කසකස්තාන් විරෝධතා ඇතිවූයේ ගෑස් මිල වැඩිවීම නිසාද?

201

10000ක් අත්අඩංගුවට
ත‍්‍රස්ත මර්දන ප‍්‍රධානියාත් ඒ අතර

කසකස්තාන් ජනතා විරෝධයක් ඇති වූයේ ගෑස් මිල ඉහළ දැමීම නිසා බවට වාර්තා විය.

එහෙත් සත්‍යය නම් රජය පෙරළා දැමීමේ අරමුණින් රට තුළ විරෝධතා ඇති කිරීමට ත‍්‍රස්තවාදීන් පිරිසක් කි‍්‍රයා කිරීමයි.

මේ විරෝධතාවය මර්දනය කිරීමට එරට ආරක්ෂක අංශ අසමත් විය. අසරණ තත්ත්වයට පත්වූ කසකස්තාන් ජනාධිපතිවරයා රුසියානු නායක ව්ලඩමිර් පුටින්ගේ සහාය පැතීය.

ඔහු විසින් 2500ක පැරෂුට් සේනාංකයක් කසකස්තානයට එවනු ලැබීය. ඒ වනවිට කොල්ලකෑම් සහ ගිනිතැබීම් රැුසක් සිදුවී තිබිණි.

කසකස්තානය යනු ලොව අංක එකේ යුරේනියම් නිෂ්පාදනය කරන රටකි. රට තුළ අර්බුදකාරීත්වයක් මතුවීමත් සමගම යුරේනියම්වල මිල සියයට 8කින් වැඩි විය. න්‍යෂ්ටික බලාගාරවලට අවශ්‍ය යුරේනියම් සපයන රටවල් අතර කසකස්තාන් අංක එකේය.

මේ හැර ලොව තෙල් නිපදවන 9 වැනි විශාලතම රට කසකස්තානයයි. 2021 දී කසකස්තානය තෙල් ටොන් මිලියන 88.7ක් නිපද වූ බව වාර්තා විය.

මධ්‍යම ආසියාවේ ගයිට්‍රෝ තාවය සහ ඛනිජ සම්පත්වලින් පිරී කසකස්තානයට 1991 දී නිදහස ලැබීමෙන් පසු වෙනම රටක් බවට පත් විය.

උපාය මාර්ගික කේන්ද්‍රස්ථානයක පිහිටි කසකස්තානය යුරෝපයට සහ රුසියාවට සම්බන්ධ වී ඇත. තවත් පැත්තකින් කැප්සියන් මුහුදට ද සම්බන්ධ වී ඇත. කැප්සියන් මුහුුදේ ඇති වරාය මගින් කසකස්තානය සිය භාණ්ඩ අපනයනය කරයි.

තෙල් සම්පත්වලින් පොහොසත් කසකස්තානය තුළ ජනපතිට විරෝධතා ඇති වීමට හේතු වූයේ කුමක්ද?

ඒ රට තුළ ඉන්ධන සැපයුම අඩු වී තෙල් මිල දෙගුණයක් වීමය. එහි ප‍්‍රතිඵලය වූයේ අල්ටාට් නගරය අවට කොල්ලකෑම් වර්ධනය වීමය. ජනවාරි 4 වැනිදා අල්ටාට් නගරයේ ද කලබල ඇති වූ අතර ඉන් මහා විනාශකාරී තත්ත්වයක් උදා විය.

සාප්පු රැුසක් කොල්ලකෑමට ලක්විය. සෙබළුන් මෙම කොල්ලකෑම් වැළැක්වීමට දැරූ උත්සාහයත් ව්‍යර්ථ විය.

මේ වනවිට 6000කට අධික විරෝධතාකරුවන් අත්අඩංගුවට ගෙන ඇතැයි අනාවරණය විය.

මේ අතර කසකස්තාන් ජනපති නාසියම් ටොකාගෙව් පැවසුවේ කසකස්තාන් රජය පෙරළා දැමීමේ කුමන්ත‍්‍රණයක් දියත් වූ බවයි.

මේ කුමන්ත‍්‍රණය පරාජය වූයේ රුසියානු සාම සේනාංකය පැමිණීම නිසා බව පැවසූ ජනපතිවරයා රට තුළ වියවුල් ඇති කළ ත‍්‍රස්තවාදීන් පසුපස හඹා යන බව කියා සිටියේය.

විරෝධතාවලට මුවා වී ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව අවතක්සේරු කිරීමට සහ බලය අල්ලා ගැනීමටත් ඇතැමුන් සැලසුම් කළා යැයි ඔහු තවදුරටත් පළ කළේය. තෙල් මිල වැඩි වීමට එරෙහිව විරෝධතා ඇති වූයේ සතියකට පෙරය. එහෙත් එය එකවරම පුළුල් විරෝධතාවක් බවට පත් විය. කසකස්තාන් ජනපති පැවසුවේ රජය පෙරළීමේ කුමන්ත‍්‍රණයට සම්බන්ධ ත‍්‍රස්තවාදීන් මර්දනයට විශාල මෙහෙයුමක් දියත් කරන බවයි. මේ සඳහා 2030ක බලසේනාවක් හා හමුදා උපාංග 250ක් යොදවා ඇතැයි හෙතෙම හෙළි කළේය.

මේ අතර කසකස්තානයේ හිටපු ත‍්‍රස්ත මර්දන ප‍්‍රධානී කරිං මයිටොම් ද අත්අඩංගුවට ගෙන ඇත. ඔහු ත‍්‍රස්තවාදීන්ට සහාය වී ඇතැයි රජය සැක කරයි.

කසකස්තාන් අන්තර්ජාල සේවා යථා තත්ත්වයට පත් කර ඇති අතර කලබලකාරි තත්ත්වය සමනය වී ඇතැයි වාර්තාවේ. එහෙත් ඉදිරියේදී කුමක් සිදුවිය හැකිද?

ජනපති ටොකාසේ මේ වනවිට ත‍්‍රස්තවාදීන්ට දුටුතැන වෙඩි තැබීමේ නියෝගය නිකුත් කර ඇත. එසේම උපාය මාර්ගික ස්ථානවල ආරක්ෂාව රුසියානු සාම හමුදාවට පවරා තිබේ. එම ස්ථාන කුමක්දැයි කසකස්තාන් රජය හෙළි කර නැත. මේ අතර කසකස්තාන් අර්බුදය ගෑස් මිල වැඩි වීම නිසා සිදු වූවක් යන කාරණය රජය ප‍්‍රතික්ෂේප කර තිබේ. ගෑස් මිල දෙගුණයකින් වැඩි කිරීම නිසා පැරණි සෝවියට් ප‍්‍රාන්තයක් වූ කසකස්තානයේ ප‍්‍රචණ්ඩ කි‍්‍රයා සිදු වී 164කට අධික සංඛ්‍යාවක් මරුමුවට පත් වී ඇතැයි මේ වනවිට තොරතුරු හෙළි වී ඇත.

කසකස්තාන් ජනපතිවරයා පැවසුවේ විදේශ ත‍්‍රස්තයන් රට වෙත ඇතුළු වී කලබලකාරි තත්ත්වයක් ඇති කරන බව හෙළි වී ඇති බවයි. ඒ සමගම ඔහු රුසියාවේ සහාය පැතීය. ඛනිජ සම්පත්වලින් පිරි කසකස්තානය වෙත ක්ෂණයකින් පැරෂුට් සේනාංකයක් එවීමට රුසියානු ජනපති ව්ලඩමිර් පුටින් කි‍්‍රයා කළේය.

පුටින් එම සේනාංකය හඳුන්වනු ලැබුවේ සාම සේනාංකයක් ලෙසිනි. මේ අතර කසකස්තාන රජය ඉල්ලා අස් විය. සිදු වූ ගැටුම්වලින් පොලිසිය සහ ආරක්ෂක හමුදාවේ 353ක් තුවාල ලැබූ අතර 12ක් මරුමුවට පත් විය.

මේ පසුබිම මැද කසකස්තාන් ජනපති ජොමායි ටොකාගෙව් ආරක්ෂක සහයෝගිතා සංවිධානයේ සහාය පැතීය. මෙම සංවිධානයට රුසියාව, ආර්මේනියාව, බෙලාරුස්, කිරිගිස්තාන් සහ ටජිකිස්තාන් යන රටවල් අයත් විය. එම රටවල් එම ඉල්ලීමට එකඟ වූ අතර රුසියාව, විසින් හමුදා සේනාංකයක් එවනු ලැබීය.

නව අවුරුදු උදාවත් සමගම ගෑස් මිල දෙගුණයකින් වැඩි කිරීමට කසකස්තාන් රජය කි‍්‍රයා කිරීමෙන් සිදු වූයේ රට අරාජික තත්ත්වයට පත් වීමය. ජනපති මන්දිරයට පවා ගිනි තැබීමට ප‍්‍රචණ්ඩකාරීහු කි‍්‍රයා කළහ.

කසකස්තාන් රජය විසින් ගෑස් මිල අඩු කිරීමට කි‍්‍රයා කළත් රට තුළ උද්ධමනය වැඩි වී තිබිණි.

මේ අතර ගෑස් මිල වැඩි කිරීම කසකස්තානයේ නගර 7ක් කරා පැතිරී ගියේය.

බියට පත්වූ කසකස්තාන් අගමැති අස්තාර් මාටින් සියලූම ගෑස් අලෙවි සමාගම් වෙත නියෝගයක් කරමින් වහාම ගෑස් මිල අඩු කරන ලෙස කියා සිටියේය.

මේ අතර කසකස්තානය පාලනය කරන්නේ ක්‍රෙම්ලිනය බවට ද චෝදනා එල්ල විය.

කසකස්තානය වසර ගණනාවක් පාලනය කළ මුල් ජනපති නුර්පුල්තාන් නස්රබායෙව් 2021 අවසානයේ සිට ජනතාවට දක්නට නොලැබුණ අතර මෑතකදී වාර්තා වූයේ ඔහු කසකස්තාන් අගනුවර සිටින බවයි.

මේ අතර වත්මන් ජනපති ටොගාසෙව් දුර්වල පුද්ගලයකු ලෙසට වාර්තා වූයේ රටේ විරෝධතාවයන් මර්දනය කිරීම සඳහා ඔහු රුසියානු හමුදාවට ඇරයුම් කිරීම නිසාය. මේ පසුබිම මැද කසකස්තාන් හුමදාව කළ හොර වැඩක් එක්සත් ජාතීන්ගේ සාම සාධක බළකා බළදාරීන්ට හසු විය. සාම සාධක බළකාය භාවිතා කරන නිල් පැහැති හෙල්මට් පැලඳ සිටි කසකස්තාන් හමුදා භටයන් ගැන හෙළිවීමත් සමගම එක්සත් ජාතීන්ගේ බලධාරිහු ඊට විරෝධය පෑහ.

මේ සම්බන්ධව එක්සත් ජාතීන්ගේ කසකස්තාන් තානාපතිවරයා පැවසුවේ නිල් පැහැති හෙල්මට්වල එක්සත් ජාතීන්ගේ ලාංඡුන සලකුණු කර නැති බවයි.

එහෙත් නිල් පැහැති හෙල්මට් භාවිතා කර ඇත්තේ කසකස්තාන් ජනතාව මුළා කිරීමටයි. මේ අතර කසකස්තානයේ අර්බුදය නිමා වී ඇති බව රජය කියා සිටී. එම තත්ත්වය මත එහි සිටි රුසියානු හමුදා සේනාංක ලබන සතියේදී ඉවත් වීමට නියමිතය.

ගෑස් මිල වැඩිවීම නිසා සටනක් අර්බුදයක් බවට පත්වූ කසකස්තාන් අර්බුදයත් සමගම ජනපති ටොකාසෙව් කැබිනට් මණ්ඩලයම පහ කළේය.

අලූත්ම වාර්තාවක දැක්වූයේ විනාශකාරී කි‍්‍රයා දේපළ කොල්ලකෑම් ඇතුළු රාජ්‍ය විරෝධි කි‍්‍රයා සඳහා 16000ක් අත්අඩංගුවට ගෙන ඇති බවයි.

ජනපති ටොකාසෙව් තවදුරටත් පැවසුවේ විරෝධතා මුළුමනින්ම මර්දනය කළ බවයි.

එහෙත් කසකස්තාන් අර්බුදයේ ගිනි පුපුරු ඉදිරියේදී යළි මතු වීමට ඉඩ ඇත. කැබිනට්ටුව පහ කිරිම සමගම ජනපතිට එරෙහි සතුරු පිරිස වැඩි වී ඇත.

එසේම විරෝධතා නිසා විනාශ වූ දේපළවල වටිනාකම කොතෙක්දැයි අනාවරණය වී නොමැත.

කසකස්තාන් අර්බුදය තුළින් පෙන්නුම් කර ඇත්තේ පැරණි සෝවියට් ප‍්‍රාන්තයක් රුසියාවේ සහාය පැතීමයි.

මේ අතර ඇමරිකානු රජය ද රුසියානු රජය කසකස්තාන් ප‍්‍රාන්තයට මැදිහත් වීම ගැන විරෝධය දක්වා තිබේ.

කීර්ති වර්ණකුලසූරිය

advertistmentadvertistment