ඉන්දියාව සහ ඉරානය අතර පවතින සබඳතා කලාපයේ ආරක්‍ෂාවට සහ ආර්ථික සංවර්ධනයට වැදගත් බව ඉන්දීය අගමැති නරේන්‍ද්‍ර මෝදි මහතා ඉරාන විදේශ ඇමැති අමීර් අබ්දුල්ලාහියන් මහතා වෙත පැවසීය.
ඉන්දියාවේ තෙදින නිල සංචාරයක නිරත වූ ඉරාන විදේශ ඇමැතිවරයා හමුවී ද්විපාර්ශ්වික සාකච්ඡාවක නිරත වූ අවස්ථාවේදී ඉන්දීය අගමැතිවරයා මේ බැව් පැවසීය.
දෙරට අතර වසර සියවස් ගණනාවක සිට පවතින සබඳතා තවදුරටත් වර්ධනය කරගත යුතු බවත්, ඉතා ඉක්මණින් ඉරාන ජනාධිපති ඊබ්‍රාහිම් රයිසි මහතා හමුවීමට බලාපොරොත්තු වන බවත් ඉන්දීය අගමැතිවරයා මෙහිදී සඳහන් කළේය.
සිවිල් සහ වාණිජ කටයුතුවලදී දෙරට අතර අන්‍යොන්‍ය සබඳතා පවත්වාගැනීම සහ සහයෝගය ලබා ගැනීම සඳහා ගිවිසුම් අත්සන් කිරීමේ වැදගත්කම ද මෙහිදී සාකච්ඡාවට ලක්වී ඇත.
ඇෆ්ගනිස්ථානය සහ යුක්රේනය ඇතුළු රටවල පවතින ගැටුම් සහ ගෝලීය සහ කලාපීය ගැටලු සම්බන්ධව ද මෙහිදී දෙපාර්ශ්වයේ අවධානය යොමුකර තිබේ.
ඉන්දියාවේ සංචාරය දෙරට අතර සබඳතා පුළුල් කිරීම සහ කලාපීය ගැටලු සහ ජාත්‍යන්තර වර්ධනයන් සම්බන්ධයෙන් සහයෝගිතාවය පිළිබඳ උපායමාර්ගික උපදේශන පැවැත්වීම අරමුණු කරගෙන ඇතැයි ඉරාන විදේශ අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
|