් පසු ඇප මත මුදාහැරීමේ සිද්ධියක් අනාවරණය විය. නිරෝධායන නීතිරීති කඩකිරීමේ චෝදනා ඔවුන්ට එල්ල විය. මෙයට වසර කීපයකට පෙර පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයකුව සිටි තජේන්ද්‍රන් හමුදා භටයන් 10000 ක් පෙට්ටිවලින් කොළඹට එවන බවට තර්ජනය කර තිබුණි. තජේන්ද්‍රන් අත්අඩංගුවට ගැනීම ගැන බි‍්‍රතාන්‍යයේ ද්‍රවිඩයන් සඳහා වූ සර්ව පාක්‍ෂික පාර්ලිමේන්තු මන්ත‍්‍රී කණ්ඩායම කලබලයට පත්වී ඇත.

කරන්නාගොඩට නඩු පවරන්න කලින් රහස් තොරතුරු එළියට ගියේ කොහොමද?

ඒ ගැන පියවරක් ගන්නැයි බි‍්‍රතාන්‍ය විදේශ ලේකම්ගෙන් ඉල්ලා ඇත. එහෙත් මෙරට නීතිරීතිවලට එරෙහිව කොටි හිතවාදී බි‍්‍රතාන්‍ය මන්ත‍්‍රී කණ්ඩායමට ගත හැකි කි‍්‍රයාමාර්ගය කුමක්ද? මෙම අත්අඩංගුවට ගැනීමත් බි‍්‍රතාන්‍යයට වාර්තා කර ඇත්තේ මානව හිමිකම් උල්ලංඝනය කිරීමක් ලෙසිනි. මේ අතර රජය මානව හිමිකම් කොමසාරිස් මිෂෙලි බැචලේට මෙරටට එන ලෙස ඇරයුම් කර ඇතත් ඇය ඊට ප‍්‍රතිචාරයක් දක්වා නැත. ඒ වෙනුවට ඇය විශේෂ නියෝජිතයකු මෙරටට එවීමට තීරණය කර ඇත. මෙවන් පසුබිමක් මැද නිශාන්ත සිල්වා රහස් පොලිස් පරීක්‍ෂණවල තොරතුරු හෙළිකළ ජෙගනි ත්‍යාගරාජා අද ප‍්‍රංශයේ සිටී. ඇයට සහයවන්නේ ප‍්‍රංශ කොටි ඩයස්පෝරා නායක බොස්කෝ මරියදාස්ය.

advertistmentadvertistment
advertistmentadvertistment