කළගුණ අමතක නොකරන විනිසුරු ඉලන්චේලියන්…

114

වවුනියාව මහාධිකරණ විනිසුරු මානික්කවාසගම් ඉලන්චෙලියන් මහතා යාපනයේ සේවය කරමින් සිටියදී ඔහුව ඝාතනය කිරීමට පැමිණි පිස්තෝලකරුවාගේ වෙඩි ප්‍රහාරයකට ලක්ව මියගිය පොලිස් සැරයන්වරයාගේ වසර පහේ දානමය පින්කම ඉලන්චෙලියන් මහතාගේ ප්‍රධානත්වයෙන් 22 දා හලාවත ආරච්චිකට්ටුව ප්‍රදේශයේදී සිදු කොට තිබේ.

විනිසුරුවරයා යාපනයේ සේවය කරමින් සිටියදී ඔහුගේ ආරක්ෂාවට සිටි පොලිස් සැරයන් හේමචන්ද්‍ර මහතා මියගිය දිනයේ සිට ඔහුගේ පවුලේ වගකීම් සියල්ල ඉලන්චෙලියන් විනිසුරුවරයා විසින් බාර ගෙන කටයුතු කරනු ලබයි.

හේමචන්ද්‍ර මහතාගේ දරුවන් දෙදෙනාගේ අධ්‍යාපන කටයුතු සම්බන්ධයෙන් නිරන්තරයෙන්ම සොයා බලන මෙම විනිසුරුවරයා හේමචන්ද්‍ර සැරයන්වරයා මියගොස් තෙමස් පූර්ණ දානය ලබාදෙන විට ඔහුගේ පවුලට නව නිවසක් ඉදිකොට දීමටද පියවර ගෙන තිබුණි.

දිනසේන රතුගමගේ
 

advertistmentadvertistment
advertistmentadvertistment