කළුතර පොකට් ලොක්කා කොටුකර ගැනේ

88

කොළඹ, මතුගම සහ කළුතර මතුගම සහ බදුරලිය ඇතුළු තදාසන්න ප්‍රදේශවල බස් රථවල මගීන්ගේ මුදල් පසුම්බි සංවිධානාත්මක ලෙස සොරකම් කළ කළුතර පොකට් ලොක්කා නැමැති අන්වර්ථ නාමයෙන් හදුන්වන පුද්ගලයකු සහ ඔහුගේ

සහායකයා අත්අඩංගුවට ගත් බව කළුතර අපරාධ කොට්ඨාසය පවසයි. ප්‍රධාන සැකකරු සන්තකයේ හෙරොයින් මත්කුඩු ග්‍රෑම් හතකට ආසන්න ප්‍රමාණයක්ද හමුවූ බව පොලිසිය කීය.

සොරකම් කළ මුදල් පසුම්බි වල තිබූ බැංකු කාඩ්පත් උපයෝගී කරගනිමින් සුපිරි වෙළදසල් වෙතින් භාණ්ඩ මිලදී ගත් අවස්ථාවන්හී සී.සී.ටී.වී. දර්ශණ උපයෝගී කරගනිමින් සැකකරුවන් අත්අඩංගුවට ගත්බව පොලිසිය කීය.

සැකකරුවන් මතුගම මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබූණි. අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරී ක්‍රිෂාන්ත මහතාගේ උපදෙස් පරිදි, ස්ථානාධිපති පොලිස් පරීක්ෂක තිලංග සංජීව මහතාගේ ප්‍රධානත්වයෙන් උප පොලිස් පරීක්ෂක මධුෂාන්, සැරයන්වරුන්වන සමන්තිලක (41104), ප්‍රසන්න (69479) සහ ජයසූරිය (69615) යන නිලධාරීන් පිරිස වැටලීමට එක්වූහ.
ආර්.ඒ.එස්. ප්‍රේමතිලක – බණ්ඩාරගම

advertistmentadvertistment
advertistmentadvertistment