කළුතර උපකාරක පංති පැමිණි සිසුවියන්ට අතවර කළ නඩුව: ‘ටියුෂන් ගුරාට නීති ආධාර එපා’ – ප්‍රදේශවාසීන්ගෙන් නිහඬ විරෝධතාවක්

593

කළුතර උපකාරක පංතිවලට සහභාගී වූ සිසුවියන් පිරිසකට ලිංගික අතවර කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ලවී දැනට රිමාන්ඩ් බන්ධනාගාර ගතකර සිටින ටියුෂන් ගුරුවරයා ඊයේ (26 දා) කළුතර මහෙස්ත්‍රාත් අධිකරණයට රැගෙන එන ලදී.

කළුතර උතුර, සුභසාධක මාවතේ පදිංචි විදානආරච්චි අසංක තිවංක ජයවික්‍රම යන 30 හැවිරිදි අය මෙසේ අධිකරණයට රැගෙන එනු ලැබීය. සැකකරු අධිකරණයට ගෙන එන මොහොතේ කළුතර උතුර ප්‍රදේශයේ පදිංචි තරුණයන් පිරිසක් ඔහුට නීතිමය ආධාර ලබා නොදෙන ලෙසත්, නීතිය දැඩි ලෙස ක්‍රියාත්මක කරන ලෙසත් ඉල්ලමින් නිහඬ විරෝධතාවක නිරත විය.

ගල්පාත – චන්දන පෙරේරා

advertistmentadvertistment
advertistmentadvertistment