කහටගස්දිගිලියේදී පොලිසිය ප‍්‍රහාරයක්

147


කහටගස්දිගිලිය කුරුක්කුරාගම ප්‍රදේශයේදී ඊයේ පොලිස් නිලධාරීන් පිරිසක් මත්ද්‍රව්‍ය වැටලීමකට ගිය අවස්ථාවකදීප්‍රහාරයක් එල්ලවී ඇත.

අනුරාධපුර කොට්ඨාස විෂ මත්ද්‍රව්‍ය ඒකකයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත සිදුකළ එම වැටලීමේදී හොරොයින් ග්‍රෑම් 27ක් සමග 18 හැවිරිදි සැකකරුවකු අත්අඩංගුවට ගෙන තිබේ.

එහිදී එම ස්ථානයට පැමිණි පිරිසක් පොලිස් නිලධාරීන්ට පහරදී සැකකරු මුදාගැනීමට උත්සාහ දරා ඇති බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි.

පහරකෑමට ලක්වූ පොලිස් පරීක්ෂකවරයකු සහ පොලිස් කොස්තාපල්වරයකු ප්‍රතිකාර සඳහා අනුරාධපුර රෝහලට ඇතුළත් කර තිබේ.

පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කර පහරදීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් 09 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර කාන්තාවන් 06 දෙනෙකු ඒ අතර වන බව පොලීසිය පවසයි.

සැකකරුවන් සහ සැකකාරියන් අද අනුරාධපුර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.


advertistmentadvertistment