කල්මුණේ නාම යෝජනා තහනම තවදුරටත්

190

පළාත් පාලන ඡන්ද විමසීම සඳහා කල්මුණේ මහනගර සභාව වෙනුවෙන් නාමයෝජනා භාර ගැනීම වළක්වාලමින් නිකුත් කරන ලද තහනම් නියෝගය නඩු විභාගය අවසන් වන තෙක් දීර්ඝ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද තීන්දු කළේය.

සයිදමරුදු ප්‍රදේශයේ පදිංචිකරුවකු මෙන්ම රාජ්‍ය සේවා කොමිසමේ සාමාජිකයෙකු වූ ඒ එල් එම් සලීම් සහ පළාත් පාලන නියෝජිතයෙකු වන ඒ ආර් එම් අසීම් යන අය විසින් ඉදිරිපත් කළ පෙත්සමක් විභාගයට ගැනීමට අවසර දෙමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මෙම නියෝගය නිකුත් කරනු ලැබීය.

පෙත්සම මාර්තු මස 24 වනදා යළි කැඳවීමට ද නියම කර ඇත.


advertistmentadvertistment