කල්මුණේ වැසියෝ නගරය වසා විරෝධයේ

912

කල්මුණේ උතුරු ප්‍රාදේශීය ලේකම් කාර්යාලය නීති විරෝධී ලෙස උප කාර්යාලයක් ලෙස නම් කිරීම ඇතුළු පරිපාලන කටයුතු බිඳ දැමීමට එරෙහිව කල්මුණේ ප්‍රදේශවාසීන් ඊයේ ක්‍රියාත්මක කළ විරෝධතාව හේතුවෙන් නගරයේ දෛනික කටයුතු පැය 7 ක කාලයක් සම්පූර්ණයෙන් ඇන හිට තිබුණි.

ගැටලුවලට විසඳුම් ලබාදෙන ලෙස ඉල්ලමින් අඛණ්ඩව දින 92 ක් පුරා විරෝධතාව පැවැත්වෙන අතරතුර ඊයේ මෙම උද්ඝෝෂණය සංවිධානය කර තිබුණි.

උද්ඝෝෂණය හේතුවෙන් පෙරවරු 8.00 සිට පස්වරු 2.00 දක්වා නගරයේ කටයුතු අඩාල වී තිබූ අතර සවස ආණ්ඩුවේ බලධාරීන් සමග විරෝධතාකරුවන් සාකච්ඡාවකට එක් විය.

මේ අතර උද්ඝෝෂණය පැවැත්වෙන කාලය තුළ මහා ඝෝෂාවක් ඇති වන අයුරින් ගුවන් යානයක් අහසේ කැරකුණු බව උද්ඝෝෂකයෝ සඳහන් කරති.

advertistmentadvertistment
advertistmentadvertistment