කරාපිටිය රෝහලේ පිළිකා විකිරණ යන්ත්‍රය කැඩිලා

66


ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ පිලිකා ඒකකයේ ඇති පිළිකා විකිරණ යන්ත්‍රය ( කොබෝල්ට්) කැඩි ඇති බවත් මේ නිසා විකිරණ ප්‍රථිකාර ගතයුතු පිලිකා රෝගින් දැඩි අසරණ තත්වයට පත්ව ඇති බැව් සමස්ත ලංකා ඖෂධ බෙදාහරින්නන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් රවි කලංසුරිය මහතා පවසයි. මේ පිළිබද ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂක විශේෂඥ වෛද්‍ය එස්.ඩි.යු.එම් රංගා මහතා පැවසූවේ කොබෝල්ට් මැෂිම පරණ යන්ත්‍රයක්. මෙම යන්ත්‍රය නිතර නිතර ක්‍රියාවිරහිත වෙනවා. මෙම යන්ත්‍රය කැඩිලා කියලා ගිය මට වාර්තා වුනේ ඉකුත් 07 වැනිදා.මෙම යන්ත්‍රය අලුත්වැඩියා කරන්න කොළඹින් එන්න ඕන. ලබන සතිය වනවිට මෙම යන්ත්‍රය අලුත්වැඩියා කරගන්න පුළුවන් වේවි යැයි කියාය.

advertistmentadvertistment
advertistmentadvertistment