කවුරු මොන සන්ධාන ගැහුවත හරි ප්‍රතිපත්තියකට ඡන්දය ඉල්ලන්නේ ජන අරගල සන්ධානය පමණයි

73

ජනාධිපති අපේක්ෂක නුවන් බෝපගේ

කවුරුන් කුමන සන්ධාන බිහි කළත් රටේ ප්‍රශ්නවලට නිවැරදි විසඳුම් සහිතව ජනතාවාදී ප්‍රතිපත්ති ප්‍රකාශයක් ඉදිරිපත් කරමින් ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේ ජන අරගල සන්ධානය පමණක් යැයි එම සන්ධානයේ ජනාධිපති ධුර අපේක්ෂක නීතිඥ නුවන් බෝපගේ මහතා ඊයේ පැවසීය.

එම සන්ධානයේ කෑගල්ල දිස්ත්‍රික් විධායක සභාව පිහිටුවීම වෙනුවෙන් කෑගල්ල සණස ශාලාවේ පැවැති රැස්වීමකදී හෙතෙම මේ බව සඳහන් කළේය.

ඔහු මෙසේ ද පැවසීය.

දැන් එක එක සන්ධාන බිහිවෙනවා. සජිත්ලා දයාසිරිලා සන්ධානයක් ගැහුවලු. නාමල්ලත් තව සන්ධාන ගහනවලු. එයාලා මොන සන්ධාන ගැහුවත් මෙච්චර කල් කළේ රට බංකොලොත් කරපු එක. ජනතාවගේ ප්‍රශ්නවලට උත්තර නොදීපු එක. වතුකරයේ දෙමළ ජනතාවගේ ශ්‍රමය හූරන් කාලා? මුස්ලිම් ජනතාව රවට්ටපු අය ගහන සන්ධානවලින් ජනතාවට සෙතක් වෙන්නේ නෑ. ජනතාවට මේ සැරේ හිතන්න තියෙන්නේ ප්‍රතිපත්තියක් තියෙන අපට ඡන්දය දෙනවද නැත්නම් ප්‍රතිපත්තියක් නැති අනිත් උදවියට ඡන්දය දෙනවද කියලායි. රටේ ජනතාව ජන අරගල සන්ධානය සමග නිසි ප්‍රතිපත්තියට එක්වී රට දිනවන්න එක්වන බව අපට විශ්වාසයි.
අනුරාධ හිරිපිටියගේ

advertistmentadvertistment
advertistmentadvertistment